Featuresලෙඩ මට්ටු කරන කෑම බීම

ලෙඩ මට්ටු කරන කෑම බීම

-

spot_img

ලෙඩ මට්ටු කරන කෑම බීම – Nutritious food and drink

මේ කාලයේදී බෝවන රෝග ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කළද බෝ නොවන රෝග ද අවදානම තීව්‍ර කරයි. ඒ අනුව බෝවෙන සහ බෝ නොවන රෝගීන්ගේ පෝෂණය කෙසේ විය යුතුද ?

නිරෝගීකම අතුරුදන් වෙන හැටි

බැක්ටීරියා, විවිධ වයිරස්, දිලීර සේම එක් එක් මදුරු වාහකයන් නිසාත් අපේ ශරීරයේ නිරෝගීතාව ගිලිහේ. මින් වයිරස මගින් හටගන්නා රෝගවලට ප්‍රතිකාර නැත.

රෝගී වීම සඳහා විෂබීජවල දායකත්වය

වාතය, කෙළ බිඳිති, පිළුණු හෝ කල් ඉකුත්වූ ආහාර, ජලය හෝ මදුරු වාහකයන් මගින් රෝගකාරක විසබීජ අපට ඕනෑම අවස්ථාවකදී ශරීර ගත විය හැකියි. ශරීරයට ආගන්තුක එම ද්‍රව්‍යයට විරුද්ධව අපේ ශරීරයේ සෛල ක්‍රියාත්මක වීමට පටන් ගනී. රුධිරයේ ඇති විවිධ සෛල වර්ග හා සටන් කිරීමට එම රෝගකාරකයට සිදුවේ. රෝග කාරක විසබීජ ශරීර ගතවන සංඛ්‍යාව හා ශරීරයේ සෛලවල පවතින ශක්තිය අනුව මේ සටනේදී ශරීරයේ ඇති සෛල දක්වන ප්‍රතික්‍රියාව බලවත් වුවහොත් රෝගකාරක පරාජය වේ. එහෙත් රෝගකාරකය බිඳ හෙළීමට ශරීරයේ සෛලවල ශක්තිය ප්‍රමාණවත් නොවුණහොත් අපට රෝගය වැළඳේ.

Nutritious food and drink

රෝගවලට එරෙහිව සටන් වැදීම

එසේනම් අපේ ශරීරය රෝගවලට එරෙහිව සටන් කිරීමේ ශක්තිය ගොඩනඟා ගන්නේ කෙසේද යන්න දැනුම්වත් වීම අවශ්‍ය වේ. මේ ශක්තිය ශරීරයට ලබා දීමට සමබල ආහාර වේල්, ප්‍රමාණවත් පරිදි පිරිසුදු ජලය පානය කිරීම, ආතතියෙන් ⁣තොර වීම, මත්පැන්, දුම්පානයෙන් තොර වීම මෙන්ම උසට සරිලන ශරීර බර පවත්වා ගෙන යෑමත් ඉතා වැදගත් වේ. ඒ වගේම දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් වැළකීම සේම ඒවාට මේ වනවිටත් ගොදුරුව ඇත්නම් නිසිලෙස පාලනය වී සිටීමද කළ යුතු වේ.

වයිරස් රෝගවලට බෙහෙත් නැහැ

වයිරස් රෝග සඳහාද ප්‍රතිකාර නොමැති අතර රෝග ලක්ෂණ සඳහා පමණක් ප්‍රතිකාර ලබා දේ. ඒ අනුව මතු වන රෝගී ලක්ෂණවලට ප්‍රතිකාර ලබා දෙමින් ශරීරය තුළින් ප්‍රතිශක්තිය උපදවා ගෙන රෝගකාරක මර්දනය කිරීමට අවශ්‍ය ශක්තිය අපේ සිරුරට ලබා දේ. ප්‍රතිශක්තිකරණය සඳහා එන්නත් ලබා දීමෙන්ද අප සිදු කරන්නේ යම්හෙයකින් වයිරස ශරීර ගත වුවහොත් එය මර්දනය කිරීමට අවශ්‍ය ශක්තිය සිරුරට ලබා දීමත්, රෝගය වැළඳුණහොත් ඉන් ඇතිවන සංකූලතා අවම කිරීමත්ය. එසේනම් රෝග වැළඳීමේ අවධානමෙන් මිදීමටත්, රෝගය වැළඳීමෙන් ඇතිවන සංකූලතා අවම කිරීමටත් අප කුමක් කළ යුතුද? ඒ සඳහා අප ගන්නා ආහාර සුවිශාල කාර්යභාරයක් ඉටු කරයි.

Nutritious food and drink

නිරෝගීකම පවත්වා ගනිමු

බේත් හේත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සේම අප ගන්නා නැවුම් ආහාර පානත් නිරෝගී සෞඛ්‍යයක් පවත්වා ගෙන යෑමේ මූලික රහස වේ. පිරිසුදු හා නැවුම් එළවළු පලතුරු පෝෂණයෙන් මෙන්ම ගුණදායී බවෙන්ද වැඩිය. අපේ ආහාර වේල ශක්තිය ලබා දෙන ආහාර, වර්ධක ආහාර මෙන්ම ආරක්ෂක ආහාර යන කාණ්ඩ තු⁣නෙන්ම සමන්විත විය යුතු බවට ඔබ දැනුම්වත්ව ඇති. බත්, බඩ ඉරිඟු, තිරිඟු, කුරක්කන්, මෙනේරි ආදිය මෙන්ම අල, බතල ආදියත් තෙල් හා මේද මඟින්ද ශක්තිය ලබා දේ. මාළු, මස්, කිරි, බිත්තර, කව්පි, කඩල, පරිප්පු, මුං ඇට ආදිය සිරුරේ වර්ධනය මෙන්ම ගෙවී ගිය කොටස් අලුත්වැඩියාවත් රෝග මර්දන ශක්තිය ලබා දීමටත් අවැසි වේ. ඒ වගේම එළවළු, පලතුරු, පළා වර්ගවලින් ලැබෙන විටමින්, ඛනිජ වර්ග, ප්‍රතිඔක්සිකාරක, කෙඳි, ශරීරය ලෙඩ රෝගාදිය වැළඳීමෙන් ආරක්ෂා කර තබයි. විශේෂයෙන් විටමින් A, C, E හා D විටමින මෙන්ම B විටමින් සංකීර්ණයද යකඩ, කැල්සියම්, සින්ක්, අයඩින්, මැග්නීසියම් මෙන්ම අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය වන තඹ, සෙලිනියම්, කැඩ්මියම්, ක්‍රෝමියම්ද ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. මෙහිදී සිදු වන්නේ අප ගන්නා ශක්තිය ලබා දෙන සහ වර්ධක ආහාර නිසි අයුරින් ශරීරයට ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය හෝමෝන, එන්සයිම පද්ධතිවල සංඝටක ලෙස විටමින් සහ ඛනිජ වර්ග ක්‍රියා කිරීමයි. එම පෝෂකවල අඩුවක් සිදු වූ විට ශරීරයේ අභ්‍යන්තර ආරක්ෂණ ක්‍රියාවලි අඩපණ වේ. එමෙන්ම දෛනිකව ප්‍රමාණවත් පරිදි නිසියාකාරයෙන් ජලය හා දියර වර්ග පානය නොකිරීමත් ශරීරයේ සෛල විජලනය වීමට හේතු වී ශරීර ආරක්ෂාවට බාධා පමුණුවයි.

ආහාර ලැයිස්තුව

ශක්තිය ලැබෙන බත්, කුරක්කන්, බඩ ඉරිඟු වැනි ධාන්‍ය මෙන්ම අල, බතල, කොස්, දෙල් වගේ ස්වාභාවික ආහාර වර්ගත් ආහාර වේලට එකතු විය යුතුයි. එමෙන්ම රෝග මර්දන ශක්තිය ඇති , සිරුරේ ගෙවී ගිය කොටස් අලුත්වැඩියාවට බලපාන මාළු, මස්, බිත්තර, හාල්මැස්සන් හා කිරි ආහාරයක් මෙන්ම කව්පි, කඩල, පරිප්පු, මුං සෝයා වැනි ඇට වර්ගයකුත් මතක ඇතිවම එකතු කර ගන්න. ඒ වගේම ශරීරයේ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන ආරක්ෂක ආහාර කාණ්ඩයත් ඉතා වැදගත් වේ. එනම් එළවළු, පලතුරු සහ පළා වර්ගයි. විටමින් A, C, E, D සහ B සංකීර්ණයේ විටමින රෝගවලට එරෙහිව ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩනැඟීමට උපකාර වේ. තවද රෝග වැළඳුණු පසුව රෝගී තත්ත්වය දරුණු වීමට එරෙහිව ඇවැසි ශක්තිය ලබා දීමද සිදු වේ. විශේෂයෙන් විටමින් C යනු වයිරස හා බැක්ටීරියාවලට එරෙහි වීමට හැකියාවක් මෙන්ම අසාත්මිකතා අවම කිරීමේ ශක්තියකින් හෙබි විටමිනයකි. හෘදයේ, රුධිරවාහිනීවල මනා පැවැත්මට විටමින් C මඟින් සුවිශාල කාර්යයක් ඉටු කෙරේ. විටමින් E, ඔමේගා – 3 මේද අම්ල රුධිර වාහිනීවල මනා පැවැත්මට සේම, රුධිරය කැටි ගැසීම වැලැක්වීමත්, කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමටත් දායක වේ. එමෙන්ම ඛනිජ ලවණ, සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, පොස්පරස්, අයඩින් සහ සින්ක් ශරීර අභ්‍යන්තර පරිසරයේ සමතුලිතතාව පවත්වා ගෙන යෑමට මහෝපකාරී වේ. එමෙන්ම රුධිර පීඩනය, ඇස්වල සෞඛ්‍යය රැක ගැනීමට, රෝග මර්දන ශක්තිය ඇති කිරීමටත් දායක වේ. මානසික ඒකාග්‍රතාව ඇති කිරීමට, මොළයේ මනා ක්‍රියාකාරීත්වය උදෙසාද මෙම පෝෂක වැදගත්ය. එබැවින් ඔබ ගන්නා ආහාර වේලට ඉහත පෝෂකවලින් අනූන ආහාර වර්ග එකතු කිරීමේ වැදගත් බව සුළුපටු නොවේ.

Nutritious food and drink

ලෙඩ රෝග පැතිර යන කාලයට ඔබින ආහාර වට්ටෝරුව

ධාන්‍ය – සහල්, කුරක්කන්, මෙනේරි,බඩ ඉරිඟු, ඕට්ස් ඇට වර්ග – පරිප්පු, කඩල, මුං ඇට, සෝයා, කව්පි, එළවළු – මුරුංගා, බෝංචි, බීට්රෑට්, වට්ටක්කා, දඹල, කරවිල, රාබු,කැරට්, පිපිඤ්ඤාා, තක්කාලි, ගෝවා, වම්බටු, බණ්ඩක්කා, පතෝල, වැටකොළු ආදී කොළ සහ කහ පැහැ එළවළු, පලතුරු, නෙල්ලි, පේර, කජු, කාමරංගා,⁣ ලෙමන්, දෙහි, පැපොල්, වෙරළු, අඹ, කොමඩු, දෙළුම්, කෙසෙල් ආදියත්. පළා වර්ග, මුරුංගා කොළ, ගොටුකොළ, තම්පලා, කංකුං, කතුරු මුරුංගා, මුගුණුවැන්න, සාරණ, අගුණ කොළ ආදියත් ඉතා පහසුවෙන් ඔබට සොයා ගත හැකියි. අල වර්ග, අර්ථාපල්, බතල සත්වමය ආහාර, මාළු, කුකුල් මස්, බිත්තර, හාල්මැස්සන්, කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ස්වාභාවික රසකාරක, ඉඟුරු, සුදුලූණු, කුරුඳු, කරාබු නැටි, රතු ළූණු, එනසාල්, කරපිංචා, රම්පෙ, සේර ආදියත් කොත්තමල්ලි, සූදුරු, ගම්මිරිස් ස්වාභාවික පාන වර්ග, බෙලි, රණවරා, ඉරමුසු, පොල්පලා, පාරම්පරික සහල් එනම් කළු හීනැටි, කුරුලු තුඩ, පච්චපෙරුමාල්, මඩතවාලු, සුවඳැල් ආදී සහල් වර්ග මුසු කරමින් සාදන ලද කැඳ වර්ග, පොල් කිරි කැඳ ආදියත් ඉතාම ගුණදායකයි. කෘත්‍රිම රසකාරක යෙදූ, අධික ලුණු, තෙල් සහ සීනි සහිත ආහාරවලින් හැකිතාක් ඉවත් වීම නුවණට හුරුය. දිනකට ජලය වීදුරු 6ත් 8ත් අතර ප්‍රමාණයක් ලීටර් දෙකත්, දෙකහමාරත් අතර පානය කරන්න. මත්පැන් සේම දුම්පානයෙන්ද ඉවත් වන්න. ඉහත පුරුදු අනුගමනය කිරීම මඟින් ඔබට සිරුරේ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි දියුණු කර ගත හැකිය. රටේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වයට ඔරොත්තු දිය හැකි පරිදි ප්‍රතිශක්තිය ගොඩ නංවා ගැනීමටද ඉවහල් වේ. මෙවැනි කාලවලට ඖෂධ වන්නේ අප ගන්නා ආහාර බව මතක තබා ගන්න.

Nutritious food and drink

මන්දපෝෂණයෙන් මිදෙමු

කුඩාම දරුවන් අතර මෙන්ම තරුණ වැඩිහිටි කුමන වයස් කාණ්ඩය ගත්තද ප්‍රධාන පෝෂණ දුර්වලතාවක් වන මන්දපෝෂණයද සුලබව වාර්තා වේ. ඒ අනුව අඩු පෝෂණය මෙන්ම අධි පෝෂණයද ශරීර රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව හීන කර දමයි. පෝෂණ ගුණයෙන් අනූන කෑම වේලක් ඔබට ඉතාම පහසුවෙන් වටපිටාවෙන්ම සපයා ගත හැකියි. අධික මුදලක් වැයකොට පිටින් ලෙඩ රෝග ශරීරයට ඇතුල් කර නොගන්න.

සරලව සිතීම අපේ කලාව කරගනිමු

බතක්, එළවළුවක්, පළා වර්ගයක්, හාල්මැස්සන් කීප දෙනෙක් හෝ බිත්තරයක් සැම ආහාර වේලකටම එකතු කර ගන්න. පහසුවෙන් ලබා ගත හැකි පලතුරක්, වෙරළු ගෙඩියක්, පේර, පැපොල් කැබැල්ලක් ආහාරයට එකතු කර ගන්න. වෑංජන රාශියක් පිළියෙළ කරනවාට වඩා එළවළුවක්, පරිප්පු, පළා වර්ගයක්, හාල්මැස්සන් එකතු කර එක් වෑංජනයක් සමඟ බත් හෝ පාන් හෝ රොටි හෝ අල වර්ගයක් හෝ ආහාරයට ගත හැකිය.

කතාබහ
ධාරා අබේනායක

Dr.Shanthi Gunawardane
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

ගෙදරදීම චිකන් ඩ්‍රම්ස්ටික්ස් හදාගමු

ගෙදරදීම චිකන් ඩ්‍රම්ස්ටික්ස් හදාගමු - Chicken Drumsticks චිකන් ඩ්‍රම්ස්ටික්ස් කියන්නෙ ලොකු කුඩා කවුරුත් කන්න කැමති කෑමක්. ගෙදරදිම ලේසියෙන් ඩ්‍රම්ස්ටික් හදන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you