Newsරුමේනියාව බිඳ වැටේ

රුමේනියාව බිඳ වැටේ

-

spot_img

රුමේනියාව බිඳ වැටේ

යුරෝපා රාජ්‍යයක් වන රුමේනියාවේ අග්‍රාමාත්‍ය ඉලී බොපෝජන් ප්‍රමුඛ යුරෝපා හිතවාදී රජය විශ්වාසභංගයකින් පරාජය වීම නිසා රුමේනියා රජය බිඳ වැටී ඇත. අගමැති ඇතුළු යුරෝපා හිතවාදී රජය බුකාරෙස්ට් නුවර පිහිටි සාමාජිකයන් 330 කින් සමන්විත ව්‍යවස්ථාදායකයේදී මන්ත්‍රීවරු 281 දෙනෙක් රජයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළහ. මෙම අදිසි තත්වය හමුවේ මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් කෙරෙහි දැඩි අවදානමක් මතු වී ඇති බවටද වාර්තා පළ වේ.

පසුගිය අප්‍රේල් මස අගභාගයේදී පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සිව්- පාර්ශවික යුරෝපා හිතවාදී සන්ධානයෙන් ඉවත් වී අන්ත දක්ෂිණාංශික විපක්ෂය සමඟ එක්වීමත් සමඟ බොලෝජන්ගේ රජය සුළුතර පාලනයක් බවට පත් විය.

මෙම දේශපාලන  වෙනස්වීම් හේතුවෙන් රුමේනියාවේ ‘ලෙයු‘ මුදල් ඒකකය යුරෝවට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටිණි. මේ වනවිට යුරෝපා සංගමයේ අරමුදල් ලබා ගැනීම සම්බන්ධවද ප්‍රශ්න මතු වෙමින් ඇත.

අග්‍රාමාත්‍යවරයා පසුගිය කාලයේදී  පවත්වා ගෙන ගිය දැඩි පාලන ක්‍රමය නිසා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ නිරන්තර ගැටුම් ඇති කරගෙන තිබුණි.  විශේෂයෙන්ම රජයේ වියදම් කපා හැරීම නිසා සිය ඡන්ද පදනම අහිමි වේ යැයි බිය වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් අවසානයේ රජය පෙරළා දැමීමට කටයුතු කර ඇත.

මෙම දේශපාලන පෙරැළිය නිසා අයවැය හිඟය පියවා ගැනීම සම්බන්ධයෙන්  මූල්‍ය වෙළඳපොළ තුද මේ වනවිට දැඩි ගැටලුකාරී තත්වයක් වර්ධනය වී ඇතැයි පැවසේ.

ධාරා අබේනායක විසිනි

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you