කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්
කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස් කිරීමට කටයුතු කරන බවත් මේ අවුරුද්දේ මහල් නිවාස දෙකක් සහ ඉදිරි වසරවල මහල් නිවාස 11ක් තනා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.




