Featuresපල්ලියේ මහමොළකරු නාටකය

පල්ලියේ මහමොළකරු නාටකය

-

spot_img

පල්ලියේ මහමොළකරු නාටකය

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මේ වන විට රටේ ජනප්‍රිය චරිතයකි. කොටින්ම පැමිණිලි පාර්ශ්ව ඔහුව හඳුන්වනුයේ පාස්කු දින ප්‍රහාරයේ මහ මොළකරු ලෙසය. කාදිනල්වරයා ආණ්ඩු මාරු කිරීමට තම කතෝලික ප්‍රජාවේ ඡන්ද දෙපාරක්ම ඇපයට තැබුවේ මේ මහ මොළකරු හොයන්නටය. දැන් මහ මොළකරු හමු වී ඇත. එහෙත් ප්‍රශ්නයේ කෙළවර තවම දුරය. එනම් මහ මොළකරු හමු වුවද මහ මොළකරු මෙහෙය වූ දේශපාලන හස්තය කොටු වී නැත. මහ මොළකරුවා පාවිච්චි කළ දේශපාලකයා නම් වී නැත. සුරේෂ් සලේ ලවා මොන වදයක් දී හෝ කියවා‍ගන්නට තටමනුයේ එයය.

මේ මහ මොළකරුවා නාටකය පල්ලිය ගොඩනැඟු නාටකයකි. එහි නාටකයක් වන්නෙ ඇයි? මහ මොළකරුට කාටත් උඩින් තව අය හිටිය හැකිද? සමස්ත ක්‍රියාවලියෙහිම මුල් මොළකරුවා මහ මොළකරු විය යුතු වුවද මෙහි සිදුව ඇත්තේ මහ මොළකරුම වෙනත් අය ඉත්තකු සේ පාවිච්චි කිරීමය. කොටින්ම මේ මහ මොළකරු නම් නාටකයේ කෙළවර විය යුතුය. දැන් සිදුව ඇත්තේ සලේ ලවා නාටකයේ ඉතිරි ටික ලියවා ගැනීමය. මෙහි පිටපත් රචක ශානි අබේසේකරට වුවමනා කළේ සලේ ලවා කතාවට අවශ්‍ය අඩුම කුඩුම ටිකක් ලබා ගන්නටය. පිටපත ලියා හමාරය. වුවමනා පොතේ ගුරෙක්ය. සලේ වුවමනා වනුයේ ඒ සඳහාය. එහෙත් මෙතෙක් සලේ ලවා වුවමනා කරුණට අදාළ කිසිවක් ලැබී නැත. දින අනූවක් රඳවාගෙන ප්‍රශ්න කළද සලේ නොසැලී සිටියේය. දින අනුව තව දින අනූවක් විය. සලේ සැලුණේ එහිදීය. දින අනූවක් කෑ පරිප්පුව තව දින අනූවක් කන්නට සිදුවීම ලේසි පහසු නැති බව සිතූ තැන, විඳින වද වේදනා අධිකරණයට ගෙන යෑමටත් නැවත එවැනි වද වේදනාවන්ගෙන් තමා මුදා ගන්නා ලෙසත් ඉල්ලීම සලේගේ මේ නඩුවේ අරමුණය.

සලේ හරිද වැරදිද අපි නොදනිමු. එය තීන්දු කරන්නට අධිකරණය ඇත. එහෙත් දැනට ඇතැම් පාර්ශ්ව සලේව මහ මොළකරු කර දඬුවම් කරන තැනට තල්ලු වීද හමාරය. එහෙත් සලේට තවම නඩුවක් ද නැත. නඩුවක් නොමැතිව කෙනෙක් වැරැදිකරුවකු කරන්නෙ කෙසේද? එදා රාජපක්ෂලා ශානිව පෝරකයට නග්ගද්දි අනේ අපොයි කී අය අද සලේව පෝරකයට දක්කාගෙන යමින් ඇත. එදා ශානිව පෝරකයට දැක්වූ අය අද සලේට අනේ අපොයි කියති. ප්‍රශ්නවල උත්තරම කාලයකදී ප්‍රශ්නය. ඒ ප්‍රශ්න නැවත උත්තර විදිහටද පෙනේ. මේ තනිකරම අපභ්‍රංශයකි.

පාස්කු දින ප්‍රහාරය සිදුවී දැන් වසර හතකටත් වැඩිය. මේ ගෙවුණු කාලය තුළ ආණ්ඩු බලය කිහිප විටක්ම මාරුවිය. මේ මාරු වූ හැම කල්හී ඊට වැරැදිකරුවෝද නම් වූහ. ඒ අය ඊට දඬුවම් වින්දෝය. වන්දි ගෙව්වෝය. එහෙත් පවතින බලය අනුව වැරැදිකරුවෝ විවිධ හැඩ ගත්හ. සිරිසේන කාලයේදී වූ මෙම ප්‍රහාරය සිරිසේනට කියා වැරැදිකරුවෝ සිටියහ. ඉන් පසුව ගෝඨාභය බලයට ආ කළ ගෝඨාටද වැරැදි මුහුණු වගයක් තිබිණි. ඉන්පසු රනිල්ටද වැරැදිකරුවන් විය. දැන් අනුරටද වුවමනා අය අල්ල ගන්නට වුවමනා වී ඇත. මේ දියත් වනුයේ ඒ මෙහෙයුම්ය. මෙයින් පැහැදිලි වන ප්‍රධාන කරුණු නම් කවුරු බලයට ආවද කාදිනල් ප්‍රමුඛ පිරිසට වුවමනා වැරැදිකරුවන් තවම හසු වී නැති බවය. මේ කාලයන් කාලයට දියත්වනුයේ ඒ මෙහෙයුමය. පාස්කු දින ප්‍රහාරයේ මහ මොළකරු සලේ නම් මේ මොහොතේ එය සොයන්නට පල්ලිය පත්කර ඇති මහ මොළකරු අනුරය. අනුර එය සෙවිය යුතු මහ මොළකරු ලෙස පත්කොට ඇත්තෙ ශානිවය. ඒ සඳහා කෙවිට වී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතය. සලේව දින අනූවක් සිරකරගෙන ප්‍රශ්න කරනුයේ ජනපතිගේ අණෙන් ඒ පනත යටතේය.

“සියලුම ‍ප්‍රදේශවල සියලුම පුරවැසියන්ගේ පුරවැසි අයිතිය සහතික වන අයුරින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දනකාරී පනත් අහෝසි කරනු ඇත.” ඒ අනුර කුමාරගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 167 පිටුවේ සඳහන් දෑය. පොරොන්දු වන තරමට දේවල් කරන්නට ලේසි නැත. වත්මන් ජනපති කරනුයේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් උපරිම ප්‍රයෝජන ගැනීමය. එදා මේ පනතට විරුද්ධ වූවෝ අද පක්ෂ වී ඇත. පක්ෂ වූවෝ අද කෙදිරිගාති. මේ දේශපාලන සරදමට කෙළවරක් නැත. හෙට මේ පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දෙන්නෙ යැයි මේ ආණ්ඩුව කියන්නේය. මෙය ඉවත් කොට නව එකක් කුමකටද? ඒ කෙවිට බිම තබන්නට ඇති අකමැත්තය. අද මේ පනත් අහෝසි කළ යුතු යැයි හඬ වෙනුවට සලේ හරිද වැරැදිද යන තැනට සංවාද පටු වී ඇත. අද සමාජ මාධ්‍ය සිය බලය උපරිමයෙන් ප්‍රදර්ශනය කරන කාලයකි. පෙර අධිකරණ ක්‍රියාදාමයක මාධ්‍ය තුළ සාකච්ඡාවට නොගන්නා තරම්ය. අද නඩු ඇසීම ඊට වෙනස්ය.

Tiran Kumara Bangagamaarachchi
ටිරන් කුමාර බංගගමආරච්චි

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you