Newsපොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

-

spot_img

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා විශේෂ සහනාධාර වැඩසටහනක් දියත් කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ. එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පැවසුවේ පොල් අස්වැන්න වැඩි කර ගැනීමට සහ අස්වැන්න රැක ගැනීමේ අරමුණින් රුපියල් මිලියන 2,500 ක ප්‍රතිපාදන යටතේ මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.

මෙම සහනාධාර වැඩසටහන තුළින් පොල් වගාකරන ගොවීන් උනන්දු කරවීම, පොල් ඵළදාව වැඩි කරගැනීම සහ පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීම අරමුණ වන අතර මේ දක්වා පොල් වගාව සඳහා බලපෑමක් එල්ල වී නොමැති බවත් ඉදිරියේදී එල්නිනෝ තත්වයේ වර්ධනයක් පැවතියහොත් එය වගාවට බලපෑමක් එල්ල කළ හැකි බවද පෙන්වා දුන්නේය.

Coconut cultivation

අදාළ සහනාධාර වැඩසටහන යටතේ ගම්පහ, කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම වැනි දිස්ත්‍රික්කවල පිහිටි පොල් වගාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවලද පොල් වගාවන් සම්බන්ධවද මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක වන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම සහනාධාර ක්‍රමවේදය යටතේ පොල් ඉඩම්වල ජල සම්පාදනය ඉදිකර ගැනීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් බැගින් අක්කර 5ක් දක්වා සහනාධාරය ලබා දෙන බවත් මීට අමතරව ජල සංරක්ෂණය සඳහා එක් පොල් ගසකට රුපියල් 200 බැගින් ලබා දීමට ද පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තවද පොල් වගා කිරීමේ මණ්ඩලය යටතේ කප්රුක ණය යෝජනා ක්‍රමය මගින්ද පොල් වගාකරුවන් සඳහා ණය ලබා ගැනීමේ හැකියාව පවතින බවද සභාපතිවරයා අවධාරණය කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you