SportsNew Zealand Women vs Sri Lanka Women: නවසීලන්ත ක්‍රීඩිකාවන්ට...

New Zealand Women vs Sri Lanka Women: නවසීලන්ත ක්‍රීඩිකාවන්ට විශිෂ්ඨ ජයක්.

-

spot_img

සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (30) ගාල්ලේදී පවතී දෙවන එක්දින තරඟය ලකුණු 111 කින් ජයගැනීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් ඕවර 50ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 329ක් රැස් කළා. එම ලකුණු 329 ට නායිකා සොෆි ඩෙවින් ගේ ලකුණු 137ක් සහ ඇමිලියා කෙර් ගේ ලකුණු 108ක් ඇතුලත්. සොෆි ඩෙවින් එම ලකුණු 137 ලබාගැනීමට පන්දු 121 කට මුහුණ දුන් අතර එයට 6 පහර 2ක් සහ හතරේ පහර 17ක් ඇතුලත්. මේ ඇයගේ 6 වන එක්දින ශතකයයි. ඇමිලියා කෙර් ලබාගත් ලකුණු 108 සඳහා ඇය පන්දු 106 කට මුහුණ දුන් අතර එයට එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුලත්. මෙය ඇමිලියා ගේ දෙවන එක්දින ශතකයයි.

SLC

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඕෂදී රණසිංහ ලකුණු 68 කට කඩුලු 3ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල කවීෂා දිල්හාරි පන්දු 98 කට ලකුණු 84ක් රැස්කරා. අනුශ්කා සංජීවනී පන්දු වාර 14 කින් ලකුණු 17ක් සහ කාව්‍යා කාවින්දි පන්දු වාර 31 කින් ලකුණු 15 ලබාගැනීමට සමත්වුණා. මෙහිදී පළමු එක්දින තරඟයේ අගනා ඉනිමක් ක්‍රීඩා කල නායිකා චමරි අතපත්තු මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී යාම විශේෂත්වයක්.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ ලීආ තහූ ලකුණු 28කට කඩුලු 4ක් දවාගත් අතර ඊඩ්න් කාර්සන් ලකුණු 41 කට කඩුලු 2 ක් ලබාගැනීමට සමත්වුණා.

SLC
Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you