ArtBegin Again ප්‍රේමණීය ගැහැණුන්ට ආදර්ශයක් සහ ආදරය ගැන පාඩමක්

Begin Again ප්‍රේමණීය ගැහැණුන්ට ආදර්ශයක් සහ ආදරය ගැන පාඩමක්

-

spot_img

Begin Again ප්‍රේමණීය ගැහැණුන්ට ආදර්ශයක් සහ ආදරය ගැන පාඩමක්.

නිව්යෝක්වාසී Dan සංගීතයට පෙම් බඳින්නෙක්. සංගීත ක්ෂේත්‍රයේ රැකියාව කළ ඔහුගේ රැකියාව අහිමි වී තිබුණා. බිරිඳගෙන් හා නව යොවුන් දියණියගෙන් වෙන් වී ජීවත් වූ Dan මත්පැන් පානයට ඇබ්බැහි වී සිටියා. ඔහුගේ ජීවිතයට අරමුණක් තිබුනේ නැහැ.

Gretta,තරුණ ගීත රචිකාවියක්. රොමෑන්ටික් කෙල්ලෙක් වූ ඈ ස්වාධීන අයෙක්. Dan සහ Gretta අතර ප්‍රථම මුණගැහීම සිදුවන්නේ අවන්හලකදී. Gretta අමුත්තන් සඳහා ගීත ගායනා කරමින් ඉන්නවා. ඇගේ ගායනයට වශී වෙන Dan ඇය හා කතාබහ අරඹනවා. ඒ ඔවුන්ට එක්ව වැඩ කරන්නට හැකිදැයි අසමින්. තරමක් සිතා බැලීමෙන් අනතුරුව ඇය ඔහුගේ අදහසට එකඟ වෙනවා.

Begin Again

ඔවුන්ගේ බලාපොරොත්තුව ගීත ඇල්බමයක් නිකුත් කිරීම. Dan සහ Gretta ඒ සඳහා මහන්සිවී වැඩ කරනවා. විවිධ අය හමුවෙමින්,මිතුරු මිතුරියන්ගෙන් උපකාර ගනිමින්,නගරයේ විවිධ ස්ථානයන්හී ගීත ගායනා කරමින්.
Dan සහ Gretta ගේ බැඳීම අපූරුයි. ඔහු නැවතත් ඔහුගේ පවුල හා එක් වෙනවාට ඇය කැමතියි. ඒත් ඔහුට ඔවුන් වෙත යන්නට බැරි හේතුත් තියෙන්නට ඇති. Gretta සහ Dan ගේ දියණිය Violet හිතවතියන් වන්නේ හරිම ඉක්මනින්.

මේ කිවිඳියගේ ජීවිතය තුළ ආදරය නැද්ද? තිබුණා.එය අතීතයට අයත් දෙයක්. ඇගේ පෙර පෙම්වතා Dave. ගායකයෙක්. රසික ආකර්ෂණය හිමිකරගත් අයෙක්. Gretta ඔහුට අසීමිතව ආදරය කළා. ඒ නිසාම ඔහුගේ සුළු වෙනසක් පවා ඇයට දැනුනා. Dave තමා සිටියදීම වෙන කාන්තාවක් හා සබඳකමක් අරඹා ඇතිවග දැනගත් ඈ ඔහුව අත්හැර ආවා. ප්‍රේමය අත්හැරීම අසීරු දෙයක්. දරාගැනීමට නොහැකි වේදනාවක්. නමුත් ඈ ඒ වේදනාව තනිව දරාගත්තා. සංගීතය ඇයට සැනසුමක් වෙන්න ඇති.

Begin Again

Dan, Gretta ඔවුන්ගේ හිතවතුන් ගීත ඇල්බමය වෙනුවෙන් වෙහෙසෙන අතරතුර Gretta ට දුරකථන පණිවිඩයක් ලැබෙනවා. ඒ ඇමතුම Dave ගෙන්. ඔහු දැන් වෘත්තිය වශයෙන් පෙරට වඩා සාර්ථකයි. හැකිනම් තමා හමුවෙන්න යැයි ඔහු ඇගෙන් ඉල්ලා සිටිනවා. කතාවෙ ඉදිරියට මොකද වෙන්නෙ? ගීත ඇල්බමයේ කටයුතු සාර්ථක වෙයිද? Dan නැවතත් පවුලේ අය හා එකතු වෙයිද? Dave සහ Gretta ගේ කතාව ආයෙමත් පටන් ගනියි ද?                  Begin again,සංගීතය පිරුණු හරිම සොඳුරු අත්දැකීමක්. ජීවිතය අත්නොහැර,නව බලාපොරොත්තු සමගින් ආයෙමත් ඇරඹිය යුතු වග කියාදෙන කතාවක්. ආදරය ගැන පාඩමක්. Gretta ගේ ස්වාධීන බව ඇගේ ප්‍රේමණීය බවටත් වඩා හිතට දැනෙනවා. මං හිතන්නෙ ඇගේ චරිත ස්වභාවය ප්‍රේමණීය ගැහැණුන්ට ආදර්ශයක් සහ පණිවිඩයක්. කඩවසම් Mark Ruffalo,සුන්දර Keira Nightly සහ ගායක Adam Levine ගේ රංගනයෙන් Begin Again හැඩ වී තිබෙනවා.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you