FeaturesHealthලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

-

spot_img

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය

මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත් දෙපළ සිනහවේ මිහිරියාව වැඩි කරන අතරම එය පුද්ගල පෞර්ෂයට බලපාන මූලික කරුණක් බවත් පර්යේෂකයෝ සනාථ කොට ඇත. වත්මනයේදී බොහෝ දෙනා දත් ඉදිරියට නෙරා ඒම, දත් අතර පවතින අසාමාන්‍ය හිදැස්, පොකුරු ආකාරයෙන් හෝ අපිළිවෙළට පිහිටන දත්, මුඛය හා මුහුණ ආශ්‍රිත උපතින් ඇතිවන අසාමාන්‍ය පිහිටීම් සහ සින්ඩ්‍රෝම තත්ව නිසා ඇතිවන දත් සැකැස්මෙහි විවිධත්වය නිසා පීඩා විඳිති. දන්ත විකෘතිතාවන්ට හේතු වන්නේ ජානමය වෙනස්කම් සහ උරුම, පාරිසරික හා සාමාජීය හේතු මෙන්ම ඇතැම් අයහපත් සෞඛ්‍ය පුරුදු වේ. මෙයාකාරයට ඇතිවන දත්වල හා හණුවල විකෘතිතා හා විශමතා නිවැරදි කිරීමට යොදා ගන්නා සාර්ථකම ක්‍රමවේදය බ්‍රේසස් Braces ප්‍රතිකාරය ය. ඇතැම් රෝගීන් සඳහා හණුවල සැත්කම් පවා මීට සමගාමීව සිදු කෙරේ. 

braces-treatment

 

බ්‍රේසස් ප්‍රතිකාර ක්‍රම කිහිපයකි.

රෝගියාටම ගලවා ඉවත් කළ හැකි බ්‍රේසස්. මෙය Removable braces ලෙස හැඳින්වේ. අනෙක් ක්‍රමය රෝගියාට ගලවා ඉවත් කළ නොහැකි දත් මත කුඩා මල් මෙන් අලවා ඇති ස්ථිර උපාංගය. මෙය fixed braces ලෙස නම් කෙරේ. තුන්වැනි ක්‍රමය රෝගියාටම ගලවා ගත හැකි සේම නැවත සවි කර ගත හැකි පිටතට අඩු වශයෙන් දිස්වන invisible braces නැත්නම් clear braces ලෙස හඳුන්වයි. ඔබට ගැළපෙන සුදුසුම ප්‍රතිකාර ක්‍රමය වෛද්‍යවරයා විසින් මූලික පරීක්ෂණ වලින් අනතුරුව තීරණය කරනු ලබයි.

ප්‍රතිකාර ලබා ගන්නේ කාගෙන්ද?

දන්ත විකලාංග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් consultant orthodontist / specialist in orthodontist

අපේ රටේ දේශීයව මෙන්ම විදේශීයවද ඉතා ඉහළ පුහුණුවක් ලැබූ විශේෂඥ වෛද්‍යවරු 50කට ආසන්න පිරිසක් සේවය කරති. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල්වලින්ද මෙම සේවාව ලබා ගත හැකිය. පහත රෝහල්වල මෙකී විකලාංග දන්ත විශේෂඥ සායන පවතී. කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය රෝහල, කළුබෝවිල, කලුතර, මාතර, රත්නපුර, රිජ්වේ ආර්යා ළමා රෝහල, මීගමුව, හලාවත, මාතලේ, කෑගල්ල, වතුපිටිවල, රාගම, මහරගම දන්ත සායනය, බදුල්ල, මහියංගණය, රිකිල්ලගස්කඩ, යාපනය, මඩකලපුව, වවුනියා, පොලොන්නරුව, අනුරාධපුර, පේරාදෙණිය ළමා රෝහල, පේරාදෙණිය දන්ත වෛද්‍ය රෝහල, තෙල්දෙණිය, හම්බන්තොට, කුරුණෑගල, කොළඹ හමුදා හා පොලිස් රෝහල

braces-treatment

දන්ත වෛද්‍යවරුන්

මූලික සරල දන්ත විකෘතිතා සඳහා ඇතැම් දන්ත වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දෙන අතර එම සේවය ලබා ගත හැක්කේ පෞද්ගලික අංශයෙන් පමණි. දන්ත විකෘතිතා සඳහා ප්‍රතිකාර ලබා දීමට braces ප්‍රතිකාර ලබා දීමට පෙර ඔබගේ දත් දෙපෙළේ මැලියම් බැඳී ඇත්නම් ඒවා ඉවත් කර, දත් මුල් හා විදුරුමස් රෝග සඳහා ප්‍රතිකාර කළ යුතුය. දිරා ගිය දත් ඇත්නම් ඒවා හොඳින් පුරවා මුඛ සෞඛ්‍යය ඉහළ නංවා ගැනීම ප්‍රමුඛ වේ.

braces-treatment

බ්‍රේසස් ප්‍රතිකාර ආරම්භ කළ පසුවද වෛද්‍ය උපදෙස් අනුව ඉහළ මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම ඔබගේ වගකීමය. එසේ නොවුණහොත් දත් දෙපෙළ ලස්සන වෙනවා වෙනුවට රෝගී වූ විදුරු මසක් සහ දිරා ගිය දත් දෙපෙළක් ඔබට ඉතිරි වනවා නොඅනුමානය. බාල ,තරුණ ,වැඩිහිටි සැමට කායික මානසික අපහසුතා ගෙන එන මෙම දන්ත විකෘතිතා නිවැරදි කර ගැනීම ගැළපෙන වෛද්‍ය උපදෙස් හමුවේ ඉතාමත්ම පහසු කාර්යයකි. එහෙත් ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම මෙන්ම උපදෙස් පිළිපැදීම ඔබගේ වගකීම බව මතක තබා ගන්න.

කතාබහ
ධාරා අබේනායක 

Dr.Shyama Dilruksh
පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ දන්ත විකලාංග විශේෂඥ වෛද්‍ය (වැ.බ) ශ්‍යාමා දිල්රුක්ෂි හේරත්

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you