Newsයෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

-

spot_img

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩු විභාගය සම්බන්ධයෙන් විත්තිය විසින් මතු කරන ලද මූලික නෛතික බාධාවන් අධිකරණය විසින් ඉවත් කිරීමත් සමඟ, මෙම නඩුව දැන් තීරණාත්මක සාක්ෂි විභාගයේ අදියර කරා ප්‍රවිෂ්ට වී ඇත.

සාමාන්‍යයෙන් අපරාධ නඩු විභාගයකදී විත්ති පාර්ශවය “මූලික විරෝධතාවක්” ඉදිරිපත් කරනු ලබන්නේ නඩුවේ සාක්ෂි විමසීමටත් පෙර, චෝදනා පත්‍රයේ පවතින තාක්ෂණික හෝ නෛතික දෝෂයක් මත නඩුව නිෂ්ප්‍රභ කරවා ගැනීමේ අරමුණිනි. යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය ද මෙහිදී උත්සාහ කළේ ඔහුට එරෙහිව ඇති කුමන්ත්‍රණ චෝදනාව නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දීමටයි. කෙසේ වෙතත්, කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා එම තර්කය ප්‍රතික්ෂේප කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින්  සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නඩුවේ ඉදිරි ගමන තහවුරු කළේ පහත පරිදිය:

“මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණය නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිතයි.” ලෙසයි.

මූලික විරෝධතාව ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව අධිකරණයේ මීළඟ විධිමත් පියවර වූයේ විත්තිකරුට චෝදනා පත්‍රය කියවා දීමයි. විවෘත අධිකරණයේදී තමන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනා ශ්‍රවණය කළ යෝෂිත රාජපක්ෂ මහතා, විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළේ තමන් එම චෝදනාවලට නිවැරදිකරු බවයි.

ඒ අනුව නඩු විභාගය ආරම්භ වී තිබේ

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you