Interviewsඅපි අපේ මොළයෙන් 10% ක් විතරයි පාවිච්චි කරන්නෙ

අපි අපේ මොළයෙන් 10% ක් විතරයි පාවිච්චි කරන්නෙ

-

spot_img

අපි අපේ මොළයෙන් 10% ක් විතරයි පාවිච්චි කරන්නෙ – David Lynch

ඩේවිඩ් ලින්ච් යනු ලෝක සිනමාවේ සාම්ප්‍රදායික සීමා අභියෝගයට ලක් කරමින්, සිහින, අඳුරු මනෝභාවයන්, අභිරහස් සහ මිනිස් මනසේ සැඟවුණු පැතිකඩයන් තම නිර්මාණවලට ගෙන ආ අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. චිත්‍ර කලාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ ඔහු පසුව එම දෘශ්‍ය කලා පසුබිම සිනමා භාෂාව තුළට ගෙන එමින් තමන්ටම අනන්‍ය වූ නිර්මාණාත්මක ශෛලියක් ගොඩනඟා ගත්තේය. ඔහුගේ සිනමා ලෝකය තුළ සාමාන්‍ය ජීවිතයේ සුන්දරත්වයත්, එහි යටින් සැඟවී ඇති දුක්මුසු බවත් එකවර දැකගත හැකිය. ලින්ච්ගේ ගේ සිනමාව බොහෝ විට ප්‍රේක්ෂකයාට තමන්ගේම අර්ථකථනයක් ගොඩනඟා ගැනීමට ඉඩ සලසයි. 2025 ජනවාරි 16 වැනිදා, 78 වැනි වියේදී මේ විශිෂ්ට අධ්‍යක්ෂකවරයා මෙලොවින් සමුගත්තේය. එහෙත් ඔහු නිර්මාණය කළ සිහිනමය සහ අභිරහස් සිනමා ලෝකය සදාතනික එකකි.

• මිස්ට ලින්ච්, ඔබ වැඩිපුර කේන්ති යන නිසාද භාවනාව ඉගෙන ගත්තේ?

නැහැ. මට තේරුණා මට කේන්ති යන බව. ගොඩක් අයට මේ වගේ තරහ යනවා. මාත් ඒ අයගෙන් කෙනෙක්. මිනිස්සු තරහෙන් මිදෙන්න ඒක අනිත් අයගෙ පිට දානවා. මම නං මගෙ බිරිඳට. මම භාවනා කරන්න අරන් සති දෙකක් ගියාට පස්සෙ ඇය මා ළඟට ආවා. මම ඇහුවා මොකද වෙන්නෙ කියලා. ඇය උත්තර දුන්නා ඔයා මොකක්ද ඒකෙන් අදහස් කරන්නෙ කියලා. මගෙ තරහ කොහෙද ගිහින් කියලා මම කිව්වා. ගොඩක් වෙලාවට මිනිස්සු භාවනා කරන්න ගත්තම ළඟ ඉන්න අයට ඔවුන්ගෙ වෙනස දැනෙන්න ගන්නවා.

David Lynch

• ඔබ භාවනා කරන්න හිතුවෙ ඇයි?

මම ඒක තෝර ගත්තේ 1973 අවුරුද්දෙදි. භාවනාවෙන් මනුස්සයෙක්ට බුද්ධත්වය ලබා ගන්න පුළුවන්. ඒ අදහස මාව පිස්සු වැට්ටුවා. මොකද අපි අපේ මොළයෙන් සියයට පහක් හෝ දහයක් විතරයි පාවිච්චි කරන්නෙ කියලා කියනවා. අනෙක් කොටස මොනවටද? ඔබට තව තවත් ලැබෙන්නේ කොහොමද සහ ඔබට ලබා ගත හැකි උපරිමය මොකක්ද? ගොඩක් අය කිව්වෙ භාවනාව කියන්නෙ ජොගිං යන එක හරි බීච් එකේ අව්වෙ වැතිරිලා ඉඳීම වගෙ දෙයක් කියලා. මේකෙන් පේන්නෙ භාවනාව ගැන ගොඩක් අය වැරදි වැටහීමක ඉන්න වග. භාවනාව කියන්නෙ අභ්‍යන්තරය, ජීවිතයේ ගැඹුරුම මට්ටමට, අතික්‍රමණය, සම්පූර්ණත්වය සහ යථාර්ථයට ගොස් ඒක අත්විඳීමට තියෙන මාර්ගයක්.

• ඔබේ චිත්‍රපට ඉහළ විඥානයකින් මෙහෙයවනු ලබන නිසා ඔබ වඩා හොඳ කලාකරුවෙකු යැයි ඔබ සිතනවාද?

මම දන්නේ නැහැ. ඔබ භාවනා කිරීමට පටන් ගත්තම ඔබට ගැඹුරු මට්ටමකින් අදහස් අල්ලා ගන්න පුළුවන්. බුද්ධිය වර්ධනය වන අතර, බුද්ධිය කියන්නෙ කලාකරුවෙකුට තියෙන්න ඕනෙ අංක එකේ මෙවලමක්. හැඟීම සහ චින්තනය ඒකාබද්ධ වෙනවා. ඔබ සිතුවමක් අඳිනකොට එය ඔබ දන්නා ආකාරයටම නිමවෙන අතර ඔබ එය ඇඳීමෙන් ගොඩක් දේවල් භුක්ති විඳිනවා. චිත්‍රපට සමඟත් ඒක එහෙමයි. වැඩ කිරීමෙන් ලැබෙන සතුට වැඩියි. හැම දේකින්ම ලැබෙන සතුට වැඩියි. අදහස් ගලා යන අතර ඔබට එය නිවැරදිව අල්ලා ගැනීමට පුළුවන් බව දැනෙන එක. ඔබ දන්නව ඒ මොකක්ද කියලා. ඒක දැනීමට වර්ධනය වන දැනුමක්. ඒක ඇත්තෙන්ම ලස්සනයි.

David Lynch

• ඔබ තවමත් ඉඳහිට හරි කලකිරීමට හෝ මානසික අවපීඩනයට පත් වෙනවාද?

ඔබට තවමත් මානසික අවපීඩනයේ හෝ වෛරයේ රැල්ලක් ඇතිවෙන්න පුළුවන්. ඒ හැමදෙයක්ම සාපේක්ෂයි. අඩු වැඩි වශයෙන්. ඒ නිසා දුක් වේදනා පහව යන්න ගන්නවා. මනුස්සය කියන කෙනා දුක් විඳින්න නිර්මාණය වෙලා නැහැ. සතුට තමයි අපේ ස්වභාවය. අපි සතුටින් ඉන්න ඕනේ. සතුටින් ඉන්නව කියන එක සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් දෙයක්. හැබෑම සතුට පුළුල් දැක්මකින් දේවල් කිරීමෙන් ලැබෙන සතුට. දේවල් කිරීම, ජීවත්වීමේ සතුටයි. මේ සතුට ක්‍රමයෙන් වර්ධනය වෙනකොට වඩාත් තීව්‍ර වෙන්න ගන්නවා.

• එය ඔබේ දෛනික ජීවිතයට බලපාන ආකාරය කියන්න පුළුවන්ද?

ජීවිතයේ සිදුවීම් එලෙසින්ම පවතිනවා. නමුත් ඔබ ඒවා හරහා යන ආකාරය යහපත් වෙනවා. මගේ Dune චිත්‍රපටයේ, ඒ අත්දැකීම මාව ඉවර කරලා දාන තරමට තිබුණා. ඒක හරි භයානකයි. මම මගේ චිත්‍රපට එක්ක ගොඩක් දේවල් හඳුනගත්තා. මම විකිණිලා කියලා මම දැනන් උන්නා. භාවනාව මාව ආගාධයකට වැටීමෙන් බේරගත්තා. කියමනක් තියෙනවා “ලෝකය ඔබ සිටින ආකාරයමයි”. ඔබට තද කොළ පාට අපිරිසිදු කණ්නාඩි දාගන්න පුළුවන්. එතකොට ඒ ඔබ දකින ලෝකය. නැත්නම් ඔබ ඇතුළට කිමිදෙන්න පටන් අරන් ප්‍රීතිමත් විඥානය, නිර්මාණශීලිත්වය, බුද්ධිය, මේ සියලු ප්‍රයෝජනවත් දේවල්වල අසීමිත සාරය අත්විඳින්න පුළුවන්.

David Lynch

• මම කියන්නේ ඔබේ චිත්‍රපටි අඳුරු කණ්නාඩි වලින් ලෝකය දිහා බලනව කියලා. ඒ ඇයි?

ඔබ චිත්‍රපටියක් බලලා චිත්‍රපටියේ ආරම්භය සාමකාමී නම්, මැද සාමකාමී නම්, අවසානය සාමකාමී නම් – මේක මොන වගේ කතාවක්ද? කතාවක් කියන්න ඔබට වෙනසක් සහ ගැටුමක් අවශ්‍යයි. කතන්දරවලට අඳුර සහ ආලෝකය, කැළඹිලි, මේ ඔක්කොම තිබිය යුතුයි. ඒකෙන් අදහස් කරන්නේ දුක් වේදනා පෙන්වන්න චිත්‍රපට නිෂ්පාදකයා දුක් විඳිය යුතුයි කියලා. කතන්දරවල දුක් වේදනා තියෙන්න ඕනේ.

• චිත්‍රපටයක් සඳහා අදහසක් හටගන්නෙ කොහොමද?

මම හැමතිස්සෙම කියන්නේ මම අදහස් කියන බෝට්ටුව පදවනවා. අදහස් කියන්නෙ දැවැන්තම ආශිර්වාදයක්. ඒක තමයි ඔයා අල්ලගන්න උත්සාහ කරන දේ. ඔයා ආදරේ කරන අදහසක්. මම පොතකින් හරි වෙන කෙනෙකුගේ තිර රචනයකින් නොවන චිත්‍රපටයක් නිර්මාණය කළ හැම අවස්ථාවකම, ඒක එකම විදිහට සිද්ධ වෙනවා. මුළු අදහසම එකපාරටම එන්නේ නැහැ, නමුත් දේවල්වල කොටස් ඇවිත් ඒ කොටස් පිටපතක් බවට පත් වෙනවා. ඔබ අදහස ලියා ඊළඟ අදහස එනකම් ඒක පරිස්සමට තියාගන්නවා. ටිකෙන් ටික අදහස් පිටපතක් සොයා ගන්නවා. ඒක සංවිධානාත්මක අදහස් එකතුවක්. ඊට පස්සේ ඔයා ගිහින් ඒ පිටපත රූගත කරලා සංස්කරණය කරලා ශබ්ද සහ සංගීතය මිශ්‍ර කරනවා. ඒක ක්‍රියාවලියක්. අදහසකට වඩා වියුක්ත කතාවක් දෙන්න පුළුවන්, ඒ වගේම එතරම් කෙළින් නොවන කතාවක්, සමහර විට ඒක ඔබට වඩාත් කෙළින් කතාවක් ලබා දෙනවා.

David Lynch

• ඔයා කැමති මොනවටද?

මම විවිධ වර්ගයේ සිනමාවට කැමතියි. නීති නැහැ. සමහර වියුක්ත දේවල් මාව කොහෙත්ම කම්පනය කරන්නේ නැහැ, සමහර ඒවා මාව පිස්සුවෙන් වගේ ආකර්ෂණය කර ගන්නවා. සමහර චිත්‍රපට මට කිසිම දෙයක් කරන්නේ නැහැ, සමහර ඒවා ඇත්තටම මගේ හිතට ගිනි අවුලුවනවා. ඒ තමයි සිනමාව. බිලියන ගණනක් අංග. සිනමාව, ඔවුන් පවසන්නෙ කලාවන් හතක් ඒකාබද්ධ කරනව කියලා. එය බොහොම පරිපූර්ණ මාධ්‍යයක්. අදහස් එනවනං එය ඔබව වෙනත් ස්ථානවලට යන එක වළක්වන්නේ නැහැ. සිනමාව කියන්නෙ බලවත්, විශේෂ, සුන්දර මාධ්‍යයක්.

• ඔබගෙ සිත් ඇදගත්ත චිත්‍රපට තියෙනවද?

හැම කෙනෙක්ම තමන්ගෙම හඬ සොයා ගත යුතුයි. කොපි කරන්න නෙමේ. Godard, Fellini සහ Bergman මගේ වීරයන්. Sunset Boulevard, Rear Window, 8 ½, Jacques Tati ගෙ My Uncle නැත්තං Monsieur Hulot’s Holiday, Rear Window, Kubrick ගෙ හැම චිත්‍රපටයක්ම, Fellini ගෙ හැම චිත්‍රපටයක්ම, ගොඩක් වෙලාවට Bergman ගෙ චිත්‍රපට. මට ආශ්වාදයක් වුණ විශිෂ්ට චිත්‍රපටි ගොඩක් තියෙනවා.

• ඒ චිත්‍රපට ඔබට නොදැනුවත්වම බලපෑම් කරලා තියෙනවද? උදාහරණයක් ලෙස Blue Velvet හි voyeurism සංකල්පයට Rear Window බලපාලා කියලා කාටහරි කියන්න පුළුවන්.

ඒක ඇත්තද කියලා මම දන්නේ නැහැ. සිනමාවේ වසර 110ක් හෝ ඊට වැඩි කාලයක් තිබෙනවා, ඒ වගේම අපි කාටවත් මීට පෙර ආපු දෙයක් එක්ක සංසන්දනය කරන්න බැරි චිත්‍රපටයක් කරන්න බැහැ. මට නම් Blue Velvet කියන්නේ Blue Velvet. Rear Window කියන්නේ Rear Window. Sunset Boulevard හෝ Rear Window මට අදහසක් ඇති කළා කියලා කියන්න පුළුවන්. නමුත් මම ඒවාට ආදරය කළත්, ඒවායින් ආභාෂය ලැබුවත්, ජීවිතය කියන්නේ 24/7 චිත්‍රපටයක්. අදහස් හැම වෙලාවෙම එළියට එන්නේ ඒකෙන්. අදහස් ජනනය කරන්නේ සිනමාව කියලා කියන්න අමාරුයි. ඒක සම්පූර්ණයෙන්ම එහෙමයි. බිලියන ගණනක් අදහස් තියෙනවා, ඒවා අල්ලගන්න විතරයි තියෙන්නේ.

The Talks ඇසුරෙනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ...

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...
- Advertisement -spot_img

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද නැගෙනහිර පළාතේ සුවිශේෂීතා බොහොමයක් සහිතයි. බෞද්ධ ජනතාවට වන්දනීය වූ බෞද්ධ සිද්ධස්ථාන රැසකි. අන්‍යාගමික...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you