ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා
ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම පර්යේෂණවලින් හෙළිව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසයි. ඒ අනුව ඩෙංගු මදුරුවා මේ වන විට සක්‍රීය වන හෝරාව වන්නේ උදෑසන හයේ සිට උදෑසන 11 දක්වා වන කාලය බවට අනාවරණය වී ඇත. පෙරදී ඩෙංගු මදුරුවා වඩාත් සක්‍රිය වී ඇත්තේ හිරු උදාවන සහ හිරු බැස යන හෝරාවන්හිදීය.




