Newsහර්ෂණ ගෙදර යවන්නේ නෑ - ජාතික ජන බලවේගයේ මහ...

හර්ෂණ ගෙදර යවන්නේ නෑ – ජාතික ජන බලවේගයේ මහ ලේකම්

-

spot_img

හර්ෂණ ගෙදර යවන්නේ නෑ – ජාතික ජන බලවේගයේ මහ ලේකම්

මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නොමැති අතර මේ සම්බන්ධව රජය අභ්‍යන්තරයේද කිසිදු සාකච්ඡාවක් සිදුකර නැති බව ද ජාතික ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසුවේය.

මහා භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවන ලද ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදලක් පරිගණක හැකරුන් කණ්ඩායමක් විසින් අත්පත් කරගනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට විපක්ෂ හා වෙනත් කණ්ඩායම්වලින් ගෙන යන චෝදනා සහ ඉල්ලීම් සම්බන්ධව රජයේ ස්ථාවරය විමසා සිටි අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ලේකම්වරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට රජයේ ඇතැම් පාර්ශ්ව ඉල්ලීම් නොකරන්නේදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ජාජබ මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ එවැනි ඉල්ලීම් ඉදිරිපත්ව නැති බවය. කෙසේ වුවද භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම තනතුරින් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම විවිධ බහුජන සංවිධාන දිගින් දිගටම ඉල්ලා සිටීම මගින් ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි වාර්තා වේ. මේ අතර ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ජනාධිපති නීතිඥ, මෛත්‍රී ගුණරත්න පෙන්වා දෙන්නේ ඉහත සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් ලේකම්වරයාට මාසයක කාලයක් ලබාදීම කළ නොයුතුව තිබූ අතර ඒ සඳහා මාසයක කාලයක් හොඳටම ප්‍රමාණවත් බවයි.

ගෙවීම් වාර දහයකදී මෙම වංචාව සිදුව ඇති අතර තවත් මුදල් මෙයාකාරයට අහිමි වූවාදැයි සැකයක් මතුවන බවද මෛත්‍රී ගුණරත්න සඳහන් කරයි. ඇමරිකානු ඩොලර් ලක්ෂ විසිපහක ණය මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත් කිරීමේ සිද්ධියෙන් පසු භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි බැවින් ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කරන මෙන් සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත.

මෙකී කාරණාව හදිසි යෝජනාවක් ලෙස සලකා විභාග කර සුදුසු නිර්දේශ ලබාදීම සඳහා ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලෙසටද ඔහු ඉල්ලා ඇත. සිද්ධිය දැනගෙන පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීමෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු කාර්ය පටිපාටි රීති සහ ස්ථාවර නියෝග කඩ කර ඇතැයි ද පෙන්වා දෙන ජයසේකර ඔහු භාණ්ඩාගාර ලේකම් තනතුරට පත් වූ දා සිට කිසිම අවස්ථාවක රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිට නොමැති බවද ප්‍රකාශ කළේය.

ඔහුට පසුගිය තිස් වැනිදා රජය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පැමිණෙන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී නොපැමිණෙන බව මුලින් දැනුම් දී පසුව එහි පැමිණියද ඔහු එහිදී ඉදිරිපත් කළ කරුණු සත්‍ය සහ පිළිගත නොහැකි තත්වයක පවතින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව මෙම කරුණු සලකා බලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් කළ හැකි වරදක් කර ඇතැයිද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ධාරා අබේනායක විසිනි.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you