Foodජනප්‍රිය ඉන්දියානු රස කැවිල්ල පොල් ලඩ්ඩු

ජනප්‍රිය ඉන්දියානු රස කැවිල්ල පොල් ලඩ්ඩු

-

spot_img

ජනප්‍රිය ඉන්දියානු රස කැවිල්ල පොල් ලඩ්ඩු – Coconut Laddu

ඉන්දියානුවන්ගෙ ජනප්‍රියම රස කැවිල්ලක් වෙන ලඩ්ඩු අද වෙනකොට මුළු ලෝකෙම ජනප්‍රිය කෑමක්. මේක ඉන්දියාවෙ අතීතයේ ඉඳලම පැවතගෙන ආව රසකැවිලි වර්ගයක්. පිටි වර්ග, ගිතෙල් (ghee), සීනි හෝ හකුරු , කජු, මුද්දරප්පලම් වගේ දේවල් දාලායි ලඩ්ඩු හදන්නෙ. ඒ විතරක් නෙමෙයි බේසන් ලඩ්ඩු, මෝතිචූර් ලඩ්ඩු සහ පොල් ලඩ්ඩු වගේ ලඩ්ඩු වර්ග කිහිපයක්ම තියෙනව. උත්සව අවස්ථාවලට වගේම හවස තේ වෙලාවටත් ගැලපෙන රසකැවිල්ලක්. හදන්න ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ගෙදරදීම පොල් ලඩ්ඩු හදාගන්න හැටි බලමු. 

coconut Laddu

 

අවශ්‍ය ද්‍රව්‍ය

• ගා ගත් පොල් කෝප්ප 2ක් coconut Laddu

• සීනි කෝප්ප 3/4

• කිරි කෝප්ප1/2

• ගිතෙල් මේස හැඳි 1ක්

• ලුණු ස්වල්පයක්

• වැනිලා

• කලරින්

• කජු ස්වල්පයක්

• කරදමුංගු 2-3 ක්

සාදාගන්නා ආකාරය

පොල් ටික බ්ලෙන්ඩ් කරලා කුඩු කර ගන්න. ඊළඟට භාජනයක් ලිපේ තියලා ඒකට ගිතෙල් හැන්දක් දාලා රත් කර ගන්න. ගිතෙල්වලට කජු කෑලි දාලා ටිකක් බැදගන්න. ඊට පස්සෙ එම භාජනයටම පොල්, සීනි හා කිරි දාලා රත් කර ගන්න. දැන් කරදමුංගු සහ ලුණු එකතු කරන්න. කිරි ටික හිඳීගෙන එනකොට වැනිලා, කලරින් සහ බැදගත් කජු ටික එකතු කරලා මිශ්‍රණයේ තෙත ගතිය හිඳුනට පස්සෙ ලිපෙන් බාගන්න. මිශ්‍රණය නිවුණට පස්සෙ බෝල හැඩයට ලඩ්ඩු හදා ගන්න.

coconut Laddu

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you