Newsසූදු වෙබ් අඩවි 24 ක් තහනම්

සූදු වෙබ් අඩවි 24 ක් තහනම්

-

spot_img

සූදු වෙබ් අඩවි 24 ක් තහනම්

වලංගු බලපත්‍රයක් රහිතව නීති විරෝධි ආකාරයෙන් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වා ගෙන ගිය නීති විරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකාව තුළ අවහිර කළ බව මුදල් අමාත්‍යංශය පවසයි. මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සූදු ක්‍රීඩා නියාමනඅධිකාරිය විසින් ‘2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ ‘ විධි විධාන හා බලතල ප්‍රකාරව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත කරන ලද දැනුම් දීමක් මත මෙම පියවර ගෙන ඇත.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍රයක් රහිතව ලංකාවේ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යෑම සහ එවැනි සේවා ප්‍රවර්ධනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් වෙබ් අඩවි ප්‍රෙව්ශය අවහිර කිරීම සඳහා විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවද මුදල් අමාත්‍යංශය සඳහන් කර සිටී. එසේම මෙවැනි නීති විරෝධී අන්තර්ජාල වෙබ් අඩවි පරිහරණය සහ ඒවාට මුදල් යෙදවීමෙන් වළකින ලෙසටත් මහජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත. තහනමට ලක් වූ වෙබ් අඩවි 24 පහත දැක්වේ.

22bet.com, melbet.com, unibet.com, betfair.com, 1win.com, spinbetter.com, 10cric.com, bc.game, megapari.com, pin-up.bet, stake.com, mostbet.com, parimatch.com, betwinner.com, linebet.com, 4rabet.com, rajabets.com, dbbet.com, coldbet.com, WinWin

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you