Newsඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

-

spot_img

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 90,306ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මේ වන විට දිවයින පුරා ඩෙංගු මරණ 65ක් සිදුව ඇති අතර, රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන්ව ඇත. ජූලි මාසයේදී වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූ අතර එය 29,973කි. අගෝස්තු මාසයේ මුල් දින 10 තුළ පමණක් රෝගීන් 4,959දෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇත.  

සමස්ත රෝගීන්ගෙන් සියයට 52.96ක් එනම් රෝගීන් 47,824 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර 13,361ක් දකුණු පළාතෙන් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,027ක් වාර්තා වී ඇත.  එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑම ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර ගම්පහින් රෝගීන් 19,204 දෙනෙකු හඳුනා ගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,955ක්ද, මහනුවරින් 6,413ක්ද, මාතරින් 5,971ක්ද සහ කළුතරින් 5,871ක් ලෙස රෝගීන් වාර්තා වී ඇත.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you