Newsවාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

වාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

-

spot_img
  1. වාහන මිල  ලක්ෂ ගණනින් ඉහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (sscl) සියයට 2.5 කින් ඉහළ යෑම හේතුවෙන් පසුගියදා (01)   සිට වෙළඳපොලේ ආනයනික වාහන මිල ඉහළ ගොස් ඇතැයි අනුමාන කෙරේ.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසන පරිදි බදු ඉහළ යෑමත්, විදෙස් විනිමය අනුපාතවල සිදුවන හදිසි වෙනස් වීම් හේතුවෙනුත් වාහන වෙළඳපළේ ජනප්‍රිය වාහන මාදිලි කිහිපයකම මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව වෙසෙල් රුපියල් ලක්‍ෂ 300,000කින් සහ ටොයොටා රේස් රුපියල් 250,000කිනුත්, සුසුකි වැගන්ආර් රුපියල් 150,000කින් පමණ මිල ඉහළ යා හැකිය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපතිවරයා, වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙරටේ ගැනුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය වාහන මාදිලි කිහිපයකම මිල ආසන්න වශයෙන් මෙයාකාරයට ඉහළ යනු ඇති බවයි.

අපේ රටේ තවමත් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ වාහන වෙළඳපොළ තුළ මෙසේ  මිල ඉහළ යෑම අපේ රටේ වාහන ගැනුම්කරුවන්ට දරා ගැනීම අපහසු නිසා ඉදිරියේදී වාහන වෙළඳපොළ තුළ ඉල්ලුම නොසිතූ ලෙස පහත වැටිය හැකි බවට ආනයනකරුවෝ සඳහන් කර සිටිති.

ධාරා අබේනායක විසිනි.

Latest news

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක් ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය...

සූදු වෙබ් අඩවි 24 ක් තහනම්

සූදු වෙබ් අඩවි 24 ක් තහනම් වලංගු බලපත්‍රයක් රහිතව නීති විරෝධි ආකාරයෙන් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වා ගෙන ගිය...

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කිරීමේ තීරණයට එරෙහිව එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කර...

වී වලට මිල සූත්‍රයක්

වී වලට මිල සූත්‍රයක් ආණුඩුව පෙන්වා දෙන ආකාරයේ ලාබයක් වී ගොවිතැන තුළින් ගොවියාට නොලැබෙන බවත් වී සඳහා ලබා දෙන සහතික...
- Advertisement -spot_img

සූදු වෙබ් අඩවි 24 ක් තහනම්

සූදු වෙබ් අඩවි 24 ක් තහනම් වලංගු බලපත්‍රයක් රහිතව නීති විරෝධි ආකාරයෙන් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වා ගෙන ගිය...

එල්නිනෝ එක්ක එන ලෙඩරෝග

එල්නිනෝ එක්ක එන ලෙඩරෝග - Diseases with El Nino ස්වාභාවික සංසිද්ධි අපට වැළැක්විය නොහැකිය. ඒ උදෙසා කළ යුත්තේ පෙරතියා සූදානම්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you