InterviewsLana Del Rey ජෙරමි වගේම මමත් කිඹුලො එක්ක පීනනවා

Lana Del Rey ජෙරමි වගේම මමත් කිඹුලො එක්ක පීනනවා

-

spot_img

Lana Del Rey ගායනයට අමතරව ගීත රචනයටත් ගොඩක් දක්ෂ සුප්‍රකට අමෙරිකානු ගායිකාවක්. රොමෑන්තික ගීත සඳහා ඇය වඩාත් ප්‍රකටයි. සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය ග්‍රැමී සම්මාන එකොළහක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සඳහාත් නිර්දේශ වුණා. සුප්‍රකට රෝලිං ස්ටෝන් ඇයව “21 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම ඇමරිකානු ගීත රචිකාව” ලෙසින් නම් කළා.                       මේ W magazine ඇය සමග සිදුකළ කතාබහක්. 

Lana Del Rey

• ඔයා ඔයාගේ Husband ගැන සිංදු ලියලා තියෙනවද? 

Lana Del Rey

” Stars fell on Alabama”. මම සංදර්ශනයක් ආරම්භ කරන්නෙ ඒ ගීතයෙන්. ජෙරෙමි තමයි මගේ ජීවිතේ වටිනම, බලපෑම් සහගතම කෙනා. ඔහු නිහඬයි. ඒත් මම එක්ක එහෙම නෑ. සමහරවෙලාවට අපිට දැනෙනව අපි මේ ලෝකෙ එකම එක දේකට විතරමයි ආදරේ කරන්නෙ කියලා. අපි වගේම හිතන පතන කෙනෙක් මුණගැහුණම.

• ඔයා කිඹුලන්ට කැමතියි නේද?

මුලින් නම් මට බයක් දැණුනා. ඒත් ලුසියානාවල ෆ්ලොරිඩාවට වඩා ලස්සන කිඹුලො ඉන්නවා. ජෙරමි කිඹුලන් එක්ක පිහිනනවා. මමත් පිහිනනවා. හැබැයි තනියම නෙමේ.

• ඔයාට ලොස් ඇන්ජලීස් මග හැරුණද? මොකද ඔයා L.A ගැන හරිම ලස්සනට ලියනවා. 

Lana Del Rey

මම නිව්යෝර්ක් වලට ගොඩක් ආදරෙයි. ලොස් ඇන්ජලීස් මට ආදර හැඟීම් ඇති කරනවා. එහි භූමි දර්ශන. මම කාර් එකට නැගලා සන්සෙට් බලන්නත් බීච් එකටත් යනවා. මෙක්සිකානු Hot Chocolate බොනවා. මට L.A වලින් සිංදු ලියන්න ගොඩාක් තනු ලැබුණා.

• ඔයා රඟපාන්න කැමතිද?

ඔව්, මම චිත්‍රපටයක රඟපාන්න කැමතියි. මම ක්වෙන්ටින් ටැරන්ටිනෝට ආදරෙයි. ඔහු සහ ඩේවිඩ් ලින්ච් මම කැමතිම දෙන්නෙක්. ඒත් මම චිත්‍රපටි විතරක් බලන්නෙ නැහැ. හෝල්මාර්ක් නාලිකාවේ වැඩසටහන් වලට මම ආසයි. හෝල්මාර්ක් චිත්‍රපට විශිෂ්ටයි.

• හෝල්මාර්ක් චිත්‍රපට නිව් යෝර්ක්වල බුකෝලික් ලේක් ප්ලැසිඩ් හි ඔයාගෙ පුංචි කාලය මතක් කරලා දෙනවද? 

Lana Del Rey

ටිකක්. පුංචි කාලෙ මම හැමතිස්සෙම සිංදු කිව්වා. ලොස් ඇන්ජලීස් වලට යන්න කලින් ජර්මනියේ, ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ වගේ තැන්වල මම වැඩ කළා.

• ඔයා පූසෙක් වගේද බල්ලෙක් වගේද?

නිසැකවම පූසෙක් වගේ. ලොකු තැඹිලි පාට පූසෙක්. මම ඉක්මන් වගේම හරිම හුරතල්.

• ඔයා කවදා හරි ස්වයං චරිතාපදානයක් ලියනවද?

කොහෙත්ම නැහැ. මට කතා කරන්න බැරි තරම් පුද්ගලික දේවල් තියෙනවා. සමහර වෙලාවට මට හිතෙනවා මට වෛර කරන අය සහ මගේ වැඩවලට ගරු කරන අය 50-50 ප්‍රතිශතයක ඉන්නව කියලා. මම ඒ ගැන හිතන්න ගොඩක් කාලයක් ගත කළා. නමුත්, අවංකව කිව්වොත්, ඒ ගැන ඕනෑවට වඩා හිතන්න ඕනෙ නෑ. දැන් මම ධනාත්මක වෙන්න උත්සාහ කරනවා. මට හොඳ පවුලක් සහ ප්‍රීතිමත් ජීවිතයක් ගැන හීනයක් තිබුණා. මට ආදරේ හොයාගන්න ඕනෙ වුණා. ඉතින් මම එහෙම කළා.

Latest news

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන්

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන් දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර...

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...
- Advertisement -spot_img

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

මම රෑ දහය වෙනකොට නිදාගන්නව

මම රෑ දහය වෙනකොට නිදාගන්නව - Sonam Kapoor සෝනම් කපූර් හැඳින්වෙන්නේ බොලිවුඩ් සිනමාවේ වඩාත්ම ආකර්ෂණීය නිළියක් සහ Fashion Icon එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you