ArtBegin Again ප්‍රේමණීය ගැහැණුන්ට ආදර්ශයක් සහ ආදරය ගැන පාඩමක්

Begin Again ප්‍රේමණීය ගැහැණුන්ට ආදර්ශයක් සහ ආදරය ගැන පාඩමක්

-

spot_img

Begin Again ප්‍රේමණීය ගැහැණුන්ට ආදර්ශයක් සහ ආදරය ගැන පාඩමක්.

නිව්යෝක්වාසී Dan සංගීතයට පෙම් බඳින්නෙක්. සංගීත ක්ෂේත්‍රයේ රැකියාව කළ ඔහුගේ රැකියාව අහිමි වී තිබුණා. බිරිඳගෙන් හා නව යොවුන් දියණියගෙන් වෙන් වී ජීවත් වූ Dan මත්පැන් පානයට ඇබ්බැහි වී සිටියා. ඔහුගේ ජීවිතයට අරමුණක් තිබුනේ නැහැ.

Gretta,තරුණ ගීත රචිකාවියක්. රොමෑන්ටික් කෙල්ලෙක් වූ ඈ ස්වාධීන අයෙක්. Dan සහ Gretta අතර ප්‍රථම මුණගැහීම සිදුවන්නේ අවන්හලකදී. Gretta අමුත්තන් සඳහා ගීත ගායනා කරමින් ඉන්නවා. ඇගේ ගායනයට වශී වෙන Dan ඇය හා කතාබහ අරඹනවා. ඒ ඔවුන්ට එක්ව වැඩ කරන්නට හැකිදැයි අසමින්. තරමක් සිතා බැලීමෙන් අනතුරුව ඇය ඔහුගේ අදහසට එකඟ වෙනවා.

Begin Again

ඔවුන්ගේ බලාපොරොත්තුව ගීත ඇල්බමයක් නිකුත් කිරීම. Dan සහ Gretta ඒ සඳහා මහන්සිවී වැඩ කරනවා. විවිධ අය හමුවෙමින්,මිතුරු මිතුරියන්ගෙන් උපකාර ගනිමින්,නගරයේ විවිධ ස්ථානයන්හී ගීත ගායනා කරමින්.
Dan සහ Gretta ගේ බැඳීම අපූරුයි. ඔහු නැවතත් ඔහුගේ පවුල හා එක් වෙනවාට ඇය කැමතියි. ඒත් ඔහුට ඔවුන් වෙත යන්නට බැරි හේතුත් තියෙන්නට ඇති. Gretta සහ Dan ගේ දියණිය Violet හිතවතියන් වන්නේ හරිම ඉක්මනින්.

මේ කිවිඳියගේ ජීවිතය තුළ ආදරය නැද්ද? තිබුණා.එය අතීතයට අයත් දෙයක්. ඇගේ පෙර පෙම්වතා Dave. ගායකයෙක්. රසික ආකර්ෂණය හිමිකරගත් අයෙක්. Gretta ඔහුට අසීමිතව ආදරය කළා. ඒ නිසාම ඔහුගේ සුළු වෙනසක් පවා ඇයට දැනුනා. Dave තමා සිටියදීම වෙන කාන්තාවක් හා සබඳකමක් අරඹා ඇතිවග දැනගත් ඈ ඔහුව අත්හැර ආවා. ප්‍රේමය අත්හැරීම අසීරු දෙයක්. දරාගැනීමට නොහැකි වේදනාවක්. නමුත් ඈ ඒ වේදනාව තනිව දරාගත්තා. සංගීතය ඇයට සැනසුමක් වෙන්න ඇති.

Begin Again

Dan, Gretta ඔවුන්ගේ හිතවතුන් ගීත ඇල්බමය වෙනුවෙන් වෙහෙසෙන අතරතුර Gretta ට දුරකථන පණිවිඩයක් ලැබෙනවා. ඒ ඇමතුම Dave ගෙන්. ඔහු දැන් වෘත්තිය වශයෙන් පෙරට වඩා සාර්ථකයි. හැකිනම් තමා හමුවෙන්න යැයි ඔහු ඇගෙන් ඉල්ලා සිටිනවා. කතාවෙ ඉදිරියට මොකද වෙන්නෙ? ගීත ඇල්බමයේ කටයුතු සාර්ථක වෙයිද? Dan නැවතත් පවුලේ අය හා එකතු වෙයිද? Dave සහ Gretta ගේ කතාව ආයෙමත් පටන් ගනියි ද?                  Begin again,සංගීතය පිරුණු හරිම සොඳුරු අත්දැකීමක්. ජීවිතය අත්නොහැර,නව බලාපොරොත්තු සමගින් ආයෙමත් ඇරඹිය යුතු වග කියාදෙන කතාවක්. ආදරය ගැන පාඩමක්. Gretta ගේ ස්වාධීන බව ඇගේ ප්‍රේමණීය බවටත් වඩා හිතට දැනෙනවා. මං හිතන්නෙ ඇගේ චරිත ස්වභාවය ප්‍රේමණීය ගැහැණුන්ට ආදර්ශයක් සහ පණිවිඩයක්. කඩවසම් Mark Ruffalo,සුන්දර Keira Nightly සහ ගායක Adam Levine ගේ රංගනයෙන් Begin Again හැඩ වී තිබෙනවා.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you