Foodකෑම මේසයට රසවත් වෙනසක් - පොලොස් අච්චාරු

කෑම මේසයට රසවත් වෙනසක් – පොලොස් අච්චාරු

-

spot_img

කෑම මේසයට රසවත් වෙනසක් – Polos pickles

පෝෂණ ගුණයෙන් වගේම රසෙනුත් ඉහළ කෑමක් තමයි පොලොස්. සාමාන්‍යයෙන් පොලොස් හදන්නෙ කරි විදිහටනේ. වෙනසකටත් එක්ක මේ පොලොස් අච්චාරුව හදලා බලන්නකෝ. ඒක කෑම මේසයට රසවත් වෙනසක් වෙයි. 

Polos pickles

• අවශ්‍ය ද්‍රව්‍ය:

පොලොස් 500g

ගොරකා කෑලි 2 ක්

ලුණු ස්වල්පයක්

කහ කුඩු තේ හැඳි 1/2

රතු ළූණු 150g

අමු මිරිස් කරල් 15 – 20 ක් Polos pickles

කොච්චි කරල් 10 ක්

අබ පේස්ට් මේස හැඳි 5 ක්

ඉඟුරු පේස්ට් ස්වල්පයක්

තලා ගත් සුදු ළුණු බික් 10 ක්

කුරුදු පොතු ටිකක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ක්

විනාකිරි මේස හැඳි 8 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 1/2

කහ කුඩු තේ හැඳි 1/2

කැරට් අලයක්

සීනි මේස හැඳි 3 ක්

• සාදන ආකාරය

පොලොස් ගෙඩිය හොඳට සුද්ද කර ගෙන තරමක කෑලි වලට කපා ගන්න. වළඳකට පොලොස් ටික දමා වතුර, ගොරකා, ලුණු ස්වල්පයක් සහ කහ කුඩු එකතු කර බෙරි නොවෙන්න තම්බා ගන්න. ඊට පස්සෙ තම්බා ගත්ත පොලොස් කෑලි ටික වතුර පෙරා නිමෙන්න තියන්න. පොලොස් ටික නිමෙනකන් අමු මිරිස් සහ කොච්චි කරල් දෙකට පලා ගන්න. පොලොස් ටික නිමුනහම තව ටිකක් පොඩි කෑලි වලට කපා ගන්න.

Polos pickles

දැන් මැටි ඇතිලියකට අබ පේස්ට්, තලා ගත් ඉඟුරු, සුදු ළුණු, කුරුදු පොතු, ගම්මිරිස් කුඩු, ලුණු, මිරිස් කුඩු සහ විනාකිරි ටික දමා හොඳින් කලවම් කර ලිප තබා හොඳට රත් කරගන්න. විනාකිරි මිශ්‍රණය රත් වුණාට පස්සෙ රතු ළූණු ටික එකතු කර ගන්න. ඊළගට අමු මිරිස් සහ කොච්චි ටික එකතු කර ගන්න. ඊට පස්සෙ සිහින්ව කැපූ කැරට් එකතු කරන්න.

Polos pickles

ඊළඟට සීනි එකතු කර ගන්න. (කැමතිනම් විතරක්) අන්තිමට කපා ගත්ත පොලොස් කෑලි ටික දා ගන්න. පොලොස් ටික විනාකිරි මිශ්‍රණය එක්ක හොඳට කලවම් කරගෙන ඇතිලිය ලිපෙන් බා ගන්න. අච්චාරු එක මදක් නිමුනට පස්සෙ වියළි වීදුරු බෝතල් වලට අසුරා ගන්න. නැත්තම් මැටි ඇතිලියක හොඳින් ආවරණය කරලා කල් තියාගන්නත් පුළුවන්.

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you