NewsUddika Premaratne රට පනින්න වෙඩි පත්තු කළ උද්දික රංගනය

Uddika Premaratne රට පනින්න වෙඩි පත්තු කළ උද්දික රංගනය

-

spot_img

Uddika Premaratne – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව පවසයි. 2023 වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදා මෙම වෙඩි ප්‍රහාරය සිදු වු අතර, එම වෙඩි ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ පැති වීදුරුවට අලාභ හානි සිදු වූ නමුත් ඔහුට කිසිදු හානියක් සිදු නොවීය. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන වලදී, මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයකු සමග එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බවට හෙළි වූ බව පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.

Uddika Premaratne

මෙම සිද්ධියට හවුල් බව කියන සංජීව මහානාම නමැති සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා සිය බිරිය සහ දරුවන් සමඟ විදේශගත වී ඇති බවත් ඔහු විදේශ ගතවී ඇත්තේ පොලිසියට දැනුම් දී නිසි අවසරයක් ලබා නොගෙන බවත් සඳහන්. එමෙන්ම පසුගිය පෙබරවාරි මස 27 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාද විදේශගත වූ බවට ප්‍රවෘත්ති පළ විය. සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා කටුනායක ගුවන්තොටුපළෙන් මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති අතර එසේ පිටත් වන මොහොතේදී සිය ගිනි අවිය හිතවතෙකු මාර්ගයෙන් පොලිසිය වෙත නිසි ක්‍රමවේදයට අනුකූල නොවන අයුරින් එවා ඇති බවද අනාවරණය වේ. අදාළ මන්ත්‍රීවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා සමීප ඇසුරක් ඇති අය බව ද දෙදෙනා සැලසුම්සහගතව එම කටයුත්ත සිදු කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව අනාවරණය කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you