Newsරෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

-

spot_img

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

රෙදිපිළි හා ඇඟලුම් මෙරට ප්‍රමුඛතම අපනයන වෙළෙඳ භාණ්ඩයකි.

ඒ අනුව 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,624.7 ක් ලෙස සටහන් වී ඇති අතර, 2025 වසරේ එම කාලසීමාවේදී එය ඩොලර් මිලියන 1,751.8 ක් ලෙස වාර්තා වී තිබුණි. එමඟින් රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3 කින් පහළ ගොස් තිබේ.

මේ අතර, 2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එය 2025 වසරේ එම කාල සීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 4,315.6 සිට ඩොලර් මිලියන 4,534.9 දක්වා වැඩි වී තිබේ.

එහෙත් එම කාලය තුළ ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් 2025 වසරේ ඩොලර් මිලියන 6,572.9 ක් වූ ආනයන වියදම 2026 වසරේදී ඩොලර් මිලියන 8,227.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

මෙය සියයට 25.2 ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 32.8 කින්ද, අතරමැදි භාණ්ඩ ආනයනය සියයට 24.1 කින්ද, ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 19.8 කින්ද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, අපනයන වර්ධනයට වඩා ආනයන වියදම වේගයෙන් ඉහළ යාම හේතුවෙන් 2026 ජනවාරි – අප්‍රේල් කාලය තුළ මෙරට වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 3,693 දක්වා වර්ධනය වී තිබේ.

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

පැණි රසට කැමති අයට හකුරු පුඩිං

පැණි රසට කැමති අයට හකුරු පුඩිං - Jaggery Pudding පැණි රසට කැමති අයට ගැළපෙනම අතුරුපසක් තමයි හකුරු පුඩිං කියන්නෙ. ගෙදරදීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you