Featuresතරාතිරම පෙන්වා තප්පුලෑම

තරාතිරම පෙන්වා තප්පුලෑම

-

spot_img

තරාතිරම පෙන්වා තප්පුලෑම

පුද්ගලයකු වෙනුවෙන් පෙනී සිටීමේදී මෙන්ම එදිරි වීමේදීත් ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොසළකා හරින්නට වුවමනා බව සමාජ සාධාරණ අතිශයෝක්තියෙහි සඳහන් ය. එහෙත් ප්‍රායෝගික සමාජයෙහි පුද්ගලයකු මනින මිම්ම මෙන්ම බඳින බැම්මද නිතැතින්ම එම පුද්ගලයාගේ තරාතිරම බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. තරාතිරම යන්න තමන්ගේ තරම නැත්නම් ප්‍රමාණය ලෙස සරල අර්ථයෙන් ලිහාගත හැකිය. මේ තරම හා ප්‍රමාණය බොහෝ දෙනා ගණනය කරනුයේ එකී පුද්ගලයා සතු භෞතික සම්පත් හෝ පදවි, තානාන්තර වලට ලඝු වෙමිනි. එහෙත් පුද්ගල ප්‍රතිරූපයක සැබෑම තරාතිරම නොහොත් එම පුද්ගලයාගේ තරම යනු අප සිතනා හෝ අපට පෙනෙනා දෙය නොව එකී පුද්ගලයාගේ අභ්‍යන්තර පිළිඹිබුවකි. බොහෝවිට ඒ තරම අප පමණක් නොව අදාළ පුද්ගලයා පවා නොදැන සිටිය හැකිය. 

someone's rank

මෙය වඩාත් නිරවුල්ව පහදාගන්නට සමාජ ව්‍යවහාරයේ පවතින උපහැරණ දෙකක් ගෙනහැර දැක්විය හැකිය. පළමුවැන්න “අලියාගේ තරම ඌ නොදනී” යන කියමන වන අතර දෙවැන්න “තමන්ගේ මට්ටම් තම්මැට්ටම්” යන්න ය. බොහෝ මිනිසුන් තම හැකියාවන් නියමාකාරයෙන් හඳුනා නොගත් අයය. එම පුද්ගල කොට්ඨාශය බොහෝවිට අනුකරණය හෝ අනුගමනය ප්‍රිය නොකරන පිරිස් වෙති. රැල්ල හඹා නොයන්නෝ වෙති. තමන් තුළ අන් අයට පිහිටා නොමැති විශේෂ හැකියාවක් වෙතත්, එය ඔපමට්ටම් කරගැනීමට මැළිකමක් දක්වන පිරිසකි. අනෙක් පිරිස එහි ප්‍රතිවිරුද්ධ අතය. තමන් තුළ කිසිඳු සුවිශේෂී වූ නැවුම් යමක් නොවෙතත්, වටපිටාවෙන් එකතු කරගත් ආටෝප, සාටෝප වලින් තමන් සරසාගන්නට රිසි අයළුවන් ය. තමන් බොහෝ ඇසූ, පිරූ තැන් ඇති අයය, සුරු, විරු කම් පිරි අයය යන තම මතයේ එල්බ ගත්තෝ වෙති. ඉහත කී පළමු පන්නයේ අයට ගුරු හරුකම් වැඩියෙන් ලැබෙන්නේ මේ දෙවන පන්නයේ පිරිස අතිනි.

someone's rank

දෙරණ රූපවාහීනී නාලිකාවේ එක්තරා වැඩසටහනකට සහභාගී වූ කාන්තාවක් හා වැඩටහන ඉදිරිපත් කළ නිවේදකයා අතර වූ සංවාදයක් අසන්නට ලැබිණි. මේ සංවාදය අපට සිහිගන්වන්නේ අලියා උගේ තරම නොදැන සිටීම සහ සමහරු තමන්ගේ මට්ටමින් තම්මැට්ටම් ගැසීමය. වැඩසටහනට ඉදිරිපත් වූ කාන්තාව කාන්තා විමුක්තියට පිරිමි හරස් වීමේ පරණ තැටියට “ටකරං” හඬින් තලාගෙන යද්දී නිවේදකයා ඇයව තමන්ගේ මට්ටමට මඬවමින් සිටියේය. සහශ්‍රයෙන් වසර 26කටත් පසුව බමුණු කුලයේ බැමි ලිහී නැති ඇත්තෝ දන්නේ, කාන්තාවගේ එකම වේදනාව ප්‍රසූත වේදනාව බව පමණ ය. කොටට ඇන්දාම පිරිමි අකුරු තුනේ වචනයකින් පරිභව කිරීම පමණ ය. සම තැන යනු එක සමාන උසින් යුතු අසුන් යැයි සිතා ඉන්නා එක තමන්ගේ මට්ටමය. අදාළ නිවේදකයා සිතා සිටියේ තමා සිය බිරිඳ සමඟ නිදි යහනේ ගතකරන සෙයකි. ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක තැකිය යුතු අවම සදාචාරයවත් නොරකින, “රේටින්” වලට බුරන්නට “මාටින්” ලා රූප පෙට්ටියට එව්වාම එහෙමය. පූරක වෘත්තිය යනු තම වැඩසටහනේ සම්පත්දායිකවට කට අරින්නට නොදී මැඬවීම යනු අලියා උගේ තරම නොදැන සිටීමද නොඑසේනම් මේ තමන් දන්නා තම්මැට්ටමට තැලීමද කියා නොදනී.

someone's rank

මලල ක්‍රීඩා ශූරයකු වූ යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් දුටිමි. එහි මගේ අවධානයට ලක්වූ කොටස වූයේ “රටට ණය නොවී ලෝකෙට ණය වී” යන්න ය. ක්‍රීඩකයින් රටේ සම්පතක් බව ඇත්‍ත ය. එහෙත් ඔවුන් රටට සම්පතක් බව නොපිළිගන්නා රටක් වෙනුවෙන් ඔහු ලෝකයට ණය වූයේ ඇයිදැයි යන්න තාමත් මට ගැටළුවකි. ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශය හරහා ආණ්ඩු හිතවාදීන් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙන්ම ව්‍යවසායක දිලිත් ජයවීරද ඉලක්ක කරමින් සිටී. ඒ, මේ මොහොතේ යුපුන් වෙනුවෙන් පෙනීසිටීමට ආණ්ඩුව අපොහොසත් වීමේ අවුලෙන් ආණ්ඩුව ගලවා ගැනීමට මිස වෙන අන් යමකට නොවේ. කලෙක යුපුන්ගේ ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටී දිලිත්ගේ දෙරණ ඔහුව පාවිච්චි කළා යන්න සහ එවක ක්‍රීඩා අමාත්‍ය හරීන් යුපුන්ට ලබාදීමට පොරොන්දු වූ මුදලක් ලබාදීම මඟහැරියේය යන අවලාද දෙකම උවමනාවෙන් නිර්මාණය කරන බව පෙනේ. ඒවා ඇදගෙන යනු ලබන්නේ තමන්ගේ මට්ටමටවත් යමක් තටමාගත නොහැකි පිරිස් ය. අවසන අලියාගේ තරම නොදැන යුපුන් අබේකෝන් තමාට මලල ක්‍රීඩාවෙන් ගෞරවනීයව සමුගැනීමට තිබූ අවස්ථාව අහිමිකරගත් බව මට හැඟේ.

someone's ranksomeone's rank

ඇතැම්විට අපට අලියන් කුහුඹුවන් වී පෙනෙන්නේ උන්ගේ හිසට “අලිවංශය” ආරූඩ වී ඇති නිසාය. එමෙන්ම කුහුඹුවන් අලියන් සේ දැනෙන්නේ උන් “අලි මන්තර” දන්නා නිසාද විය හැකිය. ගෝතමාලාව ලංකාව ලෙස පෙනීමද, දුරදක්නයෙන් අගමැතිනිය බැලීමද තමන්ගේ මට්ටම් ය. පෝනියන් පිට නැඟී පෙයාර්ස් කෑමද, මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටු කැඳවීමට යාමද තම, තමන්ගේ තරාතිරමේ තරමය. චාමර සම්පත්ලාට “රැග්” එක දෙන්නට පාර්ලිමේන්තු ආ මල්පැල සේරම චාමරලාගෙන් “රැග්” වද්දී, ඒවා මෝඩ කතා, වනචර කතා අශීලාචාර කතා ලෙස තප්පුලෑම තමන්ගේ මට්ටම ය. මේ සියල්ල මැද ජනපතිගේ ජනප්‍රියත්වය මැනීමනම් ඔහුගේ තරාතිරමට මරුය.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you