NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 36

Tharu Mal Viyan තරු මල් වියන් – 36

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

පියා අනතුරකට පත්ව රෝහල් ගත කර සිටි බවක් අංජලී දැන ගත්තේ පසුවය. නැන්දා කතා කර ඇයට ඒ බව දන්වන විට ඈ සිතේ ඇති වූයේ ශෝකයකි. ඒ ඔහු අනතුරකට ලක් වූ නිසා පමණක් නොව එවන් දෙයක් නොදැන්වීමට තරම් ඔවුන් තමා කෙරෙහි සැළකිල්ල්ක නොදැක්වීම ගැනය.

“තාම හොස්පිට්ල් එකේද නැන්දා…?”

කළබල හඬකින් ඈ ඇසුවාය.

“දැන් නම් හොඳයි මං හිතන්නේ ලේ දෙන්නත් වුණා කියලා කිව්වේ…බ්ලඩ් බෑන්ක් එකේ බ්ලඩ් නැතුව බොහොම අමාරුවෙන්ලු හොයා ගත්තේ…”

ඒ බව තමාට නොදැන්වූයේ මන්ද කියා අංජලී සිතුවේ මවිතයෙනි.

“මට කිව්වෙවත් නැත්තේ ඇයි නැන්දා…?”

“ආහ්…අනේ මන්දා දුව…ඔයාට කරදර කරන්න හිතන්න නැතුව ඇති…”

ඉන්ද්‍රාණි කීවේ අපසුතාවයට පත්ව මෙනි.

“ඒත් මං එයාගේ දුවනේ නැන්දා…අඩුම තරමේ ඇක්සිඩන්ට් වුණා කියලවත් කිව්වේ නැහැනේ…හදිසියේ වෙන කරදරයක් වුණත් එච්චරයිනේ…”

අංජලී කීවේ පුංචි අම්මා කෙරෙහි උපන් කෝපයෙන් යුතුවය. නැන්දා සමඟ කතා බහ කර අවසන් වූ සැටියේ ඈ පියාට ඇමතුමක් ගත්තාය. එයට ඇමතුවේ පුංචි අම්මාය. පියා ගැන විමසන විට දැන් ඔහුට සුව බවක් පැවසු ඈ මේ මොහොතේ ඔහු නින්දේ පසුවන බවත් කීවාය.

“තාත්තා ඇක්සිඩන්ට් වුණා කියලා ඇයි අපිට නොකීවේ…?”

ඈ ඇසුවේ දෝෂාරෝපණයක ලෙසිනි.

“ඒ වෙලේ මගේ ඔළුව විකාර වෙලා හිටියේ දුව…මට මොකුත් සිහියට ආවේ නැහැ…”

පුංචි අම්මා ඒ කියන්නේ සැබෑවකැයි කියා අංජලී සිතුවාය.

“තාත්තට ලේ දෙන්නත් වුණාලු…”

“ආහ්…ඔව්..ඔව්…මල්ලි තාම පොඩි නිසා එයාට ලේ දෙන්න බැහැනේ…පස්සේ කෙනෙක් ඩොනේට් කළා…”

“ඒකවත් ඉතින් මට කිව්වේ නැහැනේ…”

“දැන් තාත්තට සනීපයි දුව…”

පුංචි අම්මා කීවේ ඇගේ සිත නොරිදෙන ලෙසිනි. කෙසේ වුවත් ඈ සිතේ ඇති වූයේ නොපැහැදීමකි. ඔවුන් තමා නොසළකා හැර ඇත. තමා කළ වරදකුත් නොමැතිවම මෙසේ පළිගන්නේ මන්දැයි කියා ඈ සිතුවේ වේදනාවෙනි. නැන්දා කීවේ මේ සති අග පියා බලන්නට යන නිසා නිවසට පැමිණෙන ලෙසය. නමුත් අංජලී නිවසට යෑමට නම් අකමැති වූවාය. ගයානි හෝ රංගිකාගේ නිවසේ සිට එදින උදෑසන යන්නට ඈ සිතා ගත්තාය.

“මම සංචලාගේ මූණවත් බලන්න කැමති නැහැ…”

ඈ තමාටම කියා ගත්තාය. කෙසේ වුවද ඉන්ද්‍රානිගේත් හේෂාන්ගේත් අදහස වූයේ උදෑසනම ගොස් නැවත සවස නිවසට පැමිණිය යුතු බවය. මේනක එදින නිවසේ සිටින නිසා ගිම්හානිට තනියක් නැත. සංචලා සමඟ ඇයව තනිව දමා යෑමට තරම් සිතක් ඉන්ද්‍රාණිට නොවීය. වැඳ වැටී සමාව ගත්තද සංචලා සමඟ කතා බහ කළද එය සිත් හොඳින් කළ කතා බහක් නොවේ. ඈ සංචලාට අහිතවත් කමක් නොපෑවද හිතවත් කමක්ද නොපෑවාය. ඈ විසින් ඇති කරන ලද සිතේ තුවාලය කිසි දිනක සුව වනු ඇතැයි කියා සිතිය නොහැක. මාලක කුලියට නිවසක් සොයමින් සිටියේද සංචලා කොයි යම් මොහොතක හෝ නැවත ආරවුළක් ඇති කරගනු ඇතැයි සිතාය. යළිත් වතාවක් කුමක් හෝ දෙයක් සිදු වුවහොත් ඇයට කිසිදිනක සමාවක් නැත. මේ අතර සංචලා ඉන්ද්‍රාණිත් හේෂානුත් අතර වූ කතාබහක් සවන් වැකී සිටියේ රටක් රාජ්‍යයක් ලත්දාක් මෙන් ප්‍රීතියට පත්වය. ඇගේ සිතේ වූයේ එය කොයි යම් මොහොතක හෝ පිටකර සතුටු වීමේ කුරිරු ආසාවකිනි.
——————————————————————————————————
නුවර කටුගස්තොට පාරේ මඳක් ඇතුළට වෙන්නට පිහිටි පුංචි අම්මාට අයත් මහගෙදර පරිසරය ඉතා සාමකාමී විය. පියාගේ අනතුර ඉතා දරුණු වූවක් බව ඔහු දකින තුරුම අංජලී පමණක් නොව ඉන්ද්‍රාණි මහේෂ්වත් දැන නොසිටියහ.

“මෙච්චර දෙයක් වෙලත් අපිට කිව්වේ පහු වෙලානේ…”

ඉන්ද්‍රාණි දෝෂාරෝපණය කළාය. පුංචි අම්මා එයට දුන්නේ අංජලීට දුන් පිළිතුරමය. ඉන්ද්‍රාණිගේ සිතේ ඇති වූයේ නොමනාපයකි. ඔවුන් ඉදිරියේ කිසිත් පවසන්නට බැරි නිසා ඈ නොසතුට සිතේ සඟවාගෙන සැමියා දෙස බැලුවේ නොමනාපය මුසු බැල්මකිනි.

“ඔයා නංගිත් එක්කම තිබුණු සම්බන්ධකම් වළලලා දාලා වගේ…එහෙම කළා නම් ඒක කියල කරන්න…එතකොට ලේසියිනේ නැත්ද…? අපිට වුණත් මෙහෙම එන්න ඕන කමක් නැහැ…”

ඉන්ද්‍රාණි එල්ල කළ ඇනුම්පදයෙන් සුනේන්ද්‍ර මෙන්ම නිල්මිණීද තිගැස්මට පත් වූහ. අංජලී නැන්දා දෙස බැලුවේ මවිතයෙන් වුවද ඈ කියන්නේ ඇත්තක් නිසා නිහඬව සිටියාය. කියන්නාක් මෙන් තම පියා මවගේ වියෝවෙන් පසුව තමා බැලීමට කියා හෝ එක් දිනක්වත් පැමිණියේ නැත. ඔහු තමා අත්හැර දැමුවේ මව මිය ගියදාටත් පෙරම බව නොවේදැයි ඇයට මේ මොහොතේ සිහි විය. හේෂාන් නැඟී සිටියේ පිටව යන්නට බව දැක නිල්මිණී බියපත් දෑසින් සැමියා දෙස බැලුවාය. සැමියාගේ ඉඟිය වටහාගත් ඉන්ද්‍රාණිද අසුනින් නැඟී සිටියාය.

“ඇයි…අයියලා මේ යන්නද…ආපයින්ම…?”

නිල්මිණී ඇසුවේ සැමියා නිහඬව සිටි නිසාය.

“අපි යමු දුව…”

හේෂාන් කීවේ අංජලීටය. ඇයට අසුනින් නැඟිටුණේ ඉබේමය.

“තමුන් හිතක් පපුවක් නැති දුෂ්ට මිනිහෙක් සුනේන්ද්‍ර…මිනිස්සුන්ට හැදෙන්න අවස්ථාවක් ලැබුණාමවත් මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ…ඔය ලැබුණේ දෙවෙනි අවස්ථාවක්…ඇඳට වෙලා ඒ ගැන පොඩ්ඩක් කල්පනා කළා නම් හොඳයි…”

හේෂාන් එසේ කියා පෙරමුණ ගන්නා විට ඉන්ද්‍රාණිත් අංජලීත් ඔහු පසු පස පැමිණ රථයට නැඟුනේ නිල්මිණී නවතින්න කියා කළ පිංසෙණ්ඩු වීමද නොතකමිනි. අංජලී කිසිත් සිතා ගන්නට නොහැකිව කවුළුවෙන් පුංචි අම්මා දෙස බලා සිටියාය.

හේෂාන් නිහඬව රිය පැදවූයේ සිත තුළ වූ සංවේගයෙනි. සුනේන්ද්‍ර නම් සැබෑවටම අමු තිරිසනෙක් කියා ඔහුට නොසිතා බැරි විය. හදවතේ ලාදුරු වැළඳුණ ලාදුරු රෝගියෙක්. සංවේදී බවක් නැත්තේ ඒ නිසාය. කුසගින්නක් දැනුනෙන් ඔහු පාරේ පසෙක රිය නැවතුවේ පොල් අතු කඩයක් අසලිනි.

“දුව අපි පොල් රොටි කමුද…ප්ලේන්ටියක් බොන ගමන්…?”

ඔහු පිටු පස හැරී අංජලී විමසුවේ මුව මත ඇඳගත් සැහැල්ලු සිනහවකිනි. අංජලී වටපිට බලන්නට වූයේ එවිටය. රථය නැවතූ බවක් වත් ඇයට නොදැනිණි. මාමාගේ මුව මත වූ සැහැල්ලු සිනහව දැක ඇයට ප්‍රතික්ෂේප කරන්නට හැකියාවක් නොවීය. සිතේ දොම්නස් සහගත හැඟීමක් තිබුණා වුවද ඇයත් සිනහවක් මවාගෙන ඔහු හා එකඟ විය. තිදෙනම රථයෙන් බැස ගත්තේ එකටමය. ගසක් යට තනා තිබූ බංකුව මත අංජලීත් ඉන්ද්‍රාණිත් හිඳ ගත්තේ හේෂාන් කඩය තුළට යන විටය.

“තාත්තා ඇයි මේ වගේ හැසිරෙන්නේ නැන්දේ…මට නම් හිතා ගන්න බැහැ…”

මෙතෙක් නිහඬව සිටි අංජලී නැන්දා විමසුවාය.

“ඔයා ඕවා හිතන්න එපා දුව…මිනිස්සු එහෙම තමා කියලා හිතන්න…හිතක් පපුවක් නැති…ලාදුරු හැදිච්ච උන්…ඔයාට හිතා ගන්න පුළුවන්ද අම්මා කොහොමද මෙයා එක්ක ජීවත් වුණේ කියලා…?”

අංජලී යාන්තමට ඒ බව දැන සිටියාය. අම්මා මේ සියල්ල දරාගෙන කෙසේ ජීවත් වන්නට ඇතිදැයි කියා සිතන විට ඈ සිතේ ඇති වූයේ මහා අනුකම්පාවකි.

“එයා කවදාවත් අපිට ආදරේ කළේ නැහැ නැන්දා…”

දිගු සුසුමක් හෙළමින් අංජලී කීවාය.

“එයා කාටවත් ආදරේ කරන මිනිහෙක්ද කියලයි මට පුදුම…”

නැන්දා අනෙක් අතට කීවාය. දුම් දමන රොටි සමඟ ලුණු මිරිස් රැගෙන මැදි වියේ කාන්තාවක් ඔවුන් වෙත පැමිණියේ හේෂාන්ද සමඟය. ඈ රොටි තැබූ තසිම කුඩා ස්ටූලයක් මත තබා අවිහිංසක සිනහවක් පාමින් වහා ඉවත ගියාය. අංජලී මාමාට ඉඩදී බංකුවේ පසෙකට වූවාය.

“උණු උණුවේ කමු…”

හේෂාන් කීවේ රොටි කැබැල්ලක් කඩා එයට පිඹ මුව මත දමා ගනිමිනි.

“ඔයාටවත් බැහැ ඉන්දු මෙහෙම රසට රොටි හදන්න…”

ඔහු බිරිඳ අවුස්සන්නට සිතා කිවේය.

“ඔව්…ඔව්…ඔයාත් දැන් තමා ඔහොම කියන්නේ…මෙච්චර කල් කෑවේ වෙන කවුරු හරි හදපු කෑමනේ…”

ඉන්ද්‍රාණිද ඇනුම්පදයක් එල්ල කළාය. දෙදෙනා අතර ඇතිවන මේ ඇනුම්පද එල්ළ කිරීම් තුළ සිත් රිදවීමක් නැත. එහි ඇත්තේ දෙදෙනාට දෙදෙනා දක්වන සෙනෙහස බව අමුතුවෙන් කිව යුතු නොවේ. අංජලී මේ සියල්ලට මැදිව සිනහසෙමින් සිටියාය. කතා බහෙන් ඔවුන් රොටි කීපයක්ම අවසන් කර තිබූ අතර ඉඟුරු දැමූ තේ බීවේ “සාස් සූස් ගාමිනි”. රථයට නැඟී යළි පැමිණෙන අතර තුර පෙර වූ සිතේ බර සැහැල්ලුව තිබූ අතර අංජලී ඉන්ද්‍රාණිත් සිටියේ හේෂාන්ගේ කතාවලට සිනහසෙමිනි.

-හෙටත් හමුවෙමු-

Latest news

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

වත්මන් රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් – විපක්ෂ නායක සජිත්

රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා...
- Advertisement -spot_img

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

රත් දෝතළු – 88

රත් දෝතළු - 88 මට නිතර අහස් සිහි විය. ඔහුගේ මතකයෙන් මා කෙලෙස මිදෙන්නද.? මා නිවසින් පිටව ඇතිබවක් දැනගත් විට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you