Art"The Eight Hundred" චිත්‍රපටයෙන් විජේ සේතුපති ඉවත් වුනේ ඇයි?

“The Eight Hundred” චිත්‍රපටයෙන් විජේ සේතුපති ඉවත් වුනේ ඇයි?

-

spot_img

The Eight Hundred

මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැගත් 800 චිත්‍රපටය සහ විජේ සේතුපති විසින් මුරලිගේ චරිතය රඟදැක්වීමට තීරණය කිරීම ඉන්දියානු සමාජය උණුසුම් කළ පුවතක් වුනා. වෛරී ප්‍රකාශ, විවාද සහ සමාජ මාධ්‍යයන් තුළ ඇතිවූ කැළඹීම හේතුවෙන් 800 චිත්‍රපටයේ රඟපෑමෙන් ඉවත්වෙන ලෙස මුත්තයියා මුරලිදරන්, විජේ සේතුපතිගෙන් ඉල්ලීමක් කළා.

“මං ගැන තිබෙන වැරදි වැටහීම නිසා විජේ සේතුපතිට ලොකු පීඩනයක් ඇවිත් තියෙනවා. විශිෂ්ඨ කලාකරුවෙක් මං නිසා අපහසුතාවට පත්විය යුතු නැහැ. ඔහුගේ අනාගතය, වෘත්තීය ජීවිතය ගැන හිතලා මං ඔහුගෙන් මේකෙන් ඉවත්වෙන්න කියන ඉල්ලීම කළා. මම මට මුහුණදෙන්න සිද්ධවුන බාධක නිවැරදිව හසුරුවලා ජයග්‍රහණය වෙත ළඟාවෙලා තිබෙනවා. මම මේ ගමන ආවේ එලෙසින්. 800 චිත්‍රපටය අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීමක් වේවි. මම නිෂ්පාදන ආයතනය සමග සිටිනවා. ඒ වගේම මට සහය දුන් හැමෝටම ස්තුතිවන්ත වෙනවා.”

මුත්තයියා මුරලිදරන් එලෙස ප්‍රකාශ කර සිටියා.

විජේ සේතුපති වැනි තරුවක් චිත්‍රපටයට සම්බන්ධ වීම තුලින් 800 තිරයට ගෙන ඒම පහසු කටයුත්තක් යැයි අපේක්ෂා කළත් ආරම්භයේ සිටම නළු නිළියන්ට ගැටලුවලට මුහුණදීමට සිදුවුනා..

මේ ගැන කතාබහ නැවතත් කරලියට පැමිණියේ පසුගියදා 800 චිත්‍රපටයේ නිල පෝස්ටරය එළි දැක්වීමත් සමගින්. ඉන්දියානුවෙකු විසින් ශ්‍රී ලාංකිකයෙකුගේ චරිතයක් රඟදැක්වීම ඇතැමුන්ට ප්‍රශ්නයක් වී තිබුනා.

මුත්තයියා මුරලිදරන් විසින් දවාගත් කඩුලු සංඛ්‍යාව පදනම් කරගනිමින් මෙම චිත්‍රපටය 800 ලෙස නම් කර තිබෙනවා. මෙහි අධ්‍යක්ෂණය MS Sripathy විසින්. ඔවුන්ගේ අභිප්‍රාය නොකැළැල් වීරයෙකුගේ ප්‍රතිමූර්තියක් නිර්මාණය කිරීම නොවන වග චිත්‍රපට කාර්යමණ්ඩලය ප්‍රකාශ කර තිබුනා. ලේඛක ශෙහාන් කරුණාතිලක 800 චිත්‍රපටයේ සමරචකයකු ලෙසින් කටයුතු කරනවා..

මුරලි යනු අතිදක්ෂයකු වග ක්‍රිකට් ලෝලීන් විශාල ප්‍රමාණයක් විශ්වාස කරනවා.නමුත් විචාරකයන් පවසන්නේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවූ, ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ අභිප්‍රායන්ට සහය නොදුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිළිබඳව චිත්‍රපටයක් තැනීමට ඇතැමුන් අකමැති වූ බවයි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ උච්චතම අවධියක් වූ 2009 වසර ඔහුගේ ජීවිතයේ හොඳම වසර ලෙස මුරලිදරන් පවසන වීඩියෝවක් විචාරකයන් පෙන්වා දුන් අතර ඔහු ගෝඪාභය රාජපක්ෂට සහය දීමද මතභේදයට තුඩුදුන් කාරණාවක්.

පසුගියදා මුරලිදරන් ප්‍රකාශ කලේ තම ජීවිත කතාව රැගත් චිත්‍රපටයට සම්බන්ධ වීමට තමා මුලින් අකමැති වූ වගයි.

යුද්ධය නිසා ඇතිවූ භීෂණය, වේදනාව වසර 30 ක කාලයක් පුරා තමා අත්විඳ ඇතිබවත් ඒ තත්වය මැද වුවද තමා ක්‍රිකට් කණ්ඩායමට බැඳී අභියෝග මැදින් සාර්ථක වූ අයුරු 800 චිත්‍රපටයෙන් ප්‍රකාශ කරන බවත් මුරලි පැවසුවා. සිය ප්‍රතිරූපයට හානි කිරීම සඳහා තමාගේ ඇතැම් ප්‍රකාශ විකෘති කර ඇති වග ඔහුගේ අදහසයි.

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් දෙමළ සමාජය පාවා දුන් අයෙකු වග ඇතැම් ඉන්දියානු දේශපාලඥයන් පවසනවා. රංගන ශිල්පියෙකුට චරිත රඟදැක්වීම සඳහා බලපෑම්, සීමා ඇතිවීම තුලින් චිත්‍රපට ලෝකයට එහි නිදහස අහිමි වන වග ඇතැමුන්ගේ අදහසයි.

දේශපාලනය විසින් කලාව අත්පත්කරගැනීම, සැබැවින්ම කණගාටුදායක කරුණක් නොවන්නේ ද?

 

(Film Companion ඇසුරෙනි)

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you