උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න – Alia Bhatt
බොලිවුඩ් සිනමාවේ නව පරපුර නියෝජනය කරන නිළියන් අතර ආලියා භාට්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. කලා පවුලකින් සිනමාවට පිවිසි ඇය, කාලයත් සමඟ ජනප්රියත්වය සේම දක්ෂතාවද තහවුරු කරගනිමින් බොලිවුඩය සේම හොලිවුඩයද ජය ගත්තාය. Student of the Year, Highway, 2 States, Udta Punjab, Dear Zindagi, Raazi, Gully Boy, Gangubai Kathiawadi සහ Darlings වැනි නිර්මාණ ඔස්සේ විවිධ චරිත හා සංකීර්ණ මනෝභාවයන් නිරූපණය කරමින් ඇයගේ රංගන පරාසය ප්රේක්ෂකයන්ට පෙන්වා දීමට ඈ සමත් වූවාය. බොලිවුඩ් නළු රන්බීර් සමග විවාහ වී සිටින ආලියාට රාහා නම් දියණියක් සිටියි. තමා හොඳ මවක් බවක් ආලියා පවසන්නේ. සුප්රකට අධ්යක්ෂක සංජේ ලීලා භන්සාලිගේ ද ‘Love & War’ චිත්රපටයෙන් ඇය ඉදිරියේදී ප්රේක්ෂකයින් හමුවීමට නියමිතයි.

“මම, මම නොවන වෙනත් කෙනෙක් වගේ මවා පාන්න උත්සාහ කරන්නේ නැහැ. ජනප්රිය අය විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා. සමහරවිට අපි අතින් දේවල් කියවෙනවා. ඒක වරදක් නෙමේ. Time100 Impact Awards එකේදි මම කිව්ව දෙයක් මට මතක් වෙනවා. ඒ තමයි මම සම්මානයක් දිනාගත්තත්, මට මගේ අඩුපාඩුත් සමරන්න ඕනෙ කියලා. මොකද අද කාලේ කිසිම අඩුපාඩුවක් නැති කෙනෙක් වෙන්න ඕන කියන දේ ලොකු ආතතියක්. මගේ ජීවිතේ හැම දෙයක්ම හරි පිළිවෙළට තියෙනවා කියන්න බැහැ වගේම තමයි මම ගාව හැම දේකටම උත්තරත් නැහැ”
ආලියා කතාබහ අරඹන්නේ එලෙසිනි.

“කතා කරන්න දේවල් නැතිවාම නෙවෙයි, නමුත් මේ මොහොතේ මගේ අවධානය යොමුවෙලා තියෙන්නේ වැඩවලට. අපි ගොඩක් වැඩ කරමින් ඉන්නවා. නිෂ්පාදකවරියක් විදියට ඒ කටයුතු සඳහා මගේ කාලය සහ ශක්තිය ගොඩක් වැය කරනවා. ජීවිතේ විවිධ අවස්ථාවලදී විවිධ තීරණ ගන්න අපි පෙළඹෙන්නේ ඇයි කියලා දැනගන්න මට ලොකු කුතුහලයක් තියෙනවා. මට හිතෙන්නේ ඒ පිටිපස්සෙ ගැඹුරු යමක් තියෙනවා කියලා. ඒ වගේම ඒ දේවල්වලට අප අවට සිදුවන දේවලුත් බලපානවා. කොහොමහරි, වෙනත් කෙනෙකුගේ බලපෑම මත හෝ ස්වභාවිකවම හරි කියලා හිතෙන දේ වෙනුවට, ගණන් බැලීමක් මත තීරණයක් ගත්තොත්, ඒ තීරණය ගැන පසුතැවෙන්න වෙනවා. මට හිතෙන්නෙ එහෙම..ඒකෙන් අදහස් වෙන්නෑ මගෙ ජීවිතේ පසුතැවීම් ගොඩක් තියෙනවා කියලා”
ඇය පවසයි. තමන්ට අනාගතය ගැන දැක්මක් ඇති බැව් ආලියා පවසයි.

“මම විකට චිත්රපටයකට ආස වෙනවා. මොකද මම එහෙම එකක් කරලා නැහැ. ඔබට ආශ්වාදයක් ලබා දෙන දේවල් ඔබ සොයාගන්න ඕනේ. උද්යෝගිමත් දේවල් සිද්ධවෙමින් තියෙනවා. මම චරිත දිහා බලන්නේ නැහැ, මාව උනන්දු කරන කතාවලට ආස වෙනවා. හොලිවුඩ් හෝ බොලිවුඩ් වේවා, භාෂාව මොකක් වුණත්. මට ගොඩක් දේවල් කරන්න උවමනා නැහැ. චිත්රපට චරිතයක් හැර ලොව පුරා සෑම තැනකම මට සම්බන්ධවෙන වෙන දේවල් නෑ. ලොව පුරා විවිධ පුද්ගලයින්ට, සංස්කෘතීන් හරහා, එකට එක්වීමට හොඳම ක්රමයක් තමයි ඒ. මම ගුචි සංදර්ශනයකට යනකොට හෝ කෑන්ස් රතු පලස මත ඇවිදින විට හෝ මෙට් ගාලාවලට යන එක මම ආසම දෙයක්. ඒක විනෝදජනකයි – අවුල් සහගතයි නමුත් විශිෂ්ටයි. ලොව පුරා සිටින සුන්දර කලාකරුවන් බොහෝ දෙනෙක් බෙදා ගන්න වටිනාකම්, ඔවුන් සමඟ සම්බන්ධ වීමට, ඔවුන් කරන වැඩ ගැන ඇසීමට, ඔබ ගැන ටිකක් කතා කිරීමට, ලෝකය කුඩා තැනක් කියන දේ තේරුම් කරනවා.”
ඇය බොහෝවිට සරල විලාසිතා ප්රිය කරයි. රැකියාවේදී සහ නිවසේදී තමාගේ හොඳම අනුවාදය වීමට උත්සාහ කරන බව ඈ පවසන්නීය.




