More
    Featuresආලෝකයෙන් අඳුරට යෑම

    ආලෝකයෙන් අඳුරට යෑම

    -

    spot_img

    ආලෝකයෙන් අඳුරට යෑම – Walk for World Peace

    ආලෝකය යනු යමක පෙනීම තහවුරු කිරීමට උත්තේජනය ලබාදෙන පරිසර තත්වය ලෙස අපට සරලව පහදා ගත හැකිය. අඳුර යනු එහි ප්‍රතිවිරුද්ධ අරුතයි. ආලෝකයක සිටියදී ඕනෑම දෙයක් පහසුවෙන් හඳුනාගත හැකිවාක් මෙන්ම අඳුර විනිවිඳ යා හැක්කේද ආලෝකය හරහාය. එනයින් ගත් කළ අඳුර හා ආලෝකය අතර නොබිඳිය හැකි සබඳතාවයක් ද තිබේය යන්න මගේ හැඟීමයි. බෞද්ධ දර්ශනයෙහි ආලෝකය හා අඳුර උපයෝගී කරගනිමින් පුද්ගල ස්වභාවයන් සහ හැසිරීම් විස්තර කරනු ලබයි. එහිදී, අඳුරෙන් ආලෝකයට යන පුද්ගලයන්, ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයන්, ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයන් සහ අඳුරෙන් අඳුරට යන පුද්ගලයන් ලෙස පුද්ගල ප්‍රගමනය පැහැදිළි කරයි. සමාජය තුළ අපට පොදුවේ හමුවන්නේ හොඳ සහ නරක යන දෙකයි. මෙම බෞද්ධ ඉගැන්වීමට අනුව අඳුරෙන් ආලෝකයට සහ ආලෝකයෙන් ආලෝකයට යෑම යහපත් බවත්, ආලෝකයෙන් අඳුරට යෑම සහ අඳුරෙන් අඳුරට යෑම අයහපත් බවත් පෙන්වා දෙයි.

    ගෙවී ගිය සතියක පමණ කාලය ලාංකීය ජන මනස ආලෝකමත් වී තිබුණේ, සාම පා ගමනක් අතරතුර මෙරටට පැමිණි සිටි “ආලෝකා” නම් සුනඛකයකු හේතුවෙනි. පොදු ජන වහරේ එන “බල්ලෙකුට ගිය කළ” යන්න සිහි ගන්වමින් එම සුනඛයාට රාජ්‍ය මට්ටමින් උපරිම සැළකිලි ලැබුණු අතර විටෙක එය පැමිණි සිටි හිමිවරුන් පරයා අතිශයෝක්තියට නැඟුණු සත්කාර බව පෙණිනි. කලෙක මෙරට බැති හිත් තෙත් කෙරූ දොළුකන්දේ බුදුරැස්, චන්ද්‍රිකා වැවේ පිරිත් පැන් සහ කැළණි ගඟේ නාගයින් නැවත සිහි ගන්වමින් “සුනඛ වන්දනාවේ” යෙදෙන “බැතිමත් නඩ” වලින් මඟ දෙපස පිරී තිබිණි. පයට කෙහෙල් කොල පාවඩ, ඉහට ඩ්‍රෝන මල් වරුසා සහිත පා ගමන අතරතුර ජෙරම් පන්නයේ රෝග සත්කාර මෙන්ම මග දෙපස සිටියවුන්ට “සාම සැරයටි” උරුක් කරනුද දක්නට ලැබිණි. ලෝකය ආලෝකය සොයා යන්නේ අවිද්‍යාවේ සහ මිත්‍යාවේ අඳුර විද්‍යාව මඟින් බිඳලමිනි. විද්‍යා විෂයට ප්‍රජනනය පාඩම උගන්වාගන්නට ගුරුවරුන් ඇඹරෙන අප වැනි රටක, හෙට දිනයේ ආලෝකා නම් සුනඛයා ඉතිහාස පොතට පැමිණියහොත් පුදුම විය යුතුද නැත.

    ආලෝකාගේ තේජස පාරට්ටු කරන්නට සාම පාගමන මැදට “කලූ” ලෙසින් නම් කෙරුණු ලාංකික සුනඛයෙකු කඩා පැන්නා සේම, බොදු බැති සිතින් ඒකාලෝක වී සිටියවුන්ගේ වත අඳුරු කළ සිදුවීමක් ද ඒ සතියේම සිදුවිය. එනම්, තායිලන්තයේ සිට පැමිණි ලාංකික භික්ෂූන් 22 දෙනෙකු කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට ගැනීමයි. ඉන් නොනැවතී ඉහත භික්ෂුන්ගේ ජංගම දුරකථන වල තිබුණේ යැයි පවසමින් එම පිරිස මත්ද්‍රව්‍ය සහ කාන්තාවන් සමඟ විනෝදවන ජායාරූප කිහිපයක්ද සමාජජාලා වල සැරිසන්නට පටන් ගත්හ. “ඉන්දියන් බල්ලා” සහ “අපේ බල්ලා” අගයන්නට, සසඳන්නට පෙළගැසුණු බොදු හිතකාමීන්ට වියට්නාම හිමිවරුන්ගේ “සාම පා ගමන” සහ අපේ හිමිවරුන්ගේ “තායිලන්ත ගමන” එකට දැක කට උත්තර නැතිව ගිය බවනම් සහතිකය. රටවල් දෙකක සුනඛයන් දෙදෙනෙකු අතර වෙනස එතරම් අරුමය දනවන හැඟීමක් නොවූයේ  වීද, දෙරටෙහි භික්ෂුත්වය නම් ආලෝකය සහ අඳුර අතර වෙනස හඳුනානොගත් අයුරු විමසා බැලිය යුතුමය.

    මෙරට විද්‍යුත් නාලිකා දවස අරඹන්නේද, අවසන් කරන්නේද සෙත්පිරිත්, මහා පිරිත් විකාශය කරමිනි. පාසල් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන පවා දවසේ මෙහෙවරට පෙර ආගමික වතාවත් වල නියැළෙති. රටේ කුමන දෙසට ඇවිද්දද මීටර් කිහිපයක් ඇතුළත ආගමික සිද්ධස්ථානයක්, පිළිමයක් හෝ වන්දනාපිත වෘක්ෂයක් මුණ ගැසේ. සුපිරි තරු බිහිවනවාට වඩා වේගයෙන් සුමධුර ධර්ම දේශකයෝ බිහිවෙති. මාවිල් ආරු සොරොව්වෙන් පිටවූ රතන, බොදු බලයේ කිරුළ හිමි ගලබොඩ අත්තේ, ට්‍රැක්ටරයෙන් සසුන සී සාන සීලරතන, පිළිමයක් පෙන්නන්නටම බැරි කස්සප වැනි බුදුන් බදුගත් “අපිලයෙ සාදු” ලා අපට සිටියදී “අපිලයෙ රටේ” දහම ඒ කිසිවකින් ආලෝකය නොලැබ මිත්‍යා අඳුරේම ගිලී තිබෙණු පෙනේ. ශාස්තෘවරයා ආලෝකය කරගත් දහම අනුගාමිකයා වෙත යන්නේ පූජක ප්‍රජාව හරහාය. කුලයට, නිකායට, සිවුරට, පන්සලට බෙදුණු,  ධනයට, බලයට, කාමයට සහ මිත්‍යාචාරයට ලොල් පූජකයින් වෙතින් අනුගාමිකයිනට රැස් කිරීම, කුළල් කෑම ද්වේෂය, මාන්නය, අපචාරය වැනි අඳුරේ පහස මිස දහමේ රසය නමැති ආලෝකය ලැබෙන්නේ කෙසේද?

    රණවිරුවාට සෙබළා කී පමණින් ජාතික ආරක්ෂාව තහවුරු වන්නේ නැත. චීවරධාරියාට වනචාරියා කී පමණින් ආගමික සංහිඳියාව රැකෙන්නේ ද නැත. සුගීෂ්වරට ගොම ගැසුවා කියා හෝ රංග රාජපක්ෂ සියදිවි නසාගත්තා කීවාට භාණ්ඩාගාරයෙන් අතුරුදන් ඩොලර් මිලියන 2.5 නැවත ලැබෙන්නේ නැත. ශම්මි එළවා එරාන් ගෙනාවා කියා ශ්‍රී ලංකන් ක්‍රිකට් “බෝර්න් අගේන්” වන්නේද නැත. මේ රට අඳුරෙන් ආලෝකයට කෙසේ වෙතත් අඳුරෙන් අඳුරට යෑම නැවතීමට වුවමනානම්, පළමුව කළ යුත්තේ පුරවැසියා මිත්‍යාවෙන් ගළවා විද්‍යාව පෙන්වීමයි. එසේ නොවී සාම පා ගමන්, දළදා පෙරහරවල් දියකර පෙව්වත් මේ රට අඳුරෙන් අඳුරේම ය.

    Latest news

    යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

    යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

    ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

    ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

    රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

    මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

    ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

    ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
    - Advertisement -spot_img

    රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

    මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

    ගායකයන්ගේ කතාවක්

    ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page