Newsනීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

-

spot_img

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මීගමුව, හලාවත, පුත්තලම, මන්නාරම ඇතුළු ධීවර දිස්ත්‍රික්ක 15ක් ආවරණය වන පරිදි දිස්ත්‍රික් කමිටු ස්ථාපිත කිරීමට යෝජනා විණි. මෙම කමිටුවල සම සභාපතිවරුන් ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කරනු ලබයි. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පසුගියදා (25) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම කමිටුව දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (ධීවර), ධීවර අමාත්‍යතුමා විසින් පත් කරන ලද ධීවර සම්බන්ධීකරණ නිලධාරී, ධීවර සමිතිවල අදාළ සාමාජිකයන්, ශ්‍රී ලංකා පොලිසිය, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ ජලජීවී වගා සංවර්ධන අධිකාරිය යන ආයතන නියෝජනය වන පරිදි සමන්විත වනු ඇත. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදු වන මත්ස්‍ය මංකොල්ලකෑම් වළක්වා ගන්නේ කෙසේද, ධීවර වෘත්තියේ නියැළෙන්නන්ට සිදු වන අනතුරු වළක්වා ගැනීමට ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳවද එහිදී වැඩිදුරයත් අවධානය යොමු විණි.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you