More
    InterviewsSaoirse Ronan මට නිතරම මම ආදරය කරන අය මැරෙයි...

    Saoirse Ronan මට නිතරම මම ආදරය කරන අය මැරෙයි කියලා හිතෙනව

    -

    spot_img

    Saoirse Ronan අයිරිෂ් – අමෙරිකානු සම්භවය සහිත රංගන ශිල්පිනියක්. ඇය රංගනයට අවතීර්ණව ඇත්තේ කුඩා කාලයේදීමයි. ප්‍රේක්ෂක සිත්වල මතක හිටින රඟපෑම් සනිටුහන් කළ ඇය ගෝල්ඩන් ග්ලෝබ් වැනි සම්මාන රැසකින් පිදුම් ලැබූ අතර ඇකඩමි සම්මානය සඳහා කිහිප වරක්ම නිර්දේශ වුණා. මේ W Magazine ඇය සමග සිදුකළ කතාබහක් .

    • The Outrun චිත්‍රපටයට දායක වෙන්න ලැබුණෙ කොහොමද?

    මගේ හස්බන්ඩ් ජැක් ලෝඩන් නිසා. එයා ඒ පොත ගැන දැනගෙන හිටියා. සෑහෙන කාලයක් අපිට ඒක කියවන්න වුණේ නැහැ. පස්සෙ එයා පොත ඉවරකරාම මට කිව්වා “මේක තමයි ඔයා ඊළඟට කරන චරිතය” කියලා.

    Saoirse Ronan

    • චිත්‍රපටයෙ ඔයාගෙ චරිතය “රෝනා” කියන්නෙ හරිම ඉක්මනට කැළඹෙන කෙනෙක්

    ඔව්. අපි හැමෝම දේවල් තේරුම් ගන්නවා. සමහර දේවල් අපිට මග හැරෙනවා. අපි කරන්න ඕනේ කණගාටුදායක හැඟීම් අමතක කරලා ප්‍රීතිය සොයා ගන්න උත්සාහ කිරීම.

    • ගොවිපළේ වැඩ කරන අතරෙ බැටළු පැටවෙකු ලැබෙන දර්ශනය ඇත්තටම සිදු කළාද?

    ඔව්. අපි වැඩ පටන් ගන්න මාස හයකට කලින් මම කීප දෙනෙක් එක්ක ඕක්නි දූපත් වල ගොවිපළට ගියා පාන්දර 4:30 ට බැටළුවො 50 ක් විතර ඉන්න බැටළු ගාලකට ගිය අපි පැටවෙක් බිහිවන හැටි බලාගෙන හිටියා . ඔයා දන්නවද ඒක ගැහැණියකගෙ දරු ප්‍රසූතියට ගොඩක් සමානයි. ලේ වැගිරීම්, ශ්ලේෂ්මල ඒ දේවල් එක්ක බලාගෙන ඉන්නත් අමාරුයි. ඒත් මම එයට ආදරේ කරා. ඩෙමී මුවර් කිව්වා එයාටත් එහෙම දැනෙනව කියලා. රූගත කිරීම් ඉවර වුණාම මගේ අත්වල ගොඩක් දේවල් ගෑවිලා තිබුණා. ලේ. බැටළු පැටව් හත් දෙනෙක් බිහිවෙන තැන මම හිටියා. අන්තිමේ හැමෝම මට කිව්වා මම එයාලගෙ අම්මා කියලා.

    Saoirse Ronan

    • ඊට පස්සෙ ඔයා Blitz චිත්‍රපටයෙ රඟපෑවා?

    The Outrun චිත්‍රපටයෙ වැඩ ඉවර කරලා සති හයකට පස්සෙ වගේ. එක චිත්‍රපටයක් ඉවර කෙරුව ගමන්ම තවත් එකකට යන එක අමාරුයි. ඒත් Blitz එකේ දි The Outrun වල වගේ ලොකූ වගකීමක් දරන්න වුණේ නැහැ.

    • Blitz චිත්‍රපටයෙ ඔයා ගායනා කරන දර්ශනයක් තියෙනවා

    ගායනය මට ටිකක් අසීරුයි. නමුත් මම කටහඬ නියම ලෙස පාවිච්චි කරන හැටි සහ වාදනය ඉගෙන ගත්තා. මම ඒකට කැමතියි.

    • ඔයා කැමතිම රියැලිටි වැඩසටහනක් තියෙනවද?

    Married at first sight: Australia

    Saoirse Ronan

    • ඔයා මිථ්‍යාවන් විශ්වාස කරනවද?

    ඔව්. මම මේ මේ දේවල් නොකරොත් මම හරි මම ආදරය කරන අය හරි මැරෙයි කියලා මට නිතරම හිතෙනවා. ඒක මිථ්‍යා විශ්වාසයක්ද ලෙඩක්ද කියලනං මම දන්නේ නැහැ. මම හිතන්නේ ඒ දෙකම වෙන්න ඕනෙ.

    • ඔයා පුදුම වෙන දේවල්

    සංගීතය. රූපවාහිනියේ දකින දේවල්. මට Married at First Sight එකෙන් කෙනෙක් මුණගැහුණොත්, මම ඇත්තටම පුදුම වෙයි.

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page