SportsSL Vs BAN TEST ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු...

SL Vs BAN TEST ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 78ක ජයක්ග්‍රහනයක්

-

spot_img

SL Vs BAN TEST – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 78 ක සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ අනුව නව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ තමන් මුහුණදුන් පළමු තරගාවලි‍යම 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඊයේ තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට, සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටි අතර, අද උදෑසන පැය භාගයක පමණ කාලයකදී ඉතිරි කඩුලු සියල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

ඒ අනුව බංග්ලාදේශයට සිය දෙවන ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 133 ක් පමණක් වන අතර, එහිදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 26 කට වඩා ලබාගත නොහැකි වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 05 ක් දවාගත් අතර, නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා.

සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 458 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, එහිදී පැතුම් නිස්සංක ලකුණු 158ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 93 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 84 ක් ලබාගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 247 ක් වාර්තා කළා.

 

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you