Foodරෙස්ටුරන්ට් රසට ගෙදරදීම පෝක් ඩෙවල්

රෙස්ටුරන්ට් රසට ගෙදරදීම පෝක් ඩෙවල්

-

spot_img

රෙස්ටුරන්ට් රසට ගෙදරදීම පෝක් ඩෙවල් – Devilled Pork

කටට රසට කන්න කැමති අයට ගැළපෙනම කෑමක් තමයි පෝක් ඩෙවල්. රෙස්ටුරන්ට් රසට සැරට කන්න ගෙදරදීම පෝක් ඩෙවල් එකක් හදාගන්නෙ කොහොමද බලමු. මේක බත්, ෆ්‍රයිඩ් රයිස් එක්ක වගේම බයිට් එකටත් නියමෙටම ගැළපෙනවා. 

Devilled Pork

අවශ්‍ය ද්‍රව්‍ය

[ මැරිනේට් කිරීමට ]

•පෝක් 500g
•තුනපහ මේසහැඳි 1
•මිරිස් කුඩු මේසහැඳි 1
•කහ කුඩු ¼
•විනාකිරි මේසහැඳි 1                Devilled Pork
•සෝයා සෝස් මේසහැඳි 1
•ලුණු

[ඩෙවල් එකට සඳහා ]

•ළූණු ගෙඩි 1
•තක්කාලි ගෙඩි 1
•මාළු මිරිස් කරල් 1
•කපාගත් සුදුළූණු මේසහැඳි 1
•කපාගත් ඉඟුරු මේසහැඳි 1
•අමු මිරිස් කරල් 2
• කරපිංචා
• සීනි ස්වල්පයක්
• පොල්තෙල්
•තක්කාලි සෝස් මේස හැඳි 1
• කෑලි මිරිස් මේස හැඳි 2
• ගම්මිරිස් කුඩු
•ලුණු

සාදන ආකාරය

• පෝක් හොඳින් සෝදා වතුර ඉවත් කර කැබලි වලට කපා ගන්න. (පෝක් කැබලි එකම ප්‍රමාණයට කපා ගන්න) ඉන්පසු බෝල් එකකට පෝක් ටික, තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, විනාකිරි, සෝයා සෝස් සහ රස අනුව ලුණු එකතු කරන්න. මේ සියල්ල හොඳින් මිශ්‍ර කර පෝක් කැබලි වලට කුළුබඩු හොඳින් අල්ලගන්න විදිහට විනාඩි විස්සක් විතර මැරිනේට් කර ගන්න.

• පෑන් එකකට පොල්තෙල් ටිකක් දාලා රත් කර ගන්න. තෙල් හොඳින් රත් වූ පසු මැරිනේට් කරගත් පෝක් ටික එකතු කර රන්වන් පැහැවන තුරු ( ක්‍රිස්පි ගතිය එනකං) මධ්‍යම ගින්දරේ බැදගන්න.

Devilled Pork

• ඊළඟට තවත් පෑන් එකක් ගෙන පොල්තෙල් ටිකක් එකතු කර රත් කර ගන්න. තෙල් රත් වූ පසු කපා ගත් සුදුළූණු සහ ඉඟුරු එකතු කර සුවඳ එනතුරු බැදගන්න. දැන් එයට රවුමට කපාගත් ළූණු, මාළු මිරිස්, අමු මිරිස් සහ කරපිංචා එකතු කරන්න. දැන් රවුමට කපාගත් තක්කාලි එකතු කර මෘදු වෙනතුරු කලවම් කරන්න. ඊට පස්සෙ කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු සහ සීනි ටිකක් එකතු කරන්න.

• දැන් මෙයට බැදගත් පෝක් ටි එකතු කර ගන්න. ඒ එක්කම තක්කාලි සෝස්ද එකතු කර හොඳට කලවම් කර ගන්න. ගින්දර ටිකක් අඩු කර විනාඩි කිහිපයක් පෝක් සහ සෝස් කවලම් කරමින් පිස ගන්න. අවශ්‍ය නම් තවත් ගම්මිරිස් කුඩු ටිකක් ඉස ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you