Foodකෑම මේසයට රසවත් වෙනසක් - පොලොස් අච්චාරු

කෑම මේසයට රසවත් වෙනසක් – පොලොස් අච්චාරු

-

spot_img

කෑම මේසයට රසවත් වෙනසක් – Polos pickles

පෝෂණ ගුණයෙන් වගේම රසෙනුත් ඉහළ කෑමක් තමයි පොලොස්. සාමාන්‍යයෙන් පොලොස් හදන්නෙ කරි විදිහටනේ. වෙනසකටත් එක්ක මේ පොලොස් අච්චාරුව හදලා බලන්නකෝ. ඒක කෑම මේසයට රසවත් වෙනසක් වෙයි. 

Polos pickles

• අවශ්‍ය ද්‍රව්‍ය:

පොලොස් 500g

ගොරකා කෑලි 2 ක්

ලුණු ස්වල්පයක්

කහ කුඩු තේ හැඳි 1/2

රතු ළූණු 150g

අමු මිරිස් කරල් 15 – 20 ක් Polos pickles

කොච්චි කරල් 10 ක්

අබ පේස්ට් මේස හැඳි 5 ක්

ඉඟුරු පේස්ට් ස්වල්පයක්

තලා ගත් සුදු ළුණු බික් 10 ක්

කුරුදු පොතු ටිකක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ක්

විනාකිරි මේස හැඳි 8 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 1/2

කහ කුඩු තේ හැඳි 1/2

කැරට් අලයක්

සීනි මේස හැඳි 3 ක්

• සාදන ආකාරය

පොලොස් ගෙඩිය හොඳට සුද්ද කර ගෙන තරමක කෑලි වලට කපා ගන්න. වළඳකට පොලොස් ටික දමා වතුර, ගොරකා, ලුණු ස්වල්පයක් සහ කහ කුඩු එකතු කර බෙරි නොවෙන්න තම්බා ගන්න. ඊට පස්සෙ තම්බා ගත්ත පොලොස් කෑලි ටික වතුර පෙරා නිමෙන්න තියන්න. පොලොස් ටික නිමෙනකන් අමු මිරිස් සහ කොච්චි කරල් දෙකට පලා ගන්න. පොලොස් ටික නිමුනහම තව ටිකක් පොඩි කෑලි වලට කපා ගන්න.

Polos pickles

දැන් මැටි ඇතිලියකට අබ පේස්ට්, තලා ගත් ඉඟුරු, සුදු ළුණු, කුරුදු පොතු, ගම්මිරිස් කුඩු, ලුණු, මිරිස් කුඩු සහ විනාකිරි ටික දමා හොඳින් කලවම් කර ලිප තබා හොඳට රත් කරගන්න. විනාකිරි මිශ්‍රණය රත් වුණාට පස්සෙ රතු ළූණු ටික එකතු කර ගන්න. ඊළගට අමු මිරිස් සහ කොච්චි ටික එකතු කර ගන්න. ඊට පස්සෙ සිහින්ව කැපූ කැරට් එකතු කරන්න.

Polos pickles

ඊළඟට සීනි එකතු කර ගන්න. (කැමතිනම් විතරක්) අන්තිමට කපා ගත්ත පොලොස් කෑලි ටික දා ගන්න. පොලොස් ටික විනාකිරි මිශ්‍රණය එක්ක හොඳට කලවම් කරගෙන ඇතිලිය ලිපෙන් බා ගන්න. අච්චාරු එක මදක් නිමුනට පස්සෙ වියළි වීදුරු බෝතල් වලට අසුරා ගන්න. නැත්තම් මැටි ඇතිලියක හොඳින් ආවරණය කරලා කල් තියාගන්නත් පුළුවන්.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you