InterviewsMia Goth එයා කැමති බය හිතෙන ෆිල්ම් වලට

Mia Goth එයා කැමති බය හිතෙන ෆිල්ම් වලට

-

spot_img

Mia Goth – නිරූපිකාවක් ලෙසින් සිනමාවට පිවිසි ඇය බොහෝවිට දක්නට ලැබුනේ ත්‍රාසජනක චිත්‍රපට තුළින්. X චිත්‍රපට මාලාව ඇයට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කර දුන්නා. Mia Goth මීළඟට Christopher Nolan ගේ Odyssey චිත්‍රපටයෙන් සග Guillermo Del Toro ගේ Frankenstein චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එනු ඇත.

• X චිත්‍රපට මාලාව කාල පරිච්ඡේද තුනකට අයත්. 1970,1980 සහ 1920. ඔයා ආසම මොන කාලයටද?
1920 ට. Pearl ගෙ චරිතයට කැමතියි. රූගත කිරීම්වලින් ආසම අත්දැකීමක් තමයි ඒ.

Mia Goth

• අපි අවසාන වතාවට කතාකළ වෙලාවෙ ඔයා කිව්ව ත්‍රාසජනක චිත්‍රපටවලට ඔයා ඒ තරම් කැමති නැහැ කියලා. ඒක තවමත් එහෙමද?
අමතක නොවෙන රඟපෑම් තියෙන ත්‍රාසජනක කතාවලට මම ඇත්තටම කැමතියි. The Shining චිත්‍රපටයේ Shelly Duvall, Carrie චිත්‍රපටයේ Sissy Spacek, Rosmary’s Baby චිත්‍රපටයේ Mia Farrow වගේ. නමුත් අද කාලේ ඒ වගේ රඟපෑම් එච්චර අගය කරන්නෙ නැහැ. මම දන්නෑ ඒ ඇයි කියලා. මොකද ඒවා අපූරුම රංගනයන්.
• ඔබේ මුල්ම ත්‍රාසජනක චිත්‍රපටය Suspiria. ඔබ එයට කැමති වුණාද?
අනිවාර්යයෙන්ම. මම එයට ආදරේ වුණා. ඒක හරිම fun!
• Guillermo Del Toro එක්ක වැඩ කිරීම මොනවගේ අත්දැකීමක්ද?
එය විශිෂ්ට අත්දැකීමක්. අපි ටොරෙන්ටෝ වලින් පටන් අරන් ස්කොට්ලන්තයට, එංගලන්තයට, මාලිගාවල, කඳු මුදුන්වල රූගත කිරීම් කළා. මට ඕන හැම අත්දැකීමක්ම එය තුළ තිබුණා. මම කවදාවත් විධිමත්ව රංගනය හදාරලා නෑ. නාට්‍ය පාසලකට ගිහින් නෑ. ඒ නිසා මේක වටිනා අත්දැකීමක් වුණා. සැබෑම ඉගැනීමක්. එය මට ලොකු දැනුමක් ලබා දුන්නා.

Mia Goth

• ඔයාව තරහ ගස්සන අනිත් අයගෙ හැසිරීම් මොනවද?
ගෙදරකට ඇතුල්වෙනවනම් අනිවාර්යයෙන් සපත්තු ගලවලා යන්න. මොකද ඔයා පොදු ස්ථානවල, දුම්රිය නැවතුම්, වැසිකිළි, වීදියේ පය තියලා ඒ සපත්තු එක්ක ගෙයක් ඇතුළට එන එක නරක පුරුද්දක්.
•කැමතිම රියැලිටි වැඩසටහන?
The Great British Bake Off. මම ඒකට ගොඩාක් කැමතියි. මම ලොස් ඇන්ජලීස්වල ජීවත්වෙන නිසා ඒ වැඩසටහන බලනකොට මට නිතරම ලන්ඩන්වල මගේ ගෙදර මතක් වෙනවා. එය උණුසුම් වැළඳගැනීමක් වගේ අත්දැකීමක්. මම කෑම හදන්න ඉගෙන ගන්නවා. එයාල හදන දේවල් කලා කෘති වගේ. පළමු වතාවට මම Apple Crumble එකක් හැදුවා. හොඳටම ආවෙ නැහැ. ඒත් ඒක හොඳට තිබුණා.

• ඔයා ඔයාගෙ දුවට මොන වගේ ෆිල්ම්ද පෙන්නන්නෙ?
එයා ජුරාසික් පාක් එකට ආදරෙයි. බය හිතෙන ෆිල්ම් බලන්නත් එයා කැමතියි. එයා කියනව “ඇත්තටම බය හිතෙන එකක් ඕනෙ අම්මා” කියලා.

 

• ඔයා පූසෙක් වගේද? බල්ලෙක් වගේද?
බල්ලෙක් වගේ. මම ජීවයෙන් පිරිලා. මම මිනිස්සුන්ව බල්ලෙක් තරම් ආදරෙන් පිළිගන්නවා. රත්තරන් පාට Doodle කෙනෙක් වගේ.
W Magazine ඇසුරිනි –

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you