SportsSL Vs BAN TEST ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු...

SL Vs BAN TEST ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 78ක ජයක්ග්‍රහනයක්

-

spot_img

SL Vs BAN TEST – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 78 ක සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ අනුව නව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ තමන් මුහුණදුන් පළමු තරගාවලි‍යම 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඊයේ තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට, සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටි අතර, අද උදෑසන පැය භාගයක පමණ කාලයකදී ඉතිරි කඩුලු සියල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

ඒ අනුව බංග්ලාදේශයට සිය දෙවන ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 133 ක් පමණක් වන අතර, එහිදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 26 කට වඩා ලබාගත නොහැකි වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 05 ක් දවාගත් අතර, නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා.

සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 458 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, එහිදී පැතුම් නිස්සංක ලකුණු 158ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 93 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 84 ක් ලබාගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 247 ක් වාර්තා කළා.

 

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you