InterviewsSaoirse Ronan මට නිතරම මම ආදරය කරන අය මැරෙයි...

Saoirse Ronan මට නිතරම මම ආදරය කරන අය මැරෙයි කියලා හිතෙනව

-

spot_img

Saoirse Ronan අයිරිෂ් – අමෙරිකානු සම්භවය සහිත රංගන ශිල්පිනියක්. ඇය රංගනයට අවතීර්ණව ඇත්තේ කුඩා කාලයේදීමයි. ප්‍රේක්ෂක සිත්වල මතක හිටින රඟපෑම් සනිටුහන් කළ ඇය ගෝල්ඩන් ග්ලෝබ් වැනි සම්මාන රැසකින් පිදුම් ලැබූ අතර ඇකඩමි සම්මානය සඳහා කිහිප වරක්ම නිර්දේශ වුණා. මේ W Magazine ඇය සමග සිදුකළ කතාබහක් .

• The Outrun චිත්‍රපටයට දායක වෙන්න ලැබුණෙ කොහොමද?

මගේ හස්බන්ඩ් ජැක් ලෝඩන් නිසා. එයා ඒ පොත ගැන දැනගෙන හිටියා. සෑහෙන කාලයක් අපිට ඒක කියවන්න වුණේ නැහැ. පස්සෙ එයා පොත ඉවරකරාම මට කිව්වා “මේක තමයි ඔයා ඊළඟට කරන චරිතය” කියලා.

Saoirse Ronan

• චිත්‍රපටයෙ ඔයාගෙ චරිතය “රෝනා” කියන්නෙ හරිම ඉක්මනට කැළඹෙන කෙනෙක්

ඔව්. අපි හැමෝම දේවල් තේරුම් ගන්නවා. සමහර දේවල් අපිට මග හැරෙනවා. අපි කරන්න ඕනේ කණගාටුදායක හැඟීම් අමතක කරලා ප්‍රීතිය සොයා ගන්න උත්සාහ කිරීම.

• ගොවිපළේ වැඩ කරන අතරෙ බැටළු පැටවෙකු ලැබෙන දර්ශනය ඇත්තටම සිදු කළාද?

ඔව්. අපි වැඩ පටන් ගන්න මාස හයකට කලින් මම කීප දෙනෙක් එක්ක ඕක්නි දූපත් වල ගොවිපළට ගියා පාන්දර 4:30 ට බැටළුවො 50 ක් විතර ඉන්න බැටළු ගාලකට ගිය අපි පැටවෙක් බිහිවන හැටි බලාගෙන හිටියා . ඔයා දන්නවද ඒක ගැහැණියකගෙ දරු ප්‍රසූතියට ගොඩක් සමානයි. ලේ වැගිරීම්, ශ්ලේෂ්මල ඒ දේවල් එක්ක බලාගෙන ඉන්නත් අමාරුයි. ඒත් මම එයට ආදරේ කරා. ඩෙමී මුවර් කිව්වා එයාටත් එහෙම දැනෙනව කියලා. රූගත කිරීම් ඉවර වුණාම මගේ අත්වල ගොඩක් දේවල් ගෑවිලා තිබුණා. ලේ. බැටළු පැටව් හත් දෙනෙක් බිහිවෙන තැන මම හිටියා. අන්තිමේ හැමෝම මට කිව්වා මම එයාලගෙ අම්මා කියලා.

Saoirse Ronan

• ඊට පස්සෙ ඔයා Blitz චිත්‍රපටයෙ රඟපෑවා?

The Outrun චිත්‍රපටයෙ වැඩ ඉවර කරලා සති හයකට පස්සෙ වගේ. එක චිත්‍රපටයක් ඉවර කෙරුව ගමන්ම තවත් එකකට යන එක අමාරුයි. ඒත් Blitz එකේ දි The Outrun වල වගේ ලොකූ වගකීමක් දරන්න වුණේ නැහැ.

• Blitz චිත්‍රපටයෙ ඔයා ගායනා කරන දර්ශනයක් තියෙනවා

ගායනය මට ටිකක් අසීරුයි. නමුත් මම කටහඬ නියම ලෙස පාවිච්චි කරන හැටි සහ වාදනය ඉගෙන ගත්තා. මම ඒකට කැමතියි.

• ඔයා කැමතිම රියැලිටි වැඩසටහනක් තියෙනවද?

Married at first sight: Australia

Saoirse Ronan

• ඔයා මිථ්‍යාවන් විශ්වාස කරනවද?

ඔව්. මම මේ මේ දේවල් නොකරොත් මම හරි මම ආදරය කරන අය හරි මැරෙයි කියලා මට නිතරම හිතෙනවා. ඒක මිථ්‍යා විශ්වාසයක්ද ලෙඩක්ද කියලනං මම දන්නේ නැහැ. මම හිතන්නේ ඒ දෙකම වෙන්න ඕනෙ.

• ඔයා පුදුම වෙන දේවල්

සංගීතය. රූපවාහිනියේ දකින දේවල්. මට Married at First Sight එකෙන් කෙනෙක් මුණගැහුණොත්, මම ඇත්තටම පුදුම වෙයි.

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you