Featuresඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

-

spot_img

ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම – Chetan Bhagat

ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත් කියන ලේඛකයා ගැන නොදන්න කෙනෙක් වුණත් ඔහුගෙ කතා ඇසුරින් හදලා තියෙන බොලිවුඩ් චිත්‍රපටි වලින් එකක් හෝ නරඹා ඇති. 

Chetan Bhagat

චේතන් ප්‍රකාශ් භගත් 1974 අප්‍රේල් 22 වැනිදා New Delhi වල ඉපදුණා. ඔහුගේ පියා ඉන්දීය හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙක්. මව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කළා. දිල්ලියේ හමුදා පොදු පාසලෙන් අධ්‍යාපනය ලැබූ චේතන් ඉන්දියානු තාක්ෂණ ආයතනයෙන් (IIT) යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තා. ඉන් පස්සෙ 1997 අවුරුද්දෙ දී අහමදාබාද්හි ඉන්දියානු කළමනාකරණ ආයතනයෙන් (IIM) MBA උපාධියක් ලබා ගත්තෙ හොඳම ශිෂ්‍යයා ලෙසට ප්‍රශංසා ලබමින්මයි. ඉගෙන ගෙන ඉවරවුණාට පස්සෙ අවුරුදු දහයක් විතරම ඔහු වැඩ කළේ බැංකු නිලධාරියෙක් විදිහට. සාර්ථක රැකියාවක් කරද්දිත් චේතන්ට ලේඛකයකු වීමේ උණක් තිබුණා. 2004 අවුරුද්දෙ ඔහු තමන්ගෙ මුල්ම කෘතිය Five Point Someone ප්‍රකාශයට පත් කරනවා. බොහොම ඉක්මන්ට එය තරුණ පාඨකයන් අතර ඉහළින්ම අලෙවිවන කතාවක් වුණා. එතැන් පටන් ඔහු දිගටම ලේඛනයේ යෙදුණා. චේතන්ගෙ කතාවල වැඩිපුරම තියෙන්නෙ ඉන්දියාවේ තරුණයන්ගෙ ජීවිතේ ගැන. ඔවුන් සාමාන්‍යෙයෙන් විප්ලවකාරී චරිත.

Chetan Bhagat

One Night @ the Call Center (2005), The 3 Mistakes of My Life (2008), 2 States: The Story of My Marriage (2009) , Half Girlfriend (2014), One Indian Girl (2016), The Girl in Room 105 (2018), One Arranged Murder (2020), 400 Days (2021), 12 Years: My Messed-Up Love Story (2023) ඔහුගෙ ජනප්‍රියම කතා කිහිපයක්. මේ කතා ඇසුරින් තමයි 3 Idiots, Kai Po Che!, Half Girlfriend වගේ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට හැදෙන්නෙ.

Chetan Bhagat

ලිවීම තුළින් ඉන්දියානු සාහිත්‍යය සහ තරුණයන් තුළ ඇතිකළ වෙනස උදෙසා චේතන් ඇගයීමට පාත්‍ර වුණ අවස්ථා බොහොමයි. 2010 අවුරුද්දෙ සුප්‍රකට Time සඟරාව ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින් 100 දෙනාගේ ලැයිස්තුවට චේතන් භගත්ව ඇතුළත් කළා. ෆාස්ට් කම්පැනි විසින් 2011 අවුරුද්දෙ ඔවුන්ගෙ ව්‍යාපාරයේ වඩාත්ම නිර්මාණශීලී පුද්ගලයින් 100 දෙනා අතරට ඔහුව නම් කළා. 2012 දී Forbs India වසරේ කීර්තිමත්ම පුද්ගලයින් 100 දෙනාගෙන් අයෙක් ලෙස ඔහුව නම් කළා. චේතන් විවාහ වෙලා ඉන්නෙ අනුෂා සූර්යනාරායනන් සමඟ. ඇය ඔහුගෙ කුඩාකළ මිතුරියක්. ඔවුන්ට ශ්‍යාම් සහ ඉෂාන් කියලා නිවුන් පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ජීවත්වෙන්නෙ මුම්බායිවල.

Chetan Bhagat

බැංකු නිලධාරියෙක් ලෙසින් ලිවීම අරඹා ලොවම හඳුනන ලේඛකයෙකු වීම දක්වා වූ ඔහුගේ ගමන අපූරු එකක්. සමකාලීන සමාජය, තරුණ පරපුර සහ ඔවුන් සතු අභියෝග, ඒවා මැඩගෙන සිහින කරා යන අන්දම ඔහු සිය පාඨකයන්ට කියා දුන්නා. චේතන් භගත් පාඨක හද ගැස්ම අකුරු කෙරූ ලේඛකයෙක්. මිලියන ගණන් පාඨකයින් ප්‍රේක්ෂකයන් ඔහුට ආදරය කරන්නේ මේ අපූරු ලේඛකයා ලියා ඇත්තේ තමාගේම කතාන්දරය බැව් ඔවුන්ට දැනෙන හැඟෙන නිසාවෙන්.

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you