More
    NewsSupremeSAT සන්නිවේදන චන්ද්‍රිකාවට ලංකා රජය මුදල් ආයෝජනය කර නැහැ

    SupremeSAT සන්නිවේදන චන්ද්‍රිකාවට ලංකා රජය මුදල් ආයෝජනය කර නැහැ

    -

    spot_img

    SupremeSAT – සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකාව කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

    අද (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ SupremeSAT සමාගම 2012 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමකට එළඹුණු බවයි.

    ඒ අනුව, 2013-2014 කාලය තුළ එම ආයතනය රුපියල් දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසිය තිස් හයක් (රු. 12,104,936) සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති බවත්, සමාගම ඉදිරිපත් කළ ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

    එසේම රුපියල් මිලියන එක්දාස් අටසිය විසි අටක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012-05-23 දින සුප්‍රීම් SHST පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇති බවද අගමැතිවරිය ප්‍රකාශ කළා.

    ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිලාභ ලෙස SupremeSAT සමාගම විසින් ලැබූ ආදායම් පහත පරිදි වන බවයි අග්‍රමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    * 2015-2016: රුපියල් මිලියන 19,617 ක්,

    * 2016-2017: රුපියල් මිලියන 28,133 ක්,

    * 2017-2018: රුපියල් මිලියන 29,106 ක්,

    * 2018-2019: රුපියල් මිලියන 34,169 ක්,

    * 2019-2020: රුපියල් මිලියන 42,960 ක්,

    * 2020-2021: රුපියල් මිලියන 62,545 ක්,

    * 2021-2022: රුපියල් මිලියන 87,789 ක්,

    * 2023 පළමු මාස හය තුළ රුපියල් මිලියන 39,590 ක්.

     

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page