Newsඉන්ධන පාවිච්චිය අඩු කරොත් ඩොලර් ඉතුරුයි

ඉන්ධන පාවිච්චිය අඩු කරොත් ඩොලර් ඉතුරුයි

-

spot_img

ඉන්ධන පාවිච්චිය අඩු කරොත් ඩොලර් ඉතුරු වෙනවා

ඉන්ධන සඳහා ඩොලර් වැඩි ප්‍රමාණයක් රටින් පිටතට යෑමෙන් ඇතිවන පීඩනයෙන් කොටසක් පාරිභෝගිකයාට ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ ඉන්ධන මිල වැඩි කළ බවත්, ඩොලර් වැඩි ප්‍රමාණයක් රටින් පිටතට ගලා යෑම වැළැක්වීමට අනිවාර්යයෙන්ම ඉන්ධන පරිභෝජනය අඩු කළ යුතු බවත් බලශක්ති වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ඊයේ (01) පැවසීය.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ බිල්පත් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් කොලොන්නාව ඛනිජ තෙල් සංස්ථා තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේදී ඊයේ(01) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

බලශක්ති වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක

 

“මැයි මාසය වන විට විදේශ විනිමය හැටියට   ඉන්ධන සඳහා ඩොලර් මිලියන 524ක්  වැය කර තිබෙනවා . මෙය තවදුරටත් දරා ගැනීම අපහසුයි .එනිසා අනිවාර්යයෙන්ම ඉන්ධන පරිභෝජනයේ කිසියම් හෝ අඩුකිරීමක් සිදුකර රටෙන් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය අඩුකිරීමට කටයුතු නොකළහොත් එක පැත්තකින් ඉදිරියේදී ඉන්ධන මිල වැඩිවීමට  බලපෑමක් ඇතිවෙනවා . ඒ හරහා සමස්ත ආර්ථිකයටම ලොකු බලපෑමක් ඇති කරන්නත් පුළුවන් . පීඩනයක් ඇති වෙලා තිබුණත් පීඩනයෙන් යම් කොටසක් මේ වෙලාවේ ඉන්ධන පාරිභෝගිකයාට ලබා දී එහි වැඩි කොටසක් රජය දරමින් ඒ වගේම තවත් කොටසක් ඉන්ධන සැපයුම් කරන සමාගම් වෙත යොදවමින් මේ අවස්ථාවට සාර්ථකව මුහුණ දීම තමයි රජයේ ප්‍රතිපත්තිය. ගිය මාස කීපයේම අපේ රටේ තෙල්වල මිල වැඩිවීම ගතහොත්  පෙට්‍රල් අනූපාතය වැඩි කරල තියෙන්නේ සියයට 45.59කිනුයි. පෙට්‍රල් 92 මෙම වාර කීපයේම වැඩිකරලා තියෙන්නේ සියයට  48.12 කින්. ඒ වගේම ඩීසල් වැඩි කරලා තියෙන්නේ සියයට 44.84කිනුයි. ලෝකයේ සෙසු රටවල් සමග සසඳා බැලුවොත් අපේ රටේ ඉන්ධන මිලේ  වැඩිවීම සිදුවී ඇත්තේ කුඩා ප්‍රතිශතයකිනුයි. ඉන්ධන ලබා දෙන්නේ සාමාන්‍ය සිල්ලර මිලට වඩා රුපියල් විසිපහක් අඩුවෙන් . අනික් පැත්තෙන් අපි ඩීසල් යොදා ගන්නේ නැතුව විදුලි බලය ජනනය කරන්න සැලැස්ම හදලා තියෙනවා . ඒ නිසා ඩීසල්වලින් විදුලිය ජනනය අවම කරගෙන තියෙන්නේ. මෙම වැඩිවීමෙන් විදුලි ජනන වියදමට ලොකු බලපෑමක් ඇති වන්නේ නැහැ.”

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you