NewsIndian military attack ඉන්දීය හමුදා ප්‍රහාරයක් ගැන පකිස්ථානය අනතුරු...

Indian military attack ඉන්දීය හමුදා ප්‍රහාරයක් ගැන පකිස්ථානය අනතුරු අඟවයි

-

spot_img

Indian military attack –ඉදිරි පැය 24ත් 36ක් අතර කාලය තුළ සිදුවිය හැකි ඉන්දීය හමුදා ප්‍රහාරයක් පිළිබඳ පකිස්ථාන අනතුරු අඟවා තිබෙනවා.පකිස්ථාන බලධාරීන් මේ බව පවසා ඇත්තේ ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ සිදුවූ ප්‍රහාරයකින් පසු දෙරට අතර උත්සන්න වෙමින් ඇති දේශපාලන උණුසුම මධ්‍යයේයි.

ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ ඉන්දියාව හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට තමන් වෙත “විශ්වාසදායක බුද්ධි තොරතුරු” ඇති බවටයි පකිස්ථානය චෝදනා කරන්නේ.සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ කාශ්මීර ප්‍රහාරය පාකිස්තානයට පහර දීම සඳහා “ව්‍යාජ කඩතුරාවක් ලෙස” ඉන්දියාව භාවිතා කරන බවට පකිස්ථානය පවසා තිබෙනවා.

කෙසේවෙතත් පකිස්ථාන බලධාරීන් සිය ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු ස්ථිර තොරතුරක් ප්‍රකාශයට පත් කර නැහැ.ඉන්දීය රජයද චෝදනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.කෙසේවෙතත් පකිස්ථාන බලධාරීන් පවසා ඇත්තේ ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි.

කලාපයේ සිදුවන ඕනෑම බරපතල ප්‍රතිවිපාක සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් පවසන්නේ ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බවයි.ඒ සම්බන්ධයෙන් පකිස්ථානය දැඩි සීරුවෙන් සිටින නමුත් අපගේ පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම් පමණක් න්‍යෂ්ටික අවි භාවිතා කරන බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

දෙරට අතර උණුසුම වැඩිවීමට අදාළ හේතුව වූයේ කාශ්මීර ප්‍රහාරයට පාකිස්තාන බලවේග සම්බන්ධ බවට ඉන්දියාව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමගයි.දශක දෙකකට වැඩි කාලයක් තුළ ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේදී සංචාරකයින්ට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය මෙයයි.මේ අතර ඊයේ පැවති ඉන්දීය ඉහළ පෙළේ ආරක්ෂක රැස්වීමකදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන ආකාරය, වේලාව සහ ඉලක්කය තීරණය කිරීමට ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ඇති බවයි.

ත්‍රස්තවාදයට දරුණු පහරක් එල්ල කිරීම ජාතික අධිෂ්ඨානය බවයි ඉන්දීය අගමැතිවරයා පවසා ඇත්තේ.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you