එල්නිනෝ නිසා මාළු මිල ඉහළට
එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය ගහණය ගැඹුරු මුහුද දෙසට ඇදී යෑම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇතැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පැවසීය. මාළු මිල ගණන් ඉහළ යෑමට මෙය ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා සාගරික වෙනස්කම් හමුවේ අස්වැන්න නෙළා ගැනීමේ ගැටලුද මතුව ඇති බව පෙන්වා දෙයි. මෙම ගැටලු සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සභාපතිවරයා ඇතුළු පර්යේෂකයන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




