Featuresජපානයේ පළමු අගමැතිනිය

ජපානයේ පළමු අගමැතිනිය

-

spot_img

ජපානයේ පළමු අගමැතිනිය – Sanae Takaichi

ජපාන දේශපාලනය තුළ වඩාත්ම බලවත් සහ විවෘත අදහස් ඇති කාන්තා චරිතයක් ලෙස සැලකෙන 64 හැවිරිදි Sanae Takaichi පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා ජපානයේ පළමු අගමැතිවරිය ලෙසින් තේරී පත්වුණා. ජපානයේ පුරුෂ මුලික දේශපාලන කඳවුර තුළ කාන්තා නායිකාවක් ලෙසින් ඇය කැපී පෙණුන චරිතයක්. ඇය බොහෝවිට කාන්තාව වෙනුවෙන් හඬ නැගුවා. 

Sanae Takaichi

Sanae Takaichi ඉපදුණේ 1961 මාර්තු 7 වැනිදා නාරා ප්‍රාන්තයේ . Kobe විශ්ව විද්‍යාලයෙන් සහ හාවඩ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය 1990 දශකයේ මුල් භාගයේදී ජපාන දේශපාලනයට පිවිසුණා. තමා මාග්‍රට් ත්‍රැචර් වැනි චරිතවලින් දේශපාලන ආභාෂය ලැබූ බව ඇය පවසනවා. 1993 වසරේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූ ඇය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) තුළ ශක්තිමත් දක්ෂිණාංශික හඬක් ලෙසින් රට පුරා අවධානයට ලක් වුණා.

Sanae Takaichi

දශක ගණනාවක දේශපාලන ජීවිතය තුළ ඇය කිහිප වරක්ම අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍ය ධුරය දැරුවා. එහිදී ජපානයේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ පළාත් පාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා විශාල වැඩ කොටසක් සිදුකළා. ජාතික ආරක්ෂාව සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සම්බන්ධ ප්‍රතිපත්ති සාකච්ඡාවලට ඇය විශාල දායකත්වයක් ලබා දුන්නා. ජපානයට වඩාත් ස්ථිරසාර මිලිටරි ආරක්ෂක ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමට ඉඩ සැලසෙන අයුරින් ජපානයේ පශ්චාත් යුධ සාමවාදී ව්‍යවස්ථාව, සංශෝධනය කිරීමටද ඇය දායකත්වය ලබා දුන්නා. ඇගේ දේශපාලන දැක්ම සාම්ප්‍රදායිකත්වය, දේශප්‍රේමය සහ ආර්ථික වර්ධනය යන කාරණා මත පදනම්ව තිබෙනවා. එමෙන්ම දේශපාලනය සහ ව්‍යාපාර සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන්නේ සාම්ප්‍රදායික පවුල් වටිනාකම් අමතක නොකරමින් මේ කටයුතු සිදු කළ යුතු බවද කාන්තාවන්ට පවසමින්. සම්ප්‍රදායිකත්වය සහ නූතනත්වය කැටිවූ ඇගේ දේශපාලන දැක්ම විශිෂ්ට එකක්. හිටපු අගමැති Shinzo Abe ඇයට සහය දැක්වූවා.

Sanae Takaichi

ඇතැම් අවස්ථාවල විවේචන, මතභේද තිබුණද Sanae Takaichi යනු ජපාන දේශපාලනයේ ගෞරවනීය හා බලවත් චරිතයක්. ඇය සතු විනයත්, උපායශීලී බවත් සුවිශේෂී බව පැවසෙනවා. සැබැවින්ම Sanae Takaichi ජපාන දේශපාලන පරිණාමයේ වැදගත් පරිච්ඡේදයක් අරඹා තිබේ.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you