NewsThe tragedy of sudan දහසක්, පස්වලට යට වූ සුඩානයේ...

The tragedy of sudan දහසක්, පස්වලට යට වූ සුඩානයේ ඛේදවාචකය

-

spot_img

The tragedy of sudan – සුඩානයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. බටහිර සුඩානයේ මාරා කඳුකර ප්‍රදේශයේ එම නායයාම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. දින ගණනාවක් පුරා පැවැති අධික වර්ෂාපතනයෙන් පසු පසුගිය අගෝස්තු 31 වනදා එම නායයාම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුඩාන විමුක්ති පෙරමුණු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ එම ආපදා තත්ත්වයෙන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවයි.

නායයාමට ලක්ව ඇති ප්‍රදේශයේ පිහිටා තිබූ ටරාසින් නැමැති ගම්මානයේ වැඩි කොටසක් නාය ගොස් ඇති බවයි සුඩාන විමුක්ති හමුදාව ප්‍රකාශ කර ඇත්තේ. පීඩාවට පත් වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා මානුෂීය ආධාර ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටින බවද සුඩාන විමුක්ති හමුදාව ප්‍රකාශ කර තිබෙනවා. සුඩාන හමුදාව සහ පැරා මිලිටරි ආධාරක බලකාය අතර 2023 වසරේදී ඇති වූ සිවිල් යුද්ධයෙන් පසු සුඩානය සාගතයකට මුහුණ දුන් අතර බොහෝ පිරිසක් රැකවරණය පතා මාරා කඳුකර කලාපය වෙත පලාගොස් තිබුණා.

2023 වසරේ සිට එරට සිවිල් යුද්ධය හේතුවෙන් පුද්ගලයින් එක් ලක්ෂ පනස් දහසක් පමණ මියගොස් ඇති අතර මිලියන 12ක පමණක් පිරිසක් නිවාස අතහැර ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. ඉකුත්දා සිදු වූ නායයාමට ගොදුරුව ඇත්තේ එලෙස යුද්ධය හේතුවෙන් පලාගොස් සිටි ජනතාව ජීවත් වූ ප්‍රකාශයක් බවයි පැවසෙන්නේ.

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you