Newsගෝඨා Can't Go 

ගෝඨා Can’t Go 

-

spot_img

ගෝඨා Can’t Go

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත‍්‍රාත් පසන් අමරසේන විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවට අදාළව සිදු කරන පරීක්ෂණවලට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මෙම යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා රටින් පැනයෑමේ අවධානමක් පෙන්වා දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත‍්‍රාතවරයා අදාළ විදේශ ගමන් තහනම පනවා ඇතැයි පැවසේ.

පාස්කුදා ප‍්‍රහාර සිද්ධියට අදාළව ආරක්‍ෂක ලේකම්වරයා විසින් දුන් රැඳවුම් නියෝග අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව භාරයේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානී විශ‍්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී රහස් පොලිස් නිලධාරීන් විසින් දැඩි රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කරනු දක්නට ලැබිණි.

සිද්ධියට අදාළ විමර්ශන සිදු කරන පොලිස් පරීක්‍ෂක මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් සමග පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නියෝජ්‍ය පොලිස්පති ශානී අබේසේකර සිද්ධියට අදාළව කරනු ලැබු විමර්ශනවල ප‍්‍රගතිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

✍️ ධාරා අබේනායක විසිනි

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you