Fashion and Beautyදවස් හතෙන් සුදු වෙන හැටි

දවස් හතෙන් සුදු වෙන හැටි

-

spot_img

දවස් හතෙන් සුදු වෙන හැටි – Be beautiful 

පැහැපත් දිදුලන සමක් හැම කාන්තාවකගේම හීනයක්. සම ලස්සනට තියාගන්න නම් අනිවාර්යයෙන්ම එය හොඳින් රැක බලා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. මේ සඳහා ආලේපන විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. මේ පියවර අනුගමනය කළොත් දවස් හතකින් පැහැපත් දිදුලන සමක් ලබා ගන්න ඔයාට පුළුවන්. කරන්න තියෙන්නෙ දවස් හතට පහත පියවර අනුගමනය කරන එක.

Day 01 – Cleanse & Hydrate

• සමට සත්කාර කරන්න කළින් න් දැනගන්න ඕනෙ වැදගත්ම දේ තමයි සම හොඳින් පිරිසිඳු කරන එක. මැරුණු සම, දුහුවිලි, මේකප් නිසා සමේ සිදුරු නිතරම අවහිර වෙලා තියෙන්න පුළුවන්. හරියට පිරිසිඳු නොකෙරුව මුහුණට සත්කාර කරාට වැඩක් නැහැ. රාත්‍රියට මුහුණ සේදීමට පෙර මේකප් හොඳින් remove කරගෙන ඉන්න. සම දීප්තිමත්ව තියාගන්න වතුර ගොඩක් වැදගත්. දවසකට අවම වශයෙන් වතුර වීදුරු 8-10 ක් බොන්න. කැමති නම් වතුර වීදුරුවට ලෙමන් හෝ පිපිඤ්ඤා පෙත්තක් එකතු කරන්නත් පුළුවන්.

Be beautiful 

Day 2 – Exfoliation

මැරුණු සෛල සමේ ස්වභාවික දීප්තිය අඩු කරනවා. මේ නිසා දීප්තිමක් සමක් ලබා ගැනීමට ස්ක්‍රබ් කිරීම අත්‍යවශ්‍යයි. විනාඩි 2 – 3 ක් කවාකාරව මෘදුව මුහුණ ස්ක්‍රබ් කරන්න. ස්ක්‍රබ් කිරීමෙන් පසුව පිරිසිඳු කරගත් මුහුණේ සීරම් එකක් හෝ මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. ස්ක්‍රබ් කිරීමෙන් සමට දීප්තිමත්, සුමුදු බවක් ලැබෙනවා.

Day 3 – face mask

දැන් ඔබේ සම හොඳින් පිරිසිඳු නිසා face mask එකක් අත්‍යවශ්‍යයි. ඔබේ සමේ වර්ගයට ගැලපෙන face mask එකක් දාන්න. විටමින් C සහිත face mask එකක් තෝරා ගන්න. විටමින් C සම දීප්තිමත් කරනවා. විනාඩි 15 – 20 ක් පමණ තබා ඇල් මැරුණ ජලයෙන් සෝදා හැර මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න.

Be beautiful 

Day 4 – Facial Massage

සම්බාහනය කිරීමෙන් මුහුණේ රුධිර සංසරණය හොඳින් සිදු කරමින් දීප්තිමත් සමක් ලබා දෙනවා. ජොජෝබා හෝ ආමන්ඩ් ඔයිල් වැනි තෙල් වර්ග තරමක් රත් කොට බිංදු කිහිපයක් මුහුණේ ගල්වන්න. මෘදු ලෙස උඩු අතට සම්බාහනය කරන්න. මෙමගින් සම දීප්තිමත් කරනවා මෙන්ම මනසට සැහැල්ලුවක්ද ගෙනත් දෙනවා.

Day 5 – Nutrition

සමෙහි දීප්තිය සඳහා අභ්‍යන්තර පෝෂණයත් වැදගත්. ඔබ කන බොන දේ මේ සඳහා අනිවාර්යයෙන්ම හේතු වෙනවා. පැපොල්, නිවිති, පිපිඤ්ඤා, ධාන්‍ය වර්ග වැනි දේ වැඩිපුර ආහාරයට එකතු කරගන්න. සීනි සහ ලුණු භාවිතය සීමා කරන්න.

Be beautiful 

Day 6 – Sun Protection

හිරු එලියෙන් ඔබේ සමට විශාල හානියක් සිදු වෙනවා. එබැවින් හැකිතරම් හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න. එළිමහනේ සිටින විට සෑම පැය 2 කට වරක් SPF 30 හෝ ඊට වැඩි අගයකින් යුතු sunscreen එකක් පාවිච්චි කරන්න .

Day 7 – The Big Glow Reveal

හත් වෙනි දිනය වෙනවිට ඔබේ සමේ පැහැදිළි වෙනසක් දක්නට ලැබේවි. මේ දේවල් දිගටම සිදු කළහොත් නිරෝගී දීප්තිමත් සමක් ලබා ගැනීම සිහිනයක් නොවේවි. නිරෝගී සමක් සඳහා ආලේපනවලට අමතරව හොඳ රැකවරණයක්, පෝෂණයක් සහ නින්ද අත්‍යවශ්‍යයි.

Latest news

සුරේෂ් සලේට හෘදයාබාධයක්

සුරේෂ් සලේට හෘදයාබාධයක් ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල්, සුරේජ් සලේ හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ...

ඔන්න අපි රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්නයි හදන්නේ

රාජ්‍ය සේවකයින් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ,...

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...
- Advertisement -spot_img

ජනප්‍රිය වුණාම අතරමං වෙනව

ජනප්‍රිය වුණාම අතරමං වෙනව - Mrunal Thakur මෘනාල් තාකූර් යනු සමකාලීන ඉන්දියානු සිනමාවේ වඩාත් බලාපොරොත්තු සහගත ලෙස සැළකෙන තරුවක්. රූපවාහිනී...

පිරිමියෙක් නැති තනි ගැහැණියක්

පිරිමියෙක් නැති තනි ගැහැණියක් - Maa Behen තමන් ගැන හොයනවට වඩා අනිත් අය ගැන හොයන්න අපි අතරෙ ගොඩක් අය කැමතියි....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you