NewsIMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

-

spot_img

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීමට සිදුකළ පස්වැනි සහ හයවැනි සමාලෝචන වලට විධායක කමිටු අනුමැතිය ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මාර්ගගතව පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එහි වාරික ලෙස ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ලැබෙනු ඇති බවත්, ඒ අනුව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යනු ඇති බවත් ඔහු සඳහන් කළේය. මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලංකාව සාමාන්‍යයෙන් ශක්තිමත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද හෙතෙම අනාවරණය කළේය. ඒ යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මෙරට ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාව ඇති කළ බවත් එය දිට්වා සුලි කුණාටුව සහ මැද පෙරදිග අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලංකාවට ලබා දුන් බවත් ඔහු පැවසුවේය.

Evan Papageorgiou
Evan Papageorgiou

විධායක කමිටු අනුමැතිය ලැබීමට අවශ්‍ය එක් පූර්ව ක්‍රියාවක් වූ ඉන්ධන සහ විදුලිය ලබාදීම සඳහා පිරිවැය ආවරණය වන මිලකරණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද රජය ලබාදෙන සහනාධාර මත පදනම්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් වූ බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් මැද පෙරදිග අර්බුදය මෙරට ආර්ථිකය වර්ධනය වීමේ හැකියාව පහත දමා ඇති අතර එය මෙරට ආර්ථිකයට සෘණාත්මක බලපෑම් එල්ල කර ඇති බවත් පැපජෝජියෝ ප්‍රකාශ කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you