හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.
ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුවයි.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පාක්ෂිකයින් රැසක් අල්ලස් කොමිසම පිහිටි ස්ථානයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඒ අවට ආරක්ෂාව තරකර ඇති අතර පොලීසිය, විශේෂ කාර්ය බළකාය ද ගෙන්වා ඇති බව ද වාර්තා වනවා.
මේ අතර ප්‍රියංකර ජයරත්න මහතාට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.



