NewsNew York City - නිව්යෝර්ක් නගරය වේගයෙන් ගිලා බසී

New York City – නිව්යෝර්ක් නගරය වේගයෙන් ගිලා බසී

-

spot_img

ඇමෙරිකා එක්සත් ජනපදයේ New York නගරය පුරා ඉදිකර ඇති ගොඩනැගිලි වල බර හේතුවෙන් පොළවට එල්ල වන බලපෑම ගණනය කිරීම සඳහා පර්යේෂකයන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී,එම නගරය වසරකට සාමාන්‍යයෙන්  මිලිමීටර්1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් ගිලා බසිමින් තිබෙන බව හෙළි වී තිබෙනවා. පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද අනුරුවක් අධ්‍යනය සිදුකල පර්යේෂක කණ්ඩායම භාවිත කර ඇති අතර, එය චන්ද්‍රිකා දත්ත සමඟ සංසන්දනය කිරීමෙන් වසරකට New York නගරය ගිලා බසින ප්‍රමාණය ගණනය කළ බවයි පැවසෙන්නේ. එහිදී, ඇතැම් ප්‍රදේශ  වසරකට මිලිමීටර 4.5 කින් ගිලා බසින බව තව දුරටත් සනාථ කර ගැනීමට පර්යේෂකයන් සමත්ව තිබෙනවා.

මෙසේ New York නගරය ගිලා බැසීමට නගරය පුරා ඉදිකර ඇති ගොඩනැගිලි වල බර සහ මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස හේතු වී ඇතැයි අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් පෙන්වා දී තිබේ.  පර්යේෂකයන් තවත් නගර 99 ක දත්ත අධ්‍යනය කර ඇති අතර එහිදී මෙය New York නගරය පමණක් මුහුණ දෙන ගැටළුවක් නොවන බවත්, ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ඉතාමත් වේගයෙන් ගිලා බසින නගරයක් වන නිසාම නව අග නගරයක් ඉදිකිරීමට අවධානය යොමු කර ඇති බවත් පර්යේෂකයන් පෙන්වා දී ඇත.

New York නගරයේ මුහුදු මට්ටම දෙගුණයකින් ඉහළ යාමත් වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් New York නගරය ගිලා බැසීමත් හේතුවෙන් අනාගතයේදී New York නගරයට දේශගුණික විපර්යාස වලට මුහුණ දීමේදී ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පර්යේෂක කණ්ඩායම පෙන්වා දී තිබේ. මීට පෙර 2022 වසර සිදුකල අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ ලෝකයේ වැඩිම ජනතාවක් ජීවත්වන වෙරළබඩ නගර 48 න් 44 කම මුහුදු මට්ටම ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් ගිලා බසින ප්‍රදේශ තිබෙන බව හෙළි වී තිබෙන බව පර්යේෂක කණ්ඩායම සඳහන් කර ඇත.

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you