NewsIMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

-

spot_img

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීමට සිදුකළ පස්වැනි සහ හයවැනි සමාලෝචන වලට විධායක කමිටු අනුමැතිය ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මාර්ගගතව පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එහි වාරික ලෙස ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ලැබෙනු ඇති බවත්, ඒ අනුව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යනු ඇති බවත් ඔහු සඳහන් කළේය. මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලංකාව සාමාන්‍යයෙන් ශක්තිමත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද හෙතෙම අනාවරණය කළේය. ඒ යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මෙරට ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාව ඇති කළ බවත් එය දිට්වා සුලි කුණාටුව සහ මැද පෙරදිග අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලංකාවට ලබා දුන් බවත් ඔහු පැවසුවේය.

Evan Papageorgiou
Evan Papageorgiou

විධායක කමිටු අනුමැතිය ලැබීමට අවශ්‍ය එක් පූර්ව ක්‍රියාවක් වූ ඉන්ධන සහ විදුලිය ලබාදීම සඳහා පිරිවැය ආවරණය වන මිලකරණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද රජය ලබාදෙන සහනාධාර මත පදනම්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් වූ බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් මැද පෙරදිග අර්බුදය මෙරට ආර්ථිකය වර්ධනය වීමේ හැකියාව පහත දමා ඇති අතර එය මෙරට ආර්ථිකයට සෘණාත්මක බලපෑම් එල්ල කර ඇති බවත් පැපජෝජියෝ ප්‍රකාශ කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you