ArtThe Marriage විවාහය කියන්නෙ හිරගෙදරක ජීවත්වෙනව වගේ වැඩක්

The Marriage විවාහය කියන්නෙ හිරගෙදරක ජීවත්වෙනව වගේ වැඩක්

-

spot_img

The Marriage – ගැහැණු ළමයෙක් විවාහ වෙලා දෙමව්පියන්ගෙ ගෙදරින් පිටවෙන මොහොතෙදි එයාගෙ අම්මා තාත්තා පවුලෙ අය අඬා වැලපෙනවා. ඒ දේ මංගල උත්සවයක සාමාන්‍ය දෙයක්. හරියට චාරිත්‍රයක් වගේ. දුව පිරිමියෙකුට විවාහ කර දෙන්න නොඉවසිල්ලෙන් සිටි,ඒ වෙනුවෙන් උත්සවයක් ගත්තු එයාලා ඇයි පිටත්වෙන වෙලාවට අඬන්නෙ? ඒක විහිළුවක් වගේ

ජයා ගෙ විවාහ උත්සවය දවසෙත් ඇය දෙමව්පියන්ගෙන් සමුගන්න මොහොතෙදි අම්මා තාත්තා ගොඩක් අඬන්න ගත්තා. ඒ එක්කම මගුල් ගෙදරට ආව තව අය දෙතුන් දෙනෙකුත් අඬන්න ගත්තා. ටිකෙන් ටික අඬන අය වැඩිවුණා. ගැහැණු ඔළුවේ අත තියාගෙන,පිරිමි කඳුළු පිහදමමින් අඬන්න ගත්තා.photo ගන්න ආව කෙනත් අඬනවා,අන්තිමට මුළු මගුල් ගෙදරම බිරිඳක් වෙන්න යන ඇය වෙනුවෙන් වැලපුණා.

jaya-jaya

Jaya jaya jaya jaya hey (2022) ෆිල්ම් එකේ දකින්න ලැබුන හිතට වදිනම විහිළු සහගත සිදුවීමයි මේ. මේක Comedy මූවි එකක්. ආසියානු ෆැමිලි ලයිෆ් කියන Tragedy එක ගැන කොමඩියක්.

මධ්‍යම පාන්තික පවුලක තරුණියක් වුණු ජයාගෙ ආශාව වුණේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම. නමුත් සාමාන්‍ය ක්‍රමයට අනුව ඇගේ පවුලෙත් මූලිකත්වය හිමිවුණේ පිරිමින්ට. ඔවුන් කියන දෙයක් අහලා ජීවත්වෙන්නයි ඇයට සිදුවුණේ. ඉක්මනින්ම ඔවුන් ඇයට විවාහ යෝජනාවක් ගේනවා. ඔහු රාජේෂ්. ගොවිපොළක් හිමි කෙනෙක්. එයටම සීමා වූ අයෙක්. ඔහුගේ නිවසට පය තැබූ මුල්ම මොහොතෙදී ඇය දකින්නේ නිවසේ සමහර බඩු භාණ්ඩ කැඩී ඇති ආකාරය. හරියට කවුරුන්හරි ඒව පොළොවේ ගසා දමල වගේ. මව සහ සහෝදරිය පමණක් ඉන්න මේ නිවසේ ප්‍රධානියා රාජේෂ්. ඔහු ඔවුන්ව යටත් කරගෙන ඉන්නා වග ජයාට ඉක්මනින්ම වැටහෙනවා. ටිකෙන් ටික ඔහු ඇයටත් බැණ වදින්න ගන්නවා. දවසක් ඔහු ඇයට කම්මුල් පහරක් ගැසුවා. ඊට පස්සෙ ඇගෙන් සමාව ගන්න ඔහු ඇයව ෆිල්ම් එකක් බලන්න එක්කන් ගියා,කෑම කන්නත් එක්කගෙන ගියා. මේ සිදුවීම දිගෙන් දිගටම වෙන්න ගත්තා.කම්මුල් පහරක් ,ෆිල්ම් එකක් බලන්න සහ කෑම කන්න එක්කගෙන යාමක්. ජයා ඔහු එක්ක තරහෙනුයි ඉන්නෙ.

jaya-jaya

එක දවසක් ඔහු ගෙදර ආව ගමන්ම ඇයට පහර දෙන්නට සූදානම් වුණා. වෙනද වගේ බියෙන් ගැහුනෙ නැතිව ඇයත් ඉදිරියට ආවා. ඇය ඔහුගේ පහර වළක්වා ගත්තා. එතැනින් නොනැවතුණු ජයා රාජේෂ් ට පහරක් දුන්නා. ඔහු බිම ඇද වැටුණා. දවස් දෙක තුනක් ඇවිද ගන්නත් අපහසු වෙන තරමට ඇගේ පහර දරුණු එකක් වී තිබුණා. ඔහුගෙන් කම්මුල් පහරවල් කෑවාට පසු ඈ යූ ටියුබ් ඔස්සේ ටයිකොන්ඩෝ සටන්ක්‍රමය පුරුදු වී තිබුණා. මේ නිවස තුළ.නිවැසියන්ට හොර රහසේ.

ඇය එන්නේ හොඳකටනං නොවෙයි කියලා ඔහුට වැටහෙනවා. රාජේෂ් තීරණය කරනවා කරාටේ ඉගෙන ගන්න. පවුල් ජීවිතය කියන්නේ සටනක් වගෙ දෙයක්. රාජේෂ්ට තියෙනවා තව අදහස්. ඇගේ ඉදිරියේ ටිකක් රොමෑන්ටික් වුණොත් කොහොමද? ඇයව ගැබිණියක් කළානං හරි,එතකොට ඇය පාඩුවෙ ගෙදර වැඩ ටික කරගෙන ඉඳියි.

කතාවෙ ඉදිරියට මොකද වෙන්නෙ?

විවාහය කියන්නෙ හිරගෙදරක ජීවත්වෙනව වගේ වැඩක් නෙමේ Jaya Jaya Jaya Jaya Hey ඒ බව කියාදෙන කතාවක්. Vipin Das ගේ අධ්‍යක්ෂණයක්.Darshana Rajendran සහ Basil Joseph රංගනයෙන් දායක වෙනවා.

jaya-jaya

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you