NewsNew Mayor of Colombo කොළඹ පුරපතිනිය රාජකාරී අරඹයි

New Mayor of Colombo කොළඹ පුරපතිනිය රාජකාරී අරඹයි

-

spot_img

New Mayor of Colombo – කොළඹ නගරයේ ජීවත්වන ජනතාවට ආලෝකයක් ලබාදීමත්, නගරයට යන එන ජනතාවට එය කාර්යක්ෂම නගරයක් බවට පත් කිරීමේ වගකීමත් කොළඹ මහ නගර සභාව වෙත පැවරී ඇති බව කොළඹ නව නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් පවසනවා.

ලංකාවේ ධනවත්ම නගරය කොළඹ වුවත්, එහි අඳුරු පැතිකඩ මේ වනවිට කොළඹ වෙලාගෙන ඇති බවත්, අක්‍රමවත් ව්‍යාපෘති හේතුවෙන් කොළඹ විශාල ගැටලු රැසක් ඇතිව තිබෙන බවත්, ඒ සියල්ලට විසඳුම් ලබාදිය යුතු බවයි ඊයේ (18) නගරාධිපති තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථා‍වට එක්වෙමින් ඇය සඳහන් කළේ.

කොළඹ නගරය ලෝකයේ දියුණුතම නගරයක ගුණාංගවලින් සංවර්ධනය කිරීමට සිදුවන බවද, ඩිජිටල්කරණය හරහා සේවා කාර්යක්ෂම කිරීමට හා මහජන බදු මුදල් නාස්තිය අවම කිරීමට බලාපොරොත්තු වන බවද ඇය ප්‍රකාශ කළා.

කොළඹ නගර සභාවේ පාලනය සිදුවිය යුත්තේ ජනතාව කේන්ද්‍ර කර ගනිමින් බවත්, සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත්, එයට සහයෝගය ලබාදෙන ලෙසත් ඇය ඉල්ලා සිටියා.

දියුණු, තිරසාර, ප්‍රජා මූලික සමාජයක් නිර්මාණය කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලබාදෙන ලෙසයි කොළඹ නව නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you