NewsNorochchole විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද මැදියම් රැයේ සිට...

Norochchole විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද මැදියම් රැයේ සිට අක්‍රිය කෙරේ

-

spot_img

Norochchole – නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම නඩත්තු කටයුතු අවසන් කිරීම සඳහා දින 25ක කාලයක් ගතවන බවත්, එම ජනන යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 300 ක් වන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කළේ.

මේ අතර නඩත්තු කටයුතු හේතුවෙන් මාස එකහමාරක පමණ කාලයක් අක්‍රිය කර තිබුණු කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද මධ්‍යම රාත්‍රියේ සිට යළි සක්‍රිය කිරීමට නියමිත අතර, ඉන් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක් බව සඳහන්.

පවතින වැසි තත්ත්වයත් සමග ජල විදුලි නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් පැවතීම නිසා, මේ ආකාරයෙන් විදුලි බලාගාර නඩත්තු කටයුතු සිදුකරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you