Featuresතනිවෙන්න හිතෙන එක ලෙඩක්ද?

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද?

-

spot_img

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද?

”මට ටිකක් තනියම ඉන්න දෙන්න” මේ ඔබට හුරු පුරුදු වාක්‍ය කණ්ඩයක් වනවාට සැක නැත. ඒ් තනියම සිටීම හොඳයැයි තීරණය කර ගත් පසුවය. සමහරුනට තමන් තනිව සිටින විට හුදෙකලා බවක් නොදැනෙන අතර ,තවත් කෙනකුට දෙනෝදාහක් මැද වුවත් තනිකමක්, පාළුවක් දැනීමට පුළුවන. එය මනසේ හට ගැණෙන තත්වයකි. තනිකම ඇති කරවන හේතු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නිසා එය වළක්වා ගැනීම සහ ඒ සඳහා පිළියම් යෙදීම සංකීර්ණ කාර්යයක් වී ඇත. තනිකම මානසික සෙඛ්‍යයට මෙන්ම කායික සෞඛ්‍යයටද අයහපත් ලෙස බලපාන බව පර්යේෂකයින් පෙන්වා දී තිබේ. සමාජ සබඳතා දුර්වල වීමෙන් විෂාදය, සාංකාව, ඩිමෙන්ෂියාව වැනි මානසික රෝගාබාධ සේම අංශභාගය, හදවත් රෝග වැනි කායික රෝගාබාධ ද ඇති වීමේ අවදානම් සාධකයකි. මෙම ලිපිය මඟින් සාකච්ජා කෙරෙන්නේ තනිකම හා සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳවයි. 

feel lonely

තනිකම දැනෙන්නේ ඇයි?

ඒවා බාහිරින් ඇතිවන සාධක ලෙස හඳුනා ගැනීමට පුළුවන. එනම් ශාරීරිකව දුරස් වීම යන සාධකය ගෙන බලමු. රැකියාවකට යෑම, රැකියාවෙන් සමු ගැනීම, අලුත් වාසස්ථානයකට යෑම, දික්කසාද වීම, සමීපතමයකුගේ මරණය, විවිධ හේතු නිසා අපවාදයට, කොන් වීමකට ලක් වීම වැනි කාරණා දැක්විය හැකිය. එසේම විශාදය වැනි මානසික රෝගාබාධවලදීද පුද්ගලයකු අන් අයගෙන් වෙන්ව සිටීමට පෙළඹෙන බැවින් තනිකමක් දැනීමට පුළුවන.

මීට අමතරව පුද්ගලයකුගේ ඇතුළාන්තයෙන් ඇතිවන සාධක නිසාද තනිකම ඉපදිය හැකිය. ඒ අනුව ආත්ම අභිමානය අඩු වීමෙන් තමන් ගැන අඩුවෙන් තක්සේරු කිරීමට ඇතැම්හු පෙළඹෙති. එවිටද සිදු වනුයේ සෙසු පාර්ශව වෙතින් මිදී හුදෙකලා වීමය. පුද්ගල පෞරුෂමය සාධකද මේ සඳහා ඉවහල් වේ. මෙහිදී සහජයෙන්ම හුදෙකලාව විසීමට නැඹුරු හා අන් අය සමඟ සබඳතා ඇති කර ගැනීමට අපහසු පුද්ගලයන්ට තනිකමින් පීඩා විඳීමට සිදු වේ. මේ අනුව තනිකම කියන්නේ පුළුල් පරාසයක පැතිරුණු අයහපත් මානසික හා කායික බලපෑම් ඇතිකරන්නකි. ඒ අයහපත් ප්‍රතිඵල මොනවාද?

feel lonely

මානසික ආතතිය වඩවයි, තීරණ ගැනීමේ හැකියාව දුර්වල කරයි, මතකය අඩු වීමට පටන් ගැනේ, ඉගෙනුම් දුර්වලතා මතු කරවයි, මොළයේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතා සිදු වේ, විශාදය හට ගැනේ, සමාජ විරෝධී හැසිරීම් පවාද සිදු වීමට පුළුවන, මධ්‍යසාර හා මත් ද්‍රව්‍ය භාවිතයට යොමු වේ, අයහපත් ජීවන රටා මතු කරවයි. ඒ යටතේ ව්‍යායාම මඳකම, වැරැදි ආහාර පුරුදු, නින්දේ අක්‍රමිකතා පවා හේතු විය හැකිය. වෛද්‍ය දත්තවලට අනුව තනිකම දැනීමේ ප්‍රවනතාවෙහි වැඩි වීමක් දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම තරුණ පරම්පරා අතරද මෙහි ව්‍යාප්තියක් දක්නට ලැබේ. එකී වර්ධනයට අසීමිත අන්තර්ජාල භාවිතය හා සමාජ මාධ්‍ය හේතුවන බවද සොයා ගෙන ඇත.

එසේම විශේෂඥයන් පෙන්වා දෙන පරිදි සමාජ සම්බන්ධතාවල සංඛ්‍යාත්මක අගය නොව ඒවායේ ගුණාත්මක බව තනිකම දුරලීමට පිටිවහලකි. ඒ නිසා අප ඇති කර ගන්නා සබඳතා පෝෂණය කිරීමට උනන්දු විය යුතුය. පැළයක් දලු ලා හොඳින් වැඩීමට නිසි සත්කාර අවශ්‍ය වනවා සේම ශක්තිමත් ගුණාත්මක සබඳතා සඳහා කාලය ශ්‍රමය කැප කිරීමෙන් විශ්වසනීය, ශක්තිමත් සබඳතා ඇති කර ගත හැකිය.

feel lonely

තනිකම ඇති වීම වළක්වා ගැනීමට සහ දුරලීමට ගත හැකි ක්‍රියාමාර්ග

තනිකම දුරලීමට නොහැකි දෙයක් නොවේ. ඒ සඳහා අප ඇතුළාන්තයෙන්ම වෙනසක් ඇති කර ගැනීමට වෙහෙසක් දැරිය යුතුය. එම වෙනස පසු කලකදී ඔබව සතුටින්, නිරෝගීව තැබීමටත් ඔබ වටා සිටින අයටත් ධනාත්මක ලෙස බලපෑමක් ඇති කිරීමටත් සමත් වේ. සුබවාදී වන්න. ජීවිතය දෙස ධනාත්මකව බැලීමට පුරුදු වන්න. ඔබට සතුටක් ගෙන දෙන සමාජ කටයුතුවල නිරත වන්න. ඒ වගේම දිගුකාලයක් පුරා ‘තනිකම‘ යන හැඟීමෙන් පීඩා වින්දොත් ඇතිවන ශාරීරික හා මානසික අයහපත් ප්‍රතිඵල ගැන දැනුවත් වන්න. එවිට තමන්ට කෙදිනක හෝ එවැනි හැඟීමක් ඉපදුණහොත් එය මැඩලීමට ක්‍රියා කිරීමට පහසු වනු ඇති. ක්‍රියාශීලි වන්න. ශාරීරික ව්‍යායාම කිරීම, ඇවිදීම වැනි දෑ තුළින් ශරීරය මෙන්ම මනසද ප්‍රබෝධවත් වන අතර නව සබඳතා ඇති කර ගැනීමටද ඉඩ ප්‍රස්ථා විවර වේ. සුරතල් සතුන් ඇති කර ගැනීම වැනි තමන් කැමැති විනෝදාංශයක නිරත වීම.

feel lonely

එමෙන්ම ස්වභාව ධර්මය හා බැඳීමෙන්ද තනිකම මඟ හරවා ගත හැකිය. අපේ මානසික සුවය නංවාලීමේ අපූරු හැකියාවක් ස්වභාවධර්මයා සතුය. හරිත පැහැ පරිසරයක ඇවිදීම, වැඩි වේලාවක් එහි ගැවසීම යනාදී දෑ තුළින්ද අපේ හිතේ ඇතිවන පාළුව තනිකම මඟ හරවා ගත හැකිය. තවද කලාව තම ජීවිතයට සමීප කර ගැනීමද තනිකම නැසීමේ ඔසුවකි. තනිකමක් දැණුනු විට චිත්‍රයක් ඇඳීම, ලේඛනයේ නිරත වීම, තමා කැමැති ගීතයකට සවන් දීම, වැනි කටයුතුවල යෙදීමට හැකිය. ඒ වගේම තම සිතේ ඇතිවන සෘණාත්මක හැඟීම් නිසා හිතට වද දෙන ප්‍රශ්න ගැන විශ්වසනීය කෙනෙකු සමඟ සාකච්ඡා කිරීමද වැදගත්ය. එයින් සිතේ බර නිදහස් කර ගැනීමට අවකාස සැලසේ.

1926-Header

බොහෝ කලක් තනිකමෙන් පීඩා විඳීමෙන් නොයෙක් මානසික ගැටලු ඇති විය හැකි නිසා එවැනි අවස්ථාවක ඔබට කනස්සලු බවක්, ජීවිතයෙන් පලක් නැති බවක් තමන් නොවටිනා කෙනෙක් වැනි දෑ නිතරම සිතට වද දෙනවා නම් 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක දුරකතන සේවාවට කතා කිරීමට ඔබට අවස්ථාව ඇත. එය සතියේ දින හතේම පැය 24 පුරා නොමිලයේ ලබා දෙන සේවාවකි.

සංවාද සටහන
ධාරා අබේනායක

Dr' yamuna Ellawalaaaa
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා එල්ලාවල

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you