Newsඩෙංගු මරණ 15ක් වෙයි. අධි අවදානම් කලාප 39ක්!

ඩෙංගු මරණ 15ක් වෙයි. අධි අවදානම් කලාප 39ක්!

-

spot_img

ඊයේ දිනය වන විට වසරේ ගෙවුණු කාලය පුරා ඩෙංගු රෝගීන් 29589ක් වාර්තා වී තිබෙන අතර ඉන් 15ක් මිය ගොස් ඇති බවත් ඩෙංගු අධි අවදානම් කලාප 39ක් හඳුනා ගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසයි.

වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර රට පුරා ඩෙංගු ව්‍යාප්තිය පවතින බවයි ඇය පෙන්වා දෙන්නේ.

”2026 මැයි 18 වන දිනය වන විට ඩෙංගු රෝගීන් 29589ක් වාර්තා වී තිබෙනවා. එයින් රෝගීන් 15 දෙනෙක් මරණයට පත්වෙලා තියෙනවා. අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 39ක් හදුනාගෙන තිබෙනවා. ඊට අමතරව බස්නාහිර පළාතෙන් තමයි වැඩිම රෝගීන් වාර්තා වෙන්නේ. දකුණු සහ සබරගමු පළාත් ඊළඟට. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් කොළඹ ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර, නුවර යන දිස්ත්‍රික්ක වලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙනවා. මේ දිනවල කඩින් කඩ ඇතිවන වර්ෂාව නිසා ඩෙංගු රෝගීන් බෝවෙන ස්ථාන වැඩි වීමේ ප්‍රවණතාවක් තිබෙන බව අපි දන්නවා. අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒවා සොයා බලා විනාශ කරන ලෙසත් මදුරු දෂ්ටන වලින් වැළකීම සඳහා මදුරු විකර්ශන ආලේපන භාවිතා කිරීම, ඉතා කුඩා දරුවන්, ගර්භනී මාතාවන් වැඩිහිටි අය, වෙනත් රෝග තිබෙන අය උණ ඇති අවස්ථාවක ඩෙංගු රෝගයද නැද්ද යන්න සැක හැර දැන ගැනීම අත්‍යවශ්‍ය හෙයින් පළමු දිනයේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න. මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා යම්කිසි කෙනෙකුට තද උණ තියෙනවා නම් මේ වෙලාවේ පරසිටමෝල් ඖෂධය හැර වෙනත් විවිධ ඖෂධ භාවිතා කරන්න එපා උණ බැස්සවීම සඳහා වෛද්‍ය උපදේශයකින් තොරව.” යනුවෙන් ඇය තවදුරටත් අවධාරණය කරයි.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you