ArtMultiple Personality Disorder බහු පෞරුෂ ආබාධය මානසික රෝගයක්

Multiple Personality Disorder බහු පෞරුෂ ආබාධය මානසික රෝගයක්

-

spot_img

Multiple Personality Disorder බහු පෞරුෂ ආබාධය මානසික රෝගයක්

වයස අවුරුදු තිහට ආසන්න වුනු ඈෂ්ලි පැටර්සන් බොහොම සියුමැලි කාන්තාවක්. ලැජ්ජාශීලී,නිහඬ චරිතයක් වුණු මේ රූමතිය ජීවත්වුනේ තනිවම. ඈෂ්ලි ගේ පියා රටේ කීර්තිමත් වෛද්‍යවරයෙක්. ටෝනි ප්‍රෙස්කොට් සරාගී යුවතියක්. විලාසිතා ,සාදවලට ප්‍රිය වූ ටෝනිට මිතුරු මිතුරියන් රැසක් හිටියා. ටෝනි ට පුලුවන් ලස්සනට ගීත ගායනා කරන්න . අලෙත් පීටර්ස් කියන්නෙ ටෝනිගේ මිතුරියක්. අලෙත් චිත්‍ර අඳින්න හරිම දක්ෂයි. ඇය සමාජශීලී නැහැ. ටෝනි සහ අලෙත් ඈෂ්ලිව දන්නවා. නමුත් ඈෂ්ලි නම් මේ දෙන්නව හඳුනන්නේ නැහැ . ටෝනි ප්‍රෙස්කොට් ට ඈෂ්ලි ව පෙන්නන්න බැහැ. ඈෂ්ලි හරිම නීරස චරිතයක් කියලයි ටෝනි හිතන්නෙ. ඇය මොන දේකට ඔයතරම් පරෙස්සම් වෙනවද මන්දා.?

Multiple Personality Disorder

කවුරුහරි තමන්ව ලුහුබඳිනවා වැනි සිතිවිල්ලක් නිතර නිතරම ඈෂ්ලිට දැනෙනවා. ඒ සිතිවිල්ල හරි පීඩාකාරියි. ඇත්තටම ඇයගෙ නවාතැනට කවුරුන් හෝ ඇය නොමැති වෙලාවක පැමිණි බවට සළකුණු ඇයට හමුවෙනවා . මේ අතරෙදි තමයි ඇයට ආරාධනාවක් ලැබෙන්නෙ. ඒ ඇගේ පාසල් මිතුරු මිතුරියන්ගෙන්. පාසල් මිතුරු හමුවක් සඳහා . ඉතිං ඇය එයට සහභාගි වීමට තමන්ගෙ උපන් නගරය බලා පිටත්වෙනවා. අවුරුදු දහයකින්ම ඇය එහි ගොස් නැහැ . මිතුරු හමුව ප්‍රීතිමත්. ඇගේ යහළු යෙහෙළියන් හැමෝම එහි පැමිණ සිටියා, එක් අයෙක් හැර. ඇත්තටම කෝ ඔහු? ඈෂ්ලි ගේ පාසල් පෙම්වතා ජිම් විතරක් එහි සිටියෙ නැහැ . ඇය ඒ ගැන විපරම් කරනවා. ඔහු ගැන තොරතුරු පවසන්නෙ ඈෂ්ලි ගේ මිතුරියක් විසින්. දන්නවද,ඈෂ්ලි ඇගේ පියා එක්ක මේ නගරය හැරගිය දිනයේ ජිම්ගේ නිවස තුළ තිබී ඔහුගේ මළසිරුර හමුවුනා. ඔහුව මරාදැමුවේ කවුද කියන එක තවමත් අබිරහසක්. ඒ කතාව ඇහුවම ඈෂ්ලි හරිම කම්පාවට පත් වෙනවා. කවුද ජිම්ව මරා දැමුවේ?

ඩෙනිස් ,ඈෂ්ලි ගෙ කාර්යාලීය සගයෙක්. එච්චර හොඳ පුද්ගලයෙක් නෙමේ. ඔහු ඈෂ්ලි ගැන හරිම උනන්දු වෙනවා. දිනක් ඈෂ්ලි ඔහු සමගින් යන හැටි ටෝනි හා අලෙත් බලා ඉන්නවා. ඈෂ්ලි කොච්චර මෝඩද? ඩෙනිස් වගේ මිනිහෙක් එක්ක ඇවිදින්න යන්න? ටෝනි හා අලෙත් එහෙම කතාවෙනවා. දින කිහිපයකට පසුව ඈෂ්ලිට ආරංචියක් එනවා. ඩෙනිස් ගෙ මළසිරුර හමුවෙලා. ඔහුගෙ නවාතැනේදිම. ඈෂ්ලිට නිතර අමුතු අමුතු සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඇගේ බැංකු කාඩ්පතෙන් කවුද මුදල් අරගෙන වැනි සිද්ධීන්. මේ තරම් තමන්ගෙ පෞද්ගලිකත්වය දන්නෙ කවුද? හොඳටම බියපත් වෙන ඈෂ්ලි ආරක්ෂාව සඳහා මස් කපන පිහියක් ගෙන එය තමාගේ නිදන කාමරයේ තබාගන්නවා. මොකද මේ අසරණ තරුණිය ජීවත්වන්නේ තනිවමයි. නවාතැනේ දී මුහුණ පාන්නට වූ සිදුවීමක් නිසා හොඳටම බියපත් වෙන ඈෂ්ලි ඒ ගැන පොලිසියට පවසනවා. පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඇගේ ආරක්ෂාව සඳහා සෑම් නම් නිලධාරියාව ඈෂ්ලි ගේ නවාතැනට එවනවා. එදින රාත්‍රිය ඔහු ඉන්නේ ඇගේ නවාතැනේ. ඔහු විසිත්ත කාමරයේ සිටියදී,ඈෂ්ලි නින්දට යන්නේ සැනසීමෙන්. පසුදා උදෑසන ඈෂ්ලි ගේ නිවස අසල තිබී පොලිස් නිලධාරී සෑම් ගේ නිරුවත් මළසිරුර හමුවෙනවා.

 Multiple Personality Disorder

එකම ක්‍රමයකට,බිහිසුණු අයුරින් පිරිමින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ වරදට නවාතැනේදිම හමුවූ සාක්ෂි සමගින්,ඈෂ්ලි පැටර්සන් පොලිස් අත් අඩංගුවට පත්වෙනවා. මේ මොකක්ද සිදුවුනේ කියාවත් සිතා ගැනුමට බැරි අයුරින් ඇය කම්පාවට පත්වෙනවා. තමන් කොහොමද මිනිස්සු පස්දෙනෙක් මැරුවේ? ඒක කවදාවත් වෙන්න බැහැ. මේ අතර ඔවුන් මහ අමුතුම දෙයක් හොයාගන්නවා. එනම්,ඈෂ්ලි පැටර්සන් ,ටෝනි ප්‍රෙස්කොට් හා අලෙත් පීටර්ස් තිදෙනෙකු නොව එක් අයෙකුම බවයි. සියවසේ සිදුවූ අමුතුම නඩු විභාගයෙන් අනතුරුව Multiple Personality Disorder හෙවත් බහු පෞරුෂ ආබාධය නම් මානසික ආබාධයෙන් පෙලෙන්නියක් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ඈෂ්ලි පැටර්සන් දිගු කාලීන ප්‍රතිකාර ලබා දීම සඳහා මානසික රෝහලක් වෙත යොමු කරනවා. දක්ෂ වෛද්‍යවරු කිහිප දෙනෙකුගේ අසීමිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් වසර පහකට පසුව ඈෂ්ලි පැටර්සන් සම්පූර්ණ සුවය ලබනවා.
ඈෂ්ලි වගේ අහිංසක යුවතියක් කොහොමද මේ තත්වයට පත් වුනේ? ඇගේ කුඩා කාලය කොහොම එකක් වෙන්නට ඇතිද? ඇගේ වෛද්‍ය පියා කොහොම අයෙක්ද? ඇගේ ඒ සම්පූර්ණ කතාවම ඇය වෛද්‍යවරුන් සමග
ක්‍රමක්‍රමයෙන් පවසනවා.

සමහරවිට දරුණු අපරාධකරුවෙකු අතේ කිසිම වරදක් නැති වෙන්න පුලුවන්. ඔවුන්ව ඒ තත්වයට පත් කලේ සමාජය වෙන්න පුලුවන්. පවුල් පරිසරය ඔවුන්ව ඒ තත්වයට පත් කළා වෙන්නට පුළුවන්. පුංචි ගැහැණු දරුවෙක් කියන්නේ කොයි තරම් නම් පරිස්සමින් රැක බලා ගත යුතු වස්තුවක් ද කියලා මේ කතාව කියෙව්වට පස්සෙ ඔබට වැටහේවි. සත්‍ය වෛද්‍ය අත්දැකීම් ඇසුරින් සුප්‍රසිද්ධ අමෙරිකානු ලේඛක Sidney Sheldon විසින් රචිත
Tell Me Your Dreams කෘතියේ පරිවර්තනය “සොරාගත් මතක” ලෙසින් සිංහලට හරවා ඇත්තේ කෝශලී සිරිචන්ද්‍ර විසින් .ඇගේ පරිවර්තනය විශිෂ්ට එකක් බව කිව යුතුමයි.

 Multiple Personality Disorder

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

තේ වෙලාවට චොක්ලට් ස්විස් රෝල්

තේ වෙලාවට - Chocolate Swiss Roll තේ වෙලාවට ගැළපෙනම දෙයක් තමයි ස්විස් රෝල් කියන්නෙ. රසම රස චොක්ලට් ස්විස් රෝල් එකක්...

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you