Newsරෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

-

spot_img

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

රෙදිපිළි හා ඇඟලුම් මෙරට ප්‍රමුඛතම අපනයන වෙළෙඳ භාණ්ඩයකි.

ඒ අනුව 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,624.7 ක් ලෙස සටහන් වී ඇති අතර, 2025 වසරේ එම කාලසීමාවේදී එය ඩොලර් මිලියන 1,751.8 ක් ලෙස වාර්තා වී තිබුණි. එමඟින් රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3 කින් පහළ ගොස් තිබේ.

මේ අතර, 2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එය 2025 වසරේ එම කාල සීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 4,315.6 සිට ඩොලර් මිලියන 4,534.9 දක්වා වැඩි වී තිබේ.

එහෙත් එම කාලය තුළ ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් 2025 වසරේ ඩොලර් මිලියන 6,572.9 ක් වූ ආනයන වියදම 2026 වසරේදී ඩොලර් මිලියන 8,227.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

මෙය සියයට 25.2 ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 32.8 කින්ද, අතරමැදි භාණ්ඩ ආනයනය සියයට 24.1 කින්ද, ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 19.8 කින්ද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, අපනයන වර්ධනයට වඩා ආනයන වියදම වේගයෙන් ඉහළ යාම හේතුවෙන් 2026 ජනවාරි – අප්‍රේල් කාලය තුළ මෙරට වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 3,693 දක්වා වර්ධනය වී තිබේ.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you