More
    InterviewsKaran Tacker මට කවදාවත් මම සම්පූර්ණයි කියලා දැනෙන්නෙ නෑ

    Karan Tacker මට කවදාවත් මම සම්පූර්ණයි කියලා දැනෙන්නෙ නෑ

    -

    spot_img

    Karan Tacker ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප සිනමාවට වඩා පුංචි තිරය ඔස්සේයි. අතිශය ජනප්‍රිය ඉන්දියානු රූපවාහිනී කතා මාලා කිහිපයකටම ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා. ත්‍රාසජනක කතා පුවතක් රැගත් Special OPS කතා මාලාව ඒ අතරින් සුවිශේෂයි. මෙහි Season 2 ජුලි මස 18 වැනිදා නිකුත් වූ අතර මේ ඒ පිළිබඳව Karan Tacker සමග සිදුකල කතාබහක්.

    • කොහොමද Special OPS 2 සඳහා ලැබෙන ප්‍රතිචාර?
    ඉහළයි. ඒක හරිම උණුසුම් හැඟීමක්. අපේ කණ්ඩායම රසිකයින්ට ස්තුති කරලා වීඩියෝ එකකුත් කළා. Instagram වල එහෙම ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා. මිනිස්සු මොනතරම් ඒ ගැන උනන්දුද කියලා ඒ ප්‍රතිචාර වලින් තේරෙනවා. ඒක අපිට සහනයක්. කැපවෙලා වැඩකළාම දැනෙන්නෙ සටනක් ජයග්‍රහණය කළා වගේ.

    Karan Tacker

    • Neeraj Pandey එක්ක ආයෙමත් වැඩ කරන්න ලැබීම කොහොමද?
    ඔහුත් එක්ක වැඩ කරන්න ලැබීම ගෙදර ඉන්නව වගේ හැඟීමක්. මේ මම ඔහු සමග වැඩ කරන තුන්වෙනි වතාව. ඔහු අධ්‍යක්ෂණය කරන හැම වැඩසටහනක්ම හොඳ අත්දැකීමක්. මොකද ඔහුට පැහැදිලි දැක්මක් තිබෙනවා. ඒක නළුවෙක් ලෙස පහසුබවක් ගෙනත් දෙනව. නැවක කපිතාන් හැමදෙයක්ම දැනගත්තම අපිට එයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා වගේ. ඇත්තෙන්ම මම ඔහුගේ වැඩ රසවිඳිනවා.
    • Kay Kay Menon එක්ක ගොඩක් රඟපාන්න ලැබුණෙ නැහැ නේද?
    ඔව්. ඒක ඇත්ත. ඔහු මොනතරම් අපූරු පුද්ගලයෙක්ද කියලා මම හිතනවා. කේ කේ සර් එක්ක මට ගොඩක් වැඩ කරන්න වුණේ නැහැ. පළමු කතාමාලාවේ අපි එකට රඟපෑවෙ එක දර්ශනයක විතරයි. නමුත් හැමදේම සාර්ථකව කිරීම වෙනුවෙන් අධ්‍යක්ෂකට ස්තුතිවන්ත වෙන්න ඕනෙ.

    Karan Tacker

    • Season 1 සිට Season 2 දක්වා නළුවෙක් ලෙස ඔබේ පරිණාමය මොනවගේද?
    මම කැමතියි මම වඩාත් පරිණත වෙලා කියන්න. අපේ ඉලක්කය ඒකනේ. කැමරාව ඉදිරියේ කල් ගත කරද්දි ඔබේ ශිල්පය වැඩිපුර ඉගෙන ගන්නවා. ඕනම කලාවක් පුහුණු වෙන තරමට ඔබ එහි දක්ෂයෙක්. මට තව දිගු ගමනක් තියෙනවා. මට ලැබී තියෙන දේවල් විශිෂ්ටයි කියලා මම දන්නවා. මගේ ප්‍රේක්ෂක යනුත් මා ගැන දන්නවා ඇති.
    • ඔත්තුකාරයා සහ පොලිසිය යන චරිත දෙකම ඔබ රඟපෑවා. වැඩිපුරම කැමති කාටද?
    දෙකටම කැමතියි. ඒ දෙන්නටම තමන්ට හරියන ගැටළු අභියෝග තිබුණා. ඒ නිසා එකක් අනෙකට වඩා හොඳයි කියන්න අමාරුයි.
    • ඔබ මේ ගමන පටන් ගත්තෙ රූපවාහිනියෙන්. මොකද හිතෙන්නෙ ඔබ ආව මේ ගමන ගැන?
    මට කවදාවත් මම සම්පූර්ණයි කියලා දැනෙන්නෙ නෑ. මම මහන්සිවෙලා වැඩ කරනවා. මට එන්න ඕනෙ තැනට එන්න කැපවෙලා වැඩ කරනවා. මගේ හීනය විශාලයි. ඒ නිසා මම සම්පූර්ණයි කියන්න තව ගොඩාක් කල් තියෙනවා.

    Karan Tacker

    • ඔයාගෙ Turning Point එක මොකක්ද?
    එකක් තෝරාගැනීම අමාරුයි. සෑම පියවරක්ම වැදගත්. Bhay: The Gaurav Tiwari Story ඊළඟ විශාලම පියවර වෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
    • Bhay ත්‍රාසජනක අත්භූත කතාවක්. ඔබ කොහොමද එයට සම්බන්ධ වුණේ?
    සැබෑ පුද්ගලයෙකු සම්බන්ධ කතාවක් වීම. නළුවෙක් වෙන්න මුම්බායි එන ඊට පස්සෙ ගුවන් නියමුවෙක් වෙලා ඊටපස්සෙ පරීක්ෂකයෙක් වෙනවා. මේ කතාව මගේ සිත් ගත්තා. මම එයට ගොඩක් කැමතියි. ඒකෙ කුතුහලය නොඅඩුව තිබුණා.
    • ඔබ අත්භූත සිදුවීම් අත්විඳලා තියෙනවද?
    කිහිපයක් තියෙනවා. ඒ ගැන ඉදිරියේදි කියන්නම්.

    Karan Tacker

    • Bhay හැරුණම ඉදිරියේදි ඔබව දකින්න ලැබෙන්නෙ කොහොමද?
    මේ අවුරුද්ද Bhay තමයි. මම තව වැඩ කීපයක් කරමින් ඉන්නවා. නමුත් ඒ ගැන දැන්ම කතා කරන්න බෑ. 2026 හොඳ වසරක් වෙයි. මම ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
    • Special OPS season 3 ගැන ආරංචියක් නැතිද?
    ඒ ගැන කියන්න දන්නෙ නිෂ්පාදකයන් තමයි. මොකද, මොනතරම් කැමති උනත් මම ඒකට උත්තර කියන්න දන්නෙ නැහැ.
    Mathrubhumi ඇසුරිනි –

    Latest news

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...

    ඩේසිගේ නඩු කටයුතු සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටීම...
    - Advertisement -spot_img

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    ලෝක ටෙනිස් පිටියේ විශිෂ්ඨයා

    ලෝක ටෙනිස් පිටියේ විශිෂ්ඨයා - Carlos Alcaraz  වර්තමානයේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ ස්පාඤ්ඤ ක්‍රීඩක Carlos Alcaraz. 2003...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page