ArtQueen ජීවිතේ හැම අයහපතක්ම වෙස් වලාගත් ආශිර්වාදයක්!

Queen ජීවිතේ හැම අයහපතක්ම වෙස් වලාගත් ආශිර්වාදයක්!

-

spot_img

Queen – පුංචි කාලෙ ඉඳලම ගැහැණු ළමයෙක්ට තියෙන හීනයක් තමයි කවදහරි දවසක ලස්සන මනාළියෙක් වෙන එක. හොඳ සැමියෙක්. සුන්දර විවාහ උත්සවයක්. ඉන්දියානු යුවතියක් වුන විසි හතර හැවිරිදි රාණි මෙහ්රාත් විවාහ වීමේ බලාපොරොත්තුවෙන් සිටියා. ඇගේ විවාහයට හැමදේම සූදානම් කරලයි තිබුණෙ. නමුත් හැමදේම වෙනස් කරමින්, විවාහයට දින දෙක තුනකට කලින් ඇගේ පෙම්වතා විජේ ඈව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඒ ඈ වැනි නිවසටම සිර වූ සම්ප්‍රදායික කෙල්ලක් බිරිඳ කරගැනීමට නොහැකි බැව් පවසමින්. හීනෙකට ඉතාම සමීපව ඉඳලා නොසිතුව විදිහට ඒ හීනෙ බොඳ වුණාම ඇතිවන හැඟීම් ගැන කොහොම විස්තර කරන්නද…? ඇතිවූ සිත් බිඳීම, බලාපොරොත්තු සුන්වීම, ලැජ්ජාව වගේ හේතු නිසා රාණි මෙහ්රා දින කිහිපයක් නිවස තුළටම වී සිටියා. ඇයත් විජේත් හනිමුන් යන්න නියමිතව තිබුණෙ පැරීසිය වෙත. රාණි මෙහ්රා ජීවිතේ කවදාවත් ඒ තරම් දුර ගොස් තිබුණෙ නෑ.

Queen

හනිමුන් එක කැන්සල් උනොත් මොකද කරන්නෙ ඇත්තටම…?

අන්තිමේ ඈ තීරණයක් ගත්තා. තනිවමම පැරීසිය වෙත යන්න. ඉන්දියාවෙන් එහා ලෝකයේ සිදුවන දේවල් සියැසින්ම දැක බලාගන්න. නීති, රීති, චාරිත්‍ර, වාරිත්‍ර ඔය වගේ ගොඩක් දේවල් තියෙන රටක ජීවත්වුන, නිදහස කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න, විවාහයක් නිසා ජීවිතය සම්පූර්ණ වෙන බව ඇදහුව කෙල්ලෙක් පැරීසියට ගියාම ඇතිවෙන තත්වය හාස්‍යජනකව පෙන්නල දෙන්න Queen සිනමාපටයට පුළුවන් වෙලා තියෙනවා. අත්දැකීම් අඩු කෙල්ලක් විදිහට ප්‍රංශයට ආව රාණි මෙහ්රා ලෝකෙ තමා හිතාගෙන හිටියට වඩා සුවිසල් බවත්, ඒ තුළ ආදරේ ඕනෑ තරම් තිබෙන බවත් දැනගන්නවා. විවිධ රුචි අරුචිකම් ඇති යහළු යෙහෙළියන්, විනෝදය සපයන අනේකවිධ දේවල්,කෑම, නටන්න, ගයන්න, මත් වෙන්න වගේම සෙක්ස් ගැනත් ඈ මින් පෙර දැන නොසිටි දේවල් දැනගන්නවා.

QueenQueen

ජීවිතේ සිද්ධවෙන හැම අයහපතක් තුළම වෙස් වලාගත් ආශිර්වාදයන් ඇති වග සහ වැරදීම් විසින් අපිට ජීවිත පාඩම් කියාදෙන වගත් ඈ තේරුම් ගන්නවා. ඔබව සීමා කරවන බැඳීමකට වඩා නිදහස බොහෝ සුන්දර බව, ඔබේ සතුට රැඳී ඇත්තේ අන් අය මත නොව ඔබම තුළ බවත් ඔබ විසින් ම එය සොයාගත යුතු බවත් මෙම සිනමාපටය පහදා දෙනවා. ඔබේ සතුට ඔබම සොයාගත් විට සැබැවින්ම නිදහස් බැව් ඔබට දැනේවි. එවිට ඔබට හැකිවේවි ඔබට මෙන්ම ඔබ වටා සිටින අයටත් සිනහවකින්, සෙනෙහසින් සමාව දෙන්න. Queen යනු බොහොම සුන්දර, ඇතිතරම් හිනාවෙන්න පුළුවන්, හිත රිලැක්ස් වෙන සිනමා නිර්මාණයක්.

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

තේ වෙලාවට චොක්ලට් ස්විස් රෝල්

තේ වෙලාවට - Chocolate Swiss Roll තේ වෙලාවට ගැළපෙනම දෙයක් තමයි ස්විස් රෝල් කියන්නෙ. රසම රස චොක්ලට් ස්විස් රෝල් එකක්...

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you